හේතුව හිතාගන්න අමාරුද?ඒ ලමයා දැනටම මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.මේ ලෝකෙ සාමාන්‍ය ලමයෙක් විදියට තමන්ට ආදරය කරන අය ඇසුරේ කාලයක් හිටිය කෙනෙක්.නූපන් කෙනෙක් නෙවෙයි.උපතින්ම නෙවෙයි. අවුරුදු 5 න් වගේ. දැන් අවුරුදු 9ක් වෙනවා. ජීවිත කාලෙම ඔහොම තමයි. අධ්‍යාපනයක් ලබන්න බෑ. තනිව දෙයක් කරගන්න අමාරුයි. හරියට කතා කරගන්න බෑ. නැගිටලා ඇවිදින්න බෑ. එහෙනම් විකෘති දරු ගැබට දෙන මරණ වරෙන්තුව මේ දරුවට නොදෙන්න එක හේතුවක් කියන්න.
දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?
එතකොට කාලයක් තමන් එක්ක හිටපු ලමයා එක්ක බැදීමක් තියෙනවා. ඒක නිසා මරන්න දුකයි. ඉතින් මරන්නේ නෑ.හේතුව හිතාගන්න අමාරුද?ඒ ලමයා දැනටම මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.මේ ලෝකෙ සාමාන්‍ය ලමයෙක් විදියට තමන්ට ආදරය කරන අය ඇසුරේ කාලයක් හිටිය කෙනෙක්.නූපන් කෙනෙක් නෙවෙයි.
"දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?"
දූෂකයගේ දරුව නෙවෙයි නම් කාගෙද ඒ දරුව?මිනී මරුවෙක් උනත් බේබද්දෙක් උනත් තමන්ගෙ කැමැත්තෙන් දෙන්නෙක් එකතුවෙලා හැදෙන දරුවයි දූෂණයකින් හැදෙන දරුවයි එක්කෙනෙක් නෙවෙයි.එක පාරක් වින්දිතයෙක් උන අහින්සක කාන්තාවකට ඒකෙන් මිදීමක් තියෙන්න ඕන නැද්ද?තමන් අකමැත්තෙන් තමන්ගෙ කුසට බලෙන් දීපු කලලයට ඇය උපත දෙන්නම ඕන ඇයි?ඒක ප්‍රතික්ෂේප කරන්න ඇයට අයිතියක් තියෙන්න ඕන.ඇයයි දූෂණයට ලක් උනේ.එයා ඉල්ලල ගත්ත දරුගැබක් නෙවෙයි ඒක.එයාට අවශ්‍ය නම් ඒකෙන් නිදහස් වෙන්න අයිතියක් තියෙන්න ඕන.එහෙම අයිතියක් නැති වෙන්න එක හේතුවක් කියන්න?
මම කතා කරේ දූෂණයකින් හට ගන්නා දරුවන් ගැන.ලිංගික අධ්‍යාපනය තිබුන කියලා දූෂණයෙන් ගැලවෙන්න බෑ.එතකොට කාලයක් තමන් එක්ක හිටපු ලමයා එක්ක බැදීමක් තියෙනවා. ඒක නිසා මරන්න දුකයි. ඉතින් මරන්නේ නෑ.
නූපන් එකත් ළමයෙක් තමයි. හැබැයි තාම බැදීමක් නෑ. මැරුවට දුකක් නෑ. ඉතින් මරණවා.
මේවා සාධාරණ හේතුද?
එතකොට මේ ඔක්කොම තීරණය කරන්නේ දෙමාපියන්. දෙමාපියන්ගේ සතුට, කැමැත්ත, සුවය. ඒක තමයි වැදගත්ම. ඇයි ඒ අයට විතරද ජීවත් වෙන්න අයිතියක් තියෙන්නේ. ළමයාට නැද්ද? කුසේ ඉන්නෙත් ගැහෙන ප්‍රාණියෙක් තමයි. එයාට අයිතියක් නැද්ද ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන.
කෙනෙකුගේ මානසික මිදීම වෙනුවෙන් තව කෙනෙක් ස්වකීය ජීවිතයම බිලි දියයුතුද?
ගබ්සාව නීතිගත කිරීම නෙවෙයි කළ යුත්තේ,
කරනවා නම් කළ යුත්තේ එසේ උපදින ළමයින්ට යහපත් මිනිසුන් වීමට අවශ්‍ය අවකාශය සලසා දීමයි. දෙමාපියන් ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සලසා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් හදන එක නොවේද විය යුත්තේ?
දූෂණයක් සිදුවීත් කලලය වඩේන තුරු සිටින්නේ මන්ද? නිවැර්දි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හේතුවක් නොවේද? එසේ නම් කළ යුත්තේ නිවැරදි අධ්‍යාපනය ලබාදීම නොවේද?
ගබ්සාව නීති ගතකිරීමට දරන උත්සහය මෙවැනි දේවල් සදහා වැය කළා නම්, වඩා හොද හෙට දවසක් බිහිවන්නේ නොවේද?
ඵලයට ප්‍රතිකර්ම සෙවීමට වඩා හේතුවට ප්‍රතිකර්ම සෙවීම නොවෙද කළ යුත්තේ?
මම කතා කරේ දූෂණයකින් හට ගන්නා දරුවන් ගැන.ලිංගික අධ්‍යාපනය තිබුන කියලා දූෂණයෙන් ගැලවෙන්න බෑ.
මුලින්ම තේරුම් ගන්න මරණවා කියන කතාව ඔතෙන්ට කියන්න බෑ.මුල් මාස කිහිපයේ තියෙන්නෙ මස් ගුලියක් විතරයි.ජීවී ලක්ෂණ එන්නෙ අන්තිම මාස වල.මට හරියටම මතක නෑ.අවශ්‍ය නම් හොයා බලන්න.අනිත් එක තමා කෙනෙක්ගේ මානසික සුවය.මේ කෙනා නිකම් කෙනෙක් නෙවෙයි.තමන්ගෙ අකමැත්තෙන් තමන් අකමැති දෙයක් බලයෙන් තම කුසට දාගන්න උන කෙනෙක්.ඒ නිසා ඒක අයින් කරන්න එයාට අයිතියක් තියෙන්න ඕන.කැමති නම් හදාගන්න එකත් එයාගෙ අයිතිය.ඒ අයිතිය අපිට නැති කරන්න බෑ.අවශ්‍ය නම් නිදහස් වෙන්නත් හැකි දෙයක් මාස නවයක් දරා ඉඳලා උපත දීලා තමන්ගෙ ඉතිරි ජීවිතයම නොකළ දේකට වන්දි ගෙවන්න කියන්න අපිට තියෙන අයිතිය මොකද්ද?එහෙම අයිතියක් එයාට ලැබිය යුතු නැද්ද?ඔබේ දරුවෙකුට මෙහෙම උනොත්(කවදාවත් එහෙම වෙන්න එපා) ඔබ දූෂකයගෙ දරුවට සීයා වෙනවද?
මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?
දවසකට ලංකාවෙ ළමා අපයෝජන කීයක් වෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න.ඔය කියන තරම් ඕව isolated or rare නෑ.btw rare case එකකදි වත් ගබ්සාවට එකඟ වෙන්න බැරිද?Isolated incident එකක් ඇරගෙන කොහොමද බන් abortion එක සාධාරනය කරන්නෙ ? කළලය ජීවත් කරවන්න බැරි තරමෙ ආබාධ තියනව කියන්නෙත් rare cases තමයි. ඒවට exception එකක් දැම්ම කියල හිතමු. ඒ වගේ ඒව අරන් abortion සාධාරණීකරණය කරනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බැහැ. thread එක දාල අදහසනෙ ඇහුවෙ. අදහස තමයි කිව්වෙ. අනිත් උන්ගෙ අදහස් වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැත.
![]()
![]()
![]()
e irreponsibility ekata lamaya thamange jiwithema duk widinna one ne neda?Oya hethu arunama monawada abortion ekak karanna hithena reasons?
Salasumakin thorawa kiyanne irresponsible, namuth eka responsibility eka bara ganna kemati ne kiyana eka neda?