ගමේ පාර

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    37596711.jpg




    මුලුගැන්වුනු සුන්දර ගම
    දෙපසින් ඇත දියුනු නගර
    යන්නට නැත තාර පාර
    ගමට ඇත්තෙ පුංචි පාර

    ගම් වැසියන් පත්වි දුකට
    අප වෙන්වී ඇත නගරෙට
    කියල කියල ඉහල තැනට
    පාර හදාගත්ත හොඳට

    ගමට තිබෙයි තාර පාර
    යන්ට හැකිය ලොකු වාහන
    ගමට වේය ලොකු දියුනුව
    ගම්මු හිටිය හරි සතුටින

    මේ නගරෙට ඒ නගරෙන්
    යන්නේ දැන් ගම හරහින්
    නගරෙ තියන මලකෝලං
    ඔක්කොම දැන් ගමට ඇවිත්

    නගරුන්ගේ බැල්ම වැටේ
    විපරියාස ගමේ වෙතේ
    ගැමිකම දැන් ගමේ නැතේ
    පාර නේද ගමට විනේ


    40153065.jpg
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Meka thamai ape prisarayatai gamatai wena haniya. Harima kanagatui. Sanwardanaye anek pathikada. Hari apuru nirmanayak Prabash. Me de hariyata aduna gena jeewath wenawa nam hodai ne.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන ආදහසක්
    ගමක නගරයක දියුණුවත් එක්ක ඒ වටා පැවති සමාජයට වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්. අපි රටක් දියුණු කරන්න ඕනෙ හානිකර වෙනස්කම් අවම වෙන විදිහටයි.
    අපූරු අදහසක් ඔස්සේ කල සාර්ථක නිර්මාණයක්

    + rep
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගමෙන් නගරෙට වැටුන පාරෙන්ම ගමට වල කැපුන හැටි..
    අපූරු නිර්මාණයක්
     
    Last edited:

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සත්තකින්ම මිත්‍රයා. මේක තමයි ගමට දියුණුවත් එක්ක වුනු නරකම දේ. අපූරු නිර්මාණයක්. සමාජයේ තිත්ත ඇත්තක් ඉදිරිපත් කළාට ස්තුතියි.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    මම විකාර ටිකක් කියන්නද :nerd:
    නගරෙ ඉන්න මිනිස්සු හිතන් ඉන්නෙ ගම කියන එක නොවෙනස්ව සම්ප්‍රදායන් එක්ක තියෙන්න ඕනෙ කියලයි,මොකද කිව්වොත් එයාල කැමති ඉඳල හිටල ගමකට ගිහින් පොඩි සොමියක් ගන්නයි........

    කවිය එලමකිරි:)

     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    දියුණුවක මුහුණුවර දෙකක්... හිතට දැනෙන්න කල අපූරු පදවැලක්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවර්ධනයේ පැතිකඩයන් දෙකක් තිබෙන බව ඔබේ නිර්මානයෙන් පැහැදිලිව ප්‍රකාශ වෙනවා..

    පැත්තක් සංවර්ධනය වෙද්දී ඒකෙම අනිත් පැත්ත ඒ සංවර්ධනය තුලින්ම මිය යෑම...

    හරියට නාගරික පරිසරයක දුගී දුප්පත් ජනතාවගේ පැල්පත් කඩලා ඔවුන්ට ඉන්න හිටින්න නැති කරලා පාර ලොකු කිරීමේ සංවර්ධන කටයුත්ත කරනවා වගේ...

    නමුත් අගට දාගෙන තියෙන මහා බරට දැනෙන වචනය "සංවර්ධනය" හින්දා කවුරුත් ඒකෙ වැරදි හදන්න ඉදිරිපත් වෙන්නේ නෑ..

    නමුත් විය යුත්තේ හා කල යුත්තේ සංවර්ධනය මීට වඩා ප්‍රායෝගික මට්ටමින් හැමෝගෙම අදහස් තුලනය කිරිමෙන් ඇරඹිය යුත්තක් වීමයි..ඒ සඳහා මුලිකව සලකා බැලිය යුත්තේ සංවර්ධනයට බඳුන් වන දෙයෙහි ගුණාත්මක හා ආධ්‍යාත්මක වපසරිය කෙබඳුද කියා ගැඹුරු නිරීක්ෂණයකින් පසුව සංවර්ධනය සැලසුම් කිරීමයි...

    ඉතා හොඳ නිමිත්තක් නිර්මානයට භාජනය කර ගෙන තිබීම ගැන මගේ හද පිරි ආචාරය..

    ඉතාමත් කාලෝචිත පද වැලක් අපි හැමෝම කිය විය යුතුම..

    දිගටම ලියන්න ...ඔබට ජය....