මම කොන්දේසි විරහිතව විරුද්ධයි.
වෛද්‍යය විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ගබ්සාවට යනවයි කියන්නේ තාම මිනිස්සු ඉන්නේ රජ කාළේ වෙන්න ඕන.
කලලය ආබාධිත නම් එකඟයි.
ආබාධිත උනත් ජීවිතයක් නසන එක වැරදියි.
දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.
අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු උනා නම් පෑ 72ක් තියෙනවා ආරක්ෂා වෙන්න. පෑ 72ක් ඇතුලත ගන්න පුලුවන් ගන්න තියෙන බෙහෙත් ගත්තා නම් කළලයක් ඇති වෙන්නේ නෑ.
සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.
කාමරත් කුලියට අරගෙන වෙලාවල් හදාගන්න සැළසුම් කරන්න පුලුවන් නම් කොන්ඩම් එකක් අරගන්න හරි ප්‍රොස්ටිනෝර් දෙකක් අරගන්න සැලසුම් කරන්න බැරි වෙන එක පුදුමයි. ඒක නොසැලකිල්ල !
දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.
මේකට තමා මිඩ් වයිෆ්ලා උපත් පාලන ක්‍රම ගැන කියලා දෙන්නේ. කොන්ඩම් බැරි නම් මිතුරි පෙති හරි !
මේ හැමදේටම පාසල් කාළයේ ඉදලා නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්යයයි !!!!