යාපනේ පැත්තට විතරයි නේද බලපාන්නේ?
sinhala.adaderana.lk Logo
ජලයෙන් යටවීමේ අවධානම පවතින නිසා මන්නාරමේ සිට කංකසන්තුරේ දක්වා වන වෙරළ කළාපයට නිසා දැඩි හානී සිදු වීමේ හැකියාව පවතියි.
මන්නාරමේ සිට කංකසන්තුරේ දක්වා වන වෙරළ ආසන්නයේ මුහුදු ප්‍රදේශවල සිටින ජනතාවට වෙරළ ආසන්නයට නොගොස් වෙරළෙන් ඔබ්බට සිටීම ඉතාමත් වැදගත් වෙයි.
පවතින අවධානම හේතුවෙන් වෙරළ තීරය භාවිතා නොකිරීම ඉතාමත් වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ''ගජ ''සුළි කුණාටුව තවදුරටත් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහි බලපෑම හේතුවෙන් අද(15) සවස් කාලයේ සිට උතුරු පළාත ආශ්‍රිතව සුළගේ වේගය සහ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරණ බවයි.
''ගජ '' සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරේ සිට ආසන්න වශයෙන් කිලෝමිටර් 480ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව ඉදිරි පැය 06 තුළදී තවදුරටත් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.
අද පස්වරුව වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසනනයෙන් ගමන් කොට මෙම සුළි කුණාටුව තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇති.
Source : Derana news