සංවර්ධනයේ පැතිකඩයන් දෙකක් තිබෙන බව ඔබේ නිර්මානයෙන් පැහැදිලිව ප්‍රකාශ වෙනවා..
පැත්තක් සංවර්ධනය වෙද්දී ඒකෙම අනිත් පැත්ත ඒ සංවර්ධනය තුලින්ම මිය යෑම...
හරියට නාගරික පරිසරයක දුගී දුප්පත් ජනතාවගේ පැල්පත් කඩලා ඔවුන්ට ඉන්න හිටින්න නැති කරලා පාර ලොකු කිරීමේ සංවර්ධන කටයුත්ත කරනවා වගේ...
නමුත් අගට දාගෙන තියෙන මහා බරට දැනෙන වචනය "සංවර්ධනය" හින්දා කවුරුත් ඒකෙ වැරදි හදන්න ඉදිරිපත් වෙන්නේ නෑ..
නමුත් විය යුත්තේ හා කල යුත්තේ සංවර්ධනය මීට වඩා ප්‍රායෝගික මට්ටමින් හැමෝගෙම අදහස් තුලනය කිරිමෙන් ඇරඹිය යුත්තක් වීමයි..ඒ සඳහා මුලිකව සලකා බැලිය යුත්තේ සංවර්ධනයට බඳුන් වන දෙයෙහි ගුණාත්මක හා ආධ්‍යාත්මක වපසරිය කෙබඳුද කියා ගැඹුරු නිරීක්ෂණයකින් පසුව සංවර්ධනය සැලසුම් කිරීමයි...
ඉතා හොඳ නිමිත්තක් නිර්මානයට භාජනය කර ගෙන තිබීම ගැන මගේ හද පිරි ආචාරය..
ඉතාමත් කාලෝචිත පද වැලක් අපි හැමෝම කිය විය යුතුම..
දිගටම ලියන්න ...ඔබට ජය....