ගම ජවිපෙට යථාර්ථයක් ද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගම ජවිපෙට යථාර්ථයක් ද...?

    ගම ජවිපෙට යථාර්ථයක් ද...?

    මේ දවස්වල අමුතුම දේවල් සිද්දවෙමින් පවතී... වෙනදා තඹ දොයිත්තුවකටවත් ගණන් නොගෙන පාර බදු අරගෙන යන දේසපාලූවන්ගේ වාහනවල ස්පීඞ් එක ස්ලෝ වෙලාය... කවදාවත් පහත් වෙන්නෙ නැති කලූ කණ්ණාඩි පහත්වෙනවාය... ඒ මදිවට පෙර දවස්වල වානේවලින් හැදුව සේ නොනැමුණු කොඳු නාරටි පතෝල කරල් මෙන් නැමෙනවාය... අඩි 02 ක් පයින් ගමන් නොකරපු උන් හන්දියක් හන්දියක් ගානේ චන්දය සිගමින් යනවාය.... වෙනදා යන යන තැන නිදි කිරා වැටෙන නිදි ඔස්තාර්ලා හීනෙන් නැගිට්ට බල්ලන් මෙන් සතර දෙසට බුරනවාය.... මේ සියල්ලම අපට පුරුදු දේවල්ය... අපි හිතන් ඉන්නේ චන්දයක් කියන්නේ මේ වගේ දෙයකට කියලාය... හැබැයි මේ නසරානි දේවල් සිද්දවෙන්නේ ආසියාවේ තුප්පහි රටවල්වල පමණි.... ඉන් එහාට හොම්බ දාල බැලූවොත් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බව නොරහසකි....

    ලංකාවේ හොඳම බිස්නස් අයිඩියා එක දේශපාලනයය.... කෙටි කාලයකින් ගොඩයාමට ඇති ලේසිම ක‍්‍රමය දේශපාලනයය.... පෙන්දන් මෙන් හිටපු එවුන් ඌරන් මෙන් මහත් වන්නේ ඌරන් මෙන් ජරාව කන නිසා දැයි අපි නොදනිමු.... අපි දන්නේ ඌරන් දේශපාලනය නොකරන බවත්, දේශපාලනයේ ඌරන් සිටින බවත් පමණකි.... වාහන 10 - 15 ක් පිරිවරාගෙන ලක්ෂ ගණන් අතින් වියදම් කරමින් පුංචි චන්දයට ලෑස්ති වෙන අපේක්ෂකයින් මේ සැරසෙන්නේ ජනතාවට සේවය කිරීමට දැයි සිතා බැලිය යුතුය... මාසෙකට රු. 15,000 ට අඩු මන්තී‍්‍ර වේතනයක් ගැනීමට මොවුන් මේ තරම් වියදම් කරන්නේ මන්දැයි සිතා බැලිය යුතුය.... මීයක් කඩන්නේ අත ලෙවකන්ටදැයි කියන්නේ මේ වගේ දේවල්වලටය... මොවුන් සැරසෙන්නේ ගමම කා තමන් තර වීම බව ඕනම අඳ බාලකයෙකුට තේරුම් ගත හැකිය....

    මෙවරත් චන්දයට සුපුරුදු සිල්ලර මාතෘකා කළඑලි බැසලාය... ඇතමුන් දැන් චන්ද පොළට යන්නේ යහාපලනය ශක්තිමත් කිරීමටය.... ඒ කියන්නේ තවත් උද්ධමනය වැඩි කළ යුතු බවය... තවත් මහ බැංකු කැඩිය යුතු බවය... තව තවත් ජාතික දේපල පිටරැුටියන්ට විකිණිය යුතු බවය... තව තවත් බෙදුම්වාදින්, ආක‍්‍රමණවාදින් ශක්තිමත් කළ යුතු බවය... යහපාලනය ශක්තිමත් කිරීමට චන්දය දෙනවා යැයි කියන්නේ තමන්ට දමා ඇති තොණ්ඩුවේ ගැටය තමන්ම තද කරගන්නවා වැනි වැඩකි....

    අනෙක් අතට රනිල්ට මෛති‍්‍රට රිදවන්න පොහොට්ටුවට චන්දය දිය යුතු යැයි ද සමහරෙක් පවසති.... සමහරක් මහින්දට අසාධාරණයක් සිදු වූ බවත් එය නිවැරදි කළ යුතු බවත් සිතා වරද නිවැරදි කිරිමේ චන්දයක් ලෙස සිතන්නට පොළඹවති... මේකත් එක්තරා සටකපට කමකි... ගමේ අපේක්ෂකයාට ඔය කිසිම කෙංගෙඩියක් අවශ්‍ය නැත... මහින්දට හෙණ ගැසුවත් කමක් නැත... ඔවුන්ට වැදගත් වී ඇත්තේ මහින්දගේ ජනතා ආකර්ෂණයයි... දේශපාලන පෞරුෂත්වයයි... ඔවුන් මහින්ද විකුණා චන්දය ලබාගෙන අන්තිමට මෛති‍්‍රනඩය සමග ජනතාවට කොකා නොපෙන්වාවි යැයි කාටවත් සහතික දිය නොහැකිය... මන්ද යත් ලංකා දේශපාලන තියරිය සැලූන් දොරක් බව කියා ඇත්තේ ද මොවුන්ම වන නිසාය... ඒ තියරිය ප‍්‍රැක්ටිකල් වන්නේ මුදලට හා තනතුරුවලට ඇති කෑදරකමට අනුලෝමව සමානුපාතික වීමෙනි.

    අලියා, පොහොට්ටුව, අත ඔය මොන සලකුණක් මත වෙන් වෙන්ව තරග කලත් මොවුන් සියල්ලෝම එකම කැටගරියේ අම්බරුවන්ය... උන්ට රට ගැන, ජාතිය ගැන කැක්කුමක් නැත... උන්ට අවශ්‍ය බලයය... ඒ බලය මතින් අත්කරගන්නා මුදලය.... අප මිස්ට ක්ලීන්ලා, ටයිපටි සුචරිතවාදින් යැයි ලේබල් ගැසූවන් අන්තිමට ඔවුන්ගේ අණ්ඩකෝෂ අපගේ කටේ ඔබා අපගේ අධෝමුඛයෙන් වාතය පිටවන තෙක් හුස්ම තද කළෝය...
    අප මෙතෙක් දේශපාලනය කළේ කැහි ගෑණි හොටු ගෑණියි මාරුවෙන් මාරුවට දේශපාලන නිදි යහනට කැන්දාගෙන සහවාසයේ යෙදීමෙනි... මේ වන විට අපි ක්‍ෂය රෝගින්ය... හොට්ටන්ය... නමුදු අප තවමත් මුන් මත්තේම අපගේ අනාගතය ගැන සිහින මවමින් සිටිමු...

    දැන් ඇත්තේ සීනුව ගැන කීමටය... සීනුව දේශපාලන වශයෙන් කන්‍යාභාවය සිඳගත් අවස්ථා අපමණය... තීරණාත්මක අවස්ථාවල දී අපට සරම උස්සා පෙන්නපු අවස්ථා මෙන්ම, තවත් විටෙක රට හොඳක් වීමට සාධනීය මැදිහත් වීම් කරපු අවස්ථා ද ඇත... ඒ කෙසේ වෙතත් ඔවුන්ට අප පැහැදිලි බලයක් දුන් අවස්ථා ද විරලය... මේ වන විට අප දේශපාලන මඩගොහොරුවේ නහය ළගට එරී තක්කු මුක්කු වී සිටින්නෙමු... අපට මේ වන විට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රධාන දේශපාලන හැරවුමකි..... ඒ සදහා පළමුව කළ යුතුව ඇත්තේ මේ යන ගමන් මගට බැරියර් එකක් දැමීමටය... නැතිනම් අනතුරු ඇගවීමටය... ඒ සදහා අකමැත්තෙන් වුවද ජවිපේ දේශපාලන බලය අතින් ශක්තිමත් කළ යුතුව ඇත.... එමගින් අප විසින් ප‍්‍රධාන දේශපාලන ධාරාව පිළිකෙව් කරන බව පෙන්විය හැකිය.... අවුරුදු 70 ක් තිස්සේ ආ ගමන් මග වෙනස් කිරීමට යම් පියවරක් ගැනීමේ කදිම අවස්ථාව මෙය වී ඇත....

    ගම ජවිපෙට යන්න යථාර්ථයක් නොවුවද, එය දේශපාලනයේ සාධනීය හැරවුම් ලක්ෂයක් ලෙස භාවිතා කළ හැකිය.. එමගින් නව දේශපාලන සංස්කෘතියක් සදහා ජනතාවගේ ඇති කැමැත්ත පෙන්වන එක්තරා අන්දමක රතු එළියක් විය හැකිය....


    pathfinder_PNG_Face.png


     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    same opinion JVP is not the best but only hope :)
    I personally believe turning major number of votes from UNP SLFP to JVP give a message people are rejecting typical political thugs which have been there for decades :) This will pave the way for new honest people to step into politics as individually or as new parties
     
    • Like
    Reactions: jayanathek

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජෙප්පන් ගාව තියෙන්නෙ දේශපාලන වැල බයිලා මිසක වෙන දෙයක් නෙමේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේගොල්ලන්ගේ කඩේ බඩු තියෙනවා කිව්වට වේලෙන කඩයක් වගේ :rofl:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රනිල් හාමු එක්ක ඩිල් ගහගෙන ඉන්න ජෙප්පොන්ට චන්දෙ දෙනවට වඩා හොදයි කෙලිම්ම අලියට ගහලා වරෙන් කතිරේ.. ආයේ ඉතින් ඔලුව වටෙන් අත යවලා නාහේ අල්ලන්න ඕන නෑනේ.. කෙලිම්ම නාහේ අල්ලපන් :dull::dull:

    අපි නොදන්න ජෙප්පෝ. ස්ටේජ් එකක් උඩ නැගල බොරුවට වැදි බන කියලා.. ආපහු දුවන්නේ හාමුගේ ළඟටම තමයි. ඔකුන්ගේ බයිලා හොඳයි කිරෙන් බාල වෙච්ච් මන්දබුද්දික මී හරක් ට. :yes::yes:

    රටේ තියෙන ප්‍රශ්න දැන් ඕකුන්ට පෙන්නේ නෑ.. බොරුවට රාරාරාරාරාරාරාරාරාරාරාරාරාජපස්ස ගගා හිටියනේ දැන් අවරුදු තුනක්ම. අන්තිමට ඩිල් දාපු හාමු මහබැංකු හොරා උනහම දැන් ලපයා උගුඩුවා වගේ ඒ ගැන සද්ද නෑ..:frown::frown::frown:

    උඹලගේ මේ බයිලා හොඳයි ඉතින් උබල වගේම උන්ට.:D:D. දැන් ඉස්සර ජේවීපී එකට දිපූ සිරා ජේවීපී කාරයෝ දැන් මේ ලපයගේ ගූ වැඩ නිසා ආපහු ජවිපි එකට දෙන්න නැහැ.. බොරුනම් බලහන් මේපාර චන්ද ප්‍රතිපල ආවහම.. ගිය පාර උන එක මතකයි නේ :angry::P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,352
    20,759
    113
    Panadura
    රනිල් හාමු එක්ක ඩිල් ගහගෙන ඉන්න ජෙප්පොන්ට චන්දෙ දෙනවට වඩා හොදයි කෙලිම්ම අලියට ගහලා වරෙන් කතිරේ.. ආයේ ඉතින් ඔලුව වටෙන් අත යවලා නාහේ අල්ලන්න ඕන නෑනේ.. කෙලිම්ම නාහේ අල්ලපන් :dull::dull:

    අපි නොදන්න ජෙප්පෝ. ස්ටේජ් එකක් උඩ නැගල බොරුවට වැදි බන කියලා.. ආපහු දුවන්නේ හාමුගේ ළඟටම තමයි. ඔකුන්ගේ බයිලා හොඳයි කිරෙන් බාල වෙච්ච් මන්දබුද්දික මී හරක් ට. :yes::yes:

    රටේ තියෙන ප්‍රශ්න දැන් ඕකුන්ට පෙන්නේ නෑ.. බොරුවට රාරාරාරාරාරාරාරාරාරාරාරාරාජපස්ස ගගා හිටියනේ දැන් අවරුදු තුනක්ම. අන්තිමට ඩිල් දාපු හාමු මහබැංකු හොරා උනහම දැන් ලපයා උගුඩුවා වගේ ඒ ගැන සද්ද නෑ..:frown::frown::frown:

    උඹලගේ මේ බයිලා හොඳයි ඉතින් උබල වගේම උන්ට.:D:D. දැන් ඉස්සර ජේවීපී එකට දිපූ සිරා ජේවීපී කාරයෝ දැන් මේ ලපයගේ ගූ වැඩ නිසා ආපහු ජවිපි එකට දෙන්න නැහැ.. බොරුනම් බලහන් මේපාර චන්ද ප්‍රතිපල ආවහම.. ගිය පාර උන එක මතකයි නේ :angry::P

    :yes: :yes: :yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    අනේ අම්මපා මුන් අපිට නේ මෙවුවා කියන්නේ..:dull::dull::dull: ජේවීපී එක ගැන නොදන්නා කිරි සප්පයෝ ටිකක් නම් මුන්ට මේවා කියලා බ්‍රේන් වොෂ් කරගන්න පුළුවන් වෙයි.. :yes::yes::rofl:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Pradana paksha 2ke unta nathuwa wena ona ekekta chande denna, ahemath barinam chande awalangu karala anna

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    .. ඒ කෙසේ වෙතත් ඔවුන්ට අප පැහැදිලි බලයක් දුන් අවස්ථා ද විරලය...

    මැරිලද ඉපදුනේ?
    2004 පාර්ලිමේන්තු චන්දේ results අරන් බලපන්. උන්ගේ කී දෙනෙක් පාර්ලිමේන්තු ගියාද කියල
    ඇමති කම් එහෙමත් කලේ

    https://en.wikipedia.org/wiki/13th_Parliament_of_Sri_Lanka#Members
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උන්ගෙ තියරි , කතා නම් හොඳයි ඒත් කවුරු මොකක් කිව්වත් ඕකුන්ගෙ තියෙන්නෙ තනිකරම කුහක කම පදනම් කරගත්ත දේශපාලනයක්.

    හැබැයි ඡන්දෙ දෙන්නම් ඕනිනම් (මම නම් දෙන්නෙ නෑ මේ පාර එකෙක්ට වත්) දෙන්න මුන් ඇරෙන්න වෙන එකෙකුත් නෑ. ඒ කියන්නෙ මුන් හොඳම උන් නෙවෙයි, නරක අඩුම උන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උන්ගෙ තියරි , කතා නම් හොඳයි ඒත් කවුරු මොකක් කිව්වත් ඕකුන්ගෙ තියෙන්නෙ තනිකරම කුහක කම පදනම් කරගත්ත දේශපාලනයක්.

    හැබැයි ඡන්දෙ දෙන්නම් ඕනිනම් (මම නම් දෙන්නෙ නෑ මේ පාර එකෙක්ට වත්) දෙන්න මුන් ඇරෙන්න වෙන එකෙකුත් නෑ. ඒ කියන්නෙ මුන් හොඳම උන් නෙවෙයි, නරක අඩුම උන්

    මේ කතාවෙ නම් ඇත්තක් තියෙනව :yes: