ජ.වි.පෙ ට ගම දෙන්න කලින් හිතන්න දේවල් ගොඩක්...
ජ.වි.පෙ තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් එ.ජා.ප යට වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනතාව පෙළගැස්සවීම. වරක් දෙවරක් නෙමෙයි එ.ජා.ප.ය රටට කෙළවන හැටි ඕනෑවටත් වඩා දැනගෙනම මේක කිරීම ප්‍රශ්නයක්.
තීරණාත්මක අවස්ථාවල ප්‍රසිද්ධියේ මේක ආණ්ඩු පෙරළීමට අවස්ථාවක් නොවන බව පුන පුනා කීම, මොන අරමුණකටද කියලා හිතලා බලන්න වෙනවා.. මොකද ජ.වි.පෙ ප්‍රසිද්ධියේ පිළි අරගත්තා ව්‍යවස්ථා වෙනසක් ඕනි කියලා.. නමුත් කිසිම වෙලාවක කිව්වෙ නෑ යහපාලන රජයෙන් මෙතෙක් කරපු ව්‍යවස්ථා සංශෝධන වල කිසිම හරයක් නැත, රාජපක්ෂලා බලයට පත්වීම වලකන්නත් ආණ්ඩුවේ ආයුකාලය වැඩිකරගන්නත් පමණක්ම ඒවා සිදුකළා කියල.
ජ.වි.පෙ ට ගම දෙන්න කිගන්නෙත් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කියලයි මගේ නම් අදහස. මොකද කවදාවත් නැති තරම් රාජ්‍ය අනුග්‍රහයක් ජ.වි.පෙ ට තියෙනව කියල පෙන්නුවේ, ඒ කිට්ටුවම තම පක්ශ සමුළුව අයි.ටී.එන් එකේ ප්‍රචාරය කිරිමත් එක්කම. ඒ ගොඩක් සිදුවීම් වගේම, විපක්ෂයේ සංවිධායක් ධූරය දරන්නත් සදාචාරාත්මක අයිතියක් එයාලගේම මහත්මා දේශපාලනයෙ තරම හොඳටම පෙන්නල දීලා තියෙනව ආසන 06ක් විතරක් තියාගෙන ඒකාබද්ධෙ විතරක් 50 කට ආසන්න ප්‍රමණයක් සිටියදී.
බල ලෝභීත්වය, මුදල් එකී මෙකී නොකී දේවල් විසින් ජ්.වි.පෙ අන්තිම දංකුඩ ටිකත් පිළුනු කරල කියල තමයි කියන්න,වෙන්නෙ. අනුර දිසානායකට වඩා තම පක්ෂයට දර දිය ඇදපු කුමාර ගුණරත්නම් ඉහළ පෙලේ නායකයෙක් කියලා පිළි නොගත්ත එකම ඇති පුද්ගලයගෙ ගති සොභාව තේරුම් ගන්න. එහෙම කරලා පෙරටුගාමීන්ගෙ කණ්ඩායම සදාකාලිකව ජ්.වි.පෙ න් ඈත් කරගත්තෙත්, විශ්වවිද්‍යාල බලය මුළුමනින්ම අහිමි කරගත්තෙත් කාගෙ උවමනාවටද කියන එකත් ප්‍රශ්න විදිහට ඉතුරු වෙලා තියෙනවා