කෝ අර Pet Scan යන්ත්‍රය බන්..දැන් කොච්චර කල්ද

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෝ අර Pet Scan යන්ත්‍රය බන්..දැන් කොච්චර කල්ද


    කෝ බන් අර කොටි 20 උන Pet Scan යන්ත්‍රය ..කොටි 25ක් විතර එකතු උනා කිව්වා නේද.....දැන් මාස කීයක් උනාද ..තාම එක ගත්තේ නෑ නේද...ලෙඩ්ඩු කී දෙනෙක් මේ වෙනකන් දුක් විදින්න ඇතිද ...ඇයි එක තාම නැත්තේ ..?....රාජිතයා සල්ලි ටික අරගෙන රජයෙන් දෙනවා වගේ දෙන්න හදනවද දන්නේ නෑ ..
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඔව් බන් තාම නැනෙ...එ ගැන විස්තරයක් වත් දෙරණෙන් දැන් දාන්නෙත් නැ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙන්නන්න වෙලා යනව ඇති නෙ. කඩෙන් සල්ලි දීල පොල් ගෙඩියක් ගණන්ව වගේ නෙවේ නෙ. :oo:

    හැබැයි දැන් මාස දෙකක් විතර ගියා නෙ.
     
    ගෙන්නන්න වෙලා යනව ඇති නෙ. කඩෙන් සල්ලි දීල පොල් ගෙඩියක් ගණන්ව වගේ නෙවේ නෙ. :oo:

    හැබැයි දැන් මාස දෙකක් විතර ගියා නෙ.

    පේනව නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ හැටි. කේන්දරේ බලලා නාඩි අල්ලන්න පුරුදු ඇවිදින pet ස්කෑනර් එකක් දැම්ම නම් රටට ඔය සල්ලි ටික ඉතුරුයි නේ ආයිබොවන්ඩ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557400 said:
    පේනව නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ හැටි. කේන්දරේ බලලා නාඩි අල්ලන්න පුරුදු ඇවිදින pet ස්කෑනර් එකක් දැම්ම නම් රටට ඔය සල්ලි ටික ඉතුරුයි නේ ආයිබොවන්ඩ.

    ඇවිදින පෙට් ස්කෑනර් නැති හින්දනේ පිටින් ගෙන්නන්න වෙලා තියෙන්නෙ, රාළට වැඩේ පුළුවන් නං පිළිකා රෝහලට ගිහින් වැඩේ කරන්නකෝ. කටින් බතල කොළ හිටවල වැඩක් නෑ නෙ :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඇවිදින පෙට් ස්කෑනර් නැති හින්දනේ පිටින් ගෙන්නන්න වෙලා තියෙන්නෙ, රාළට වැඩේ පුළුවන් නං පිළිකා රෝහලට ගිහින් වැඩේ කරන්නකෝ. කටින් බතල කොළ හිටවල වැඩක් නෑ නෙ :D
    :rofl::rolleyes::rofl:
     
    ඇවිදින පෙට් ස්කෑනර් නැති හින්දනේ පිටින් ගෙන්නන්න වෙලා තියෙන්නෙ,
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කේන්දරේ බලලා නාඩි පරික්ෂාව කියන්නෙ ඔය PET ලබ්බට වඩා ප්‍රභලව ඒකටත් අහුනොවෙන ඒවා අල්ලන්න පුළුවන් ක්‍රමයක්. ඒක හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්ට තමා ඇවිදින pet ස්කෑනර් කියන්නේ. එහෙම අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ.
    රාළට වැඩේ පුළුවන් නං පිළිකා රෝහලට ගිහින් වැඩේ කරන්නකෝ. කටින් බතල කොළ හිටවල වැඩක් නෑ නෙ :D
    ඊට වඩා හොඳ නැද්ද දැනට වෘත්තීමය වශයෙන් පූර්ණ කාලීනව නිට්ටාවටම පිළිකා සුව කරන දේශීය වෛද්‍යවරු ගෙන්නලා පිළිකා සායනයක් කරන එක ? එක්කො දැනටමත් එහෙම සායන තියෙන ආයුර්වේද රෝගල් වලට අසරණ රෝගීන්ව යොමු කරන එක ? ඇයි මේ දැන දැනත් කීමෝම දීලා ලෙඩ්ඩුන්ට කෙළවන්නේ ? ඕකෙන් සුගතියක් අත්වෙලා තියෙන්නෙ ඉතා සීමිත පිරිසක් නේ. බහුතරයට කෙළ වෙනවනේ. ඉතිං ඒ අසරණයො ටික හරි තැනකට යොමු කරවීම විද්‍යාත්මක විද්‍යානුකූල නැද්ද ? කීමෝම දීල බහුතරයකට යන එන මං නැති කරවීම කොහොමද විද්‍යාත්මක විද්‍යානුකූල වෙන්නේ ?
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඉදිරියේ රාළ;20557400 said:
    පේනව නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ හැටි. කේන්දරේ බලලා නාඩි අල්ලන්න පුරුදු ඇවිදින pet ස්කෑනර් එකක් දැම්ම නම් රටට ඔය සල්ලි ටික ඉතුරුයි නේ ආයිබොවන්ඩ.

    tumblr_oburpzB2em1tlb56zo1_400.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඉදිරියේ රාළ;20557427 said:
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කේන්දරේ බලලා නාඩි පරික්ෂාව කියන්නෙ ඔය PET ලබ්බට වඩා ප්‍රභලව ඒකටත් අහුනොවෙන ඒවා අල්ලන්න පුළුවන් ක්‍රමයක්. ඒක හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්ට තමා ඇවිදින pet ස්කෑනර් කියන්නේ. එහෙම අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ. ඊට වඩා හොඳ නැද්ද දැනට වෘත්තීමය වශයෙන් පූර්ණ කාලීනව නිට්ටාවටම පිළිකා සුව කරන දේශීය වෛද්‍යවරු ගෙන්නලා පිළිකා සායනයක් කරන එක ? එක්කො දැනටමත් එහෙම සායන තියෙන ආයුර්වේද රෝගල් වලට අසරණ රෝගීන්ව යොමු කරන එක ? ඇයි මේ දැන දැනත් කීමෝම දීලා ලෙඩ්ඩුන්ට කෙළවන්නේ ? ඕකෙන් සුගතියක් අත්වෙලා තියෙන්නෙ ඉතා සීමිත පිරිසක් නේ. බහුතරයට කෙළ වෙනවනේ. ඉතිං ඒ අසරණයො ටික හරි තැනකට යොමු කරවීම විද්‍යාත්මක විද්‍යානුකූල නැද්ද ? කීමෝම දීල බහුතරයකට යන එන මං නැති කරවීම කොහොමද විද්‍යාත්මක විද්‍යානුකූල වෙන්නේ ?

    ඉතින් උබ ගිහින් මොකක් හරි කරපන්කෝ බන්. උදේ ඉදන් හවස් වෙනකන් මේකේ බටහිර ගැත්තෝ කිය කිය ඛෙරිහන් දෙන්නැතිව
     
    ඉතින් උබ ගිහින් මොකක් හරි කරපන්කෝ බන්. උදේ ඉදන් හවස් වෙනකන් මේකේ බටහිර ගැත්තෝ කිය කිය ඛෙරිහන් දෙන්නැතිව
    එව්වා කරන්න ගියාම රාජකාරියට බාධා කෙරුවයි කියල පොලීසියෙන් අල්ලගෙන යනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඉදිරියේ රාළ;20557440 said:
    එව්වා කරන්න ගියාම රාජකාරියට බාධා කෙරුවයි කියල පොලීසියෙන් අල්ලගෙන යනවා.

    :P:rolleyes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඉදිරියේ රාළ;20557400 said:
    පේනව නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවේ හැටි. කේන්දරේ බලලා නාඩි අල්ලන්න පුරුදු ඇවිදින pet ස්කෑනර් එකක් දැම්ම නම් රටට ඔය සල්ලි ටික ඉතුරුයි නේ ආයිබොවන්ඩ.

    ඔය විදියෙ ස්කෑනර් එකක් ඉන්නවා බුලත්කොහුපිටියෙ පැත්තෙ. මල්වානෙ නාඩි වෙද මහත්තයා කිව්වම ගොඩක් අය දන්නවා.අපේ පැත්තෙ එකෙක් ඇක්සිඩන්ට් වෙලා කොන්ද පන නැතිව හිටියා ඉස්පිරිතාලෙන් කිව්වෙ ස්නායු ඩැමෙජ්වෙලා කියලා.මාස ගානක් හිටියා ඇදේ උඩ බලාගෙන.ඔය කියන වෙද මහත්තයා තමයි හොද කලේ.දැන් නම් ඌ පුරුදු රස්සාව කරගෙන ඉන්නවා(මේසන් බාස් කෙනෙක්)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557427 said:
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි කේන්දරේ බලලා නාඩි පරික්ෂාව කියන්නෙ ඔය PET ලබ්බට වඩා ප්‍රභලව ඒකටත් අහුනොවෙන ඒවා අල්ලන්න පුළුවන් ක්‍රමයක්. ඒක හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්ට තමා ඇවිදින pet ස්කෑනර් කියන්නේ. එහෙම අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ.

    ඊට වඩා හොඳ නැද්ද දැනට වෘත්තීමය වශයෙන් පූර්ණ කාලීනව නිට්ටාවටම පිළිකා සුව කරන දේශීය වෛද්‍යවරු ගෙන්නලා පිළිකා සායනයක් කරන එක ? එක්කො දැනටමත් එහෙම සායන තියෙන ආයුර්වේද රෝගල් වලට අසරණ රෝගීන්ව යොමු කරන එක ? ඇයි මේ දැන දැනත් කීමෝම දීලා ලෙඩ්ඩුන්ට කෙළවන්නේ ? ඕකෙන් සුගතියක් අත්වෙලා තියෙන්නෙ ඉතා සීමිත පිරිසක් නේ. බහුතරයට කෙළ වෙනවනේ. ඉතිං ඒ අසරණයො ටික හරි තැනකට යොමු කරවීම විද්‍යාත්මක විද්‍යානුකූල නැද්ද ?

    ඉතින් ලෙඩ්ඩු බලෙන් පිළිකා රෝහලට සුදු වෑන් එකක දාගෙන ගිහින් ස්කෑන් කරන්නේ නෑ නෙ. ලෙඩ්ඩු එන හින්ද තමා එයාලට බෙහෙත් කරන්නේ. එතකොට ලෙඩ්ඩු ඔය කියන පිළිකා හොඳ කරනව කියල බෝඩ් ගහගෙන ඉන්න අය ගාවට නොගිහින් පිළිකා රෝහලට යන්නේ ඇයි ? මිනිස්සු විස්වාස කරනව ගමේ වෙදාට වඩා පිළිකා රෝහල හොඳයි කියල. ඒ විස්වාසේට හේතුව රාලල වගේ අයගේ නොහැකියාව තමා. එක්කෝ කට විතරයි වැඩ නෑ, එක්කෝ වැඩ පුළුවන් උනත් එක පිළිවෙලකට කරන්න දන්නේ නෑ. නැත්තන් වැඩ පුළුවන් උනත් එක මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට එලියට දාන්නෙ නෑ ගෙදර පෙට්ටගමේ තියන් ඉන්නව බෙහෙත් වට්ටෝරුව. ඔය අඩුපාඩු නැතිකරගන්නකන් මිනිස්සු පිළිකා රෝහලට යන එක වලක්වන්න බෑ.
     
    ඉතින් ලෙඩ්ඩු බලෙන් පිළිකා රෝහලට සුදු වෑන් එකක දාගෙන ගිහින් ස්කෑන් කරන්නේ නෑ නෙ. ලෙඩ්ඩු එන හින්ද තමා එයාලට බෙහෙත් කරන්නේ.
    පිළිකා රෝගලට ආපු පලියට ලෙඩ්ඩු බාරගන්නෙ නෑ. වෙනත් රෝගලකින් යොමු කෙරෙන්න ඕනා
    එතකොට ලෙඩ්ඩු ඔය කියන පිළිකා හොඳ කරනව කියල බෝඩ් ගහගෙන ඉන්න අය ගාවට නොගිහින් පිළිකා රෝහලට යන්නේ ඇයි ?
    ඒ එකට හේතුව උඩ ලියල තියෙනවා.
    මිනිස්සු විස්වාස කරනව ගමේ වෙදාට වඩා පිළිකා රෝහල හොඳයි කියල. ඒ විස්වාසේට හේතුව රාලල වගේ අයගේ නොහැකියාව තමා. එක්කෝ කට විතරයි වැඩ නෑ,
    එතකොට පිටරට සුද්දෝ පවා ලංකාවට ඇවිල්ලා උන්ගෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රම වලින් හොඳ කර ගන්න බැරි පිළිකා සිංහල දේශීය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල ආකාරයට නිට්ටාවටම සනීප කරගෙන වෙද්දුන්ට විතරක් නෙවෙයි වෙදා ඉන්න ගමටත් සළකලා යන්නෙ ඇයි ? එතන විශ්වාසය මොකක්ද එතකොට ?
    එක්කෝ වැඩ පුළුවන් උනත් එක පිළිවෙලකට කරන්න දන්නේ නෑ.
    එතකොට පිළිවෙලකට ලෙඩ්ඩු බහුතරයක් මරුකටට ඇද දැමිල්ලද විද්‍යානුකූල, විද්‍යාත්ම්ක හා නවීන ?
    නැත්තන් වැඩ පුළුවන් උනත් එක මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට එලියට දාන්නෙ නෑ ගෙදර පෙට්ටගමේ තියන් ඉන්නව බෙහෙත් වට්ටෝරුව.
    කියපංකො ඔය කතාව ඔය කීමෝ හදන එවුන්ටත් උන්ගෙ වට්ටෝරු එළියට දාන්න කියලා.
    ඔය අඩුපාඩු නැතිකරගන්නකන් මිනිස්සු පිළිකා රෝහලට යන එක වලක්වන්න බෑ.
    අනේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවත් අඩුපාඩු මොකවත් නෑනේ. සියල්ල අංගසම්පූර්ණයි නේ. ටහු***. :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557515 said:
    අනේ ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවත් අඩුපාඩු මොකවත් නෑනේ. සියල්ල අංගසම්පූර්ණයි නේ. ටහු***. :angry:
    [/SIZE]

    ඉතිං කවුද කිවේ බටහිර වෙදකම සර්ව සම්පුර්ණයි කියල, වෙදකමෙන් මිනිස්සු මැරෙනව ඕන තරන්. හැබැයි එහෙම වෙලත් මිනිස්සු රාලලාගේ වෙදකම නොකර ඕකට යන්නේ ඒ ක්‍රමේ රාලලාගේ ක්‍රමේට වඩා පිළිවෙලට සාර්ථකව කරන නිසා නෙ. රාලලත් සර්ව සම්පුර්න නං මිනිස්සුන්ට පිස්සු නෑ නෙ බලෙන් ගිහින් ආයු කාලේ අඩු කරගන්න. වැඩේ හරියට කරනවනං මිනිස්සු එයි. ආය මේ ෆෝරම් වල ත්‍රෙඩ් දම දම කෑ ගහන්න ඕනේ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557515 said:
    කියපංකො ඔය කතාව ඔය කීමෝ හදන එවුන්ටත් උන්ගෙ වට්ටෝරු එළියට දාන්න කියලා.
    උන් එලියට දාල තියෙන නිසානේ කොම්පැනි වලින් මැෂින් හදල විකුනන්න තියෙන්නේ. ලෝකේ කොහෙහරි කොනක හොයාගත්ත තාක්ශනේ අද ලංකාවේ ඉස්පිරිතාලවලටත් ඇවිල්ල තියෙන්නේ එක හින්දනේ. ඇමරිකාවේ එකෙක් හොයාගත්ත බෙහෙත් පෙත්ත ගමේ ෆාමසියේ තියෙන්නෙත් ඒ හින්දනේ. සල්ලි තියේ නං ගන්න පුළුවන්. රාලත් දන්න වට්ටෝරුවක් එලියට දාන්නකෝ ප්‍රතිපල තියේ නං පිටරට කොම්පැනි දුවගෙන එයි බෙහෙත හදන්න. ලංකාවේ විතරක් නෙවේ ලෝකෙටම බෙහෙත් විකුනල විදේශ විනිමය ගන්න පුළුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557515 said:
    එතකොට පිළිවෙලකට ලෙඩ්ඩු බහුතරයක් මරුකටට ඇද දැමිල්ලද විද්‍යානුකූල, විද්‍යාත්ම්ක හා නවීන ?

    මෙතන තියෙන්නේ මාකටින් වල ප්‍රශ්නයක් නෙ, විද්‍යාව ගැන ප්‍රශ්නයක් නෙවේ. හොඳට මාකටින් කරන මනුස්සය තමන්ගේ බෙහෙත විකුනනව. සුද්ද මාකටින් දන්නව රාළට වඩා. රාල බෙහෙත අතේ තියාගෙන මාකටින් නැතිකම නිසා බෙහෙත විකුණගන්න බැරුව මෙතන කෑ ගහනව. :D

    දැන් කිරි වලට වඩා කොකාකෝලා ජනප්‍රිය එකේ මාකටින් හොඳ නිසා, එතකොට කිරිකාරයෙක් මෙතන ත්‍රෙඩ් දාගෙන අනේ බලන්න අපේ කිරි කොච්චර ගුනද කොච්චර රසද බලන්න එත් මිනිස්සු කොකාකෝල නෙ වැඩිය බොන්නේ, අපේ ඒවා විකුණගන්න බෑ නෙ කියල කෑ ගහල වැඩක් නෑ. හරියට කිරි ටික බෝතල් කරල පැකට් කරල කඩේට දාල කිරිවල රසගුණ ගැන මාකටින් පාරක් දාන්න ඕනේ. නැතුව මිනිස්සු කිරිකාරය හොයාගෙන ගෙඅදරට යන්නේ නෑ කිරි ගන්න. බෙහෙත් ගැනත් එච්චර තමා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557515 said:
    පිළිකා රෝගලට ආපු පලියට ලෙඩ්ඩු බාරගන්නෙ නෑ. වෙනත් රෝගලකින් යොමු කෙරෙන්න ඕනා

    ඒ වෙන රෝහල කියන්නෙත් බටහිර වෙදකම කරන තැනක් නෙ. ඒ මනුස්සය ඉස්සෙල්ලම ඒඉස්පිරිතාලෙට යන්නේ බටහිර වෙදකම ගැන විස්වාසේ තියෙන නිසා. එතනින් කොහාට යොමු කරත් යන්නේ අර මුල් විස්වාසේ නිසා. කවුරුවත් බලෙන් බටහිර වෙදකම කරපන් කියල කියන්නේ නෑ නෙ.