ගුරුකම් බොරු උනා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    waligamaya:21539076 said:
    අනිවා මෙන්න වැඩ. මෙතැන කීදෙනෙක් තොවිල්, දහඅට සන්නි,පිදේනි බලලා තියනවද මම දැනේ නැ. හැබැයි පොඩිකාලේ මම ඕවා ඕනෑතරම් දැකලා තියනවා. ගමේ සතියකට එකක් නැතිවෙන් නැ. පට්ට අතල්. දැන් හිතෙනවා ඒවා මානසික ගේම තමයි. සමහර ප්‍රශ්නාර්ථ සිදිත් තියනවා ආවේස වෙලා මැරුණු මිනිසුන්ගේ පුද්ගලික සිද්දි කියන එක වගේ දේවල්. හැබැයි ඔය TV එකේ අපු හැමෝම කෙලව ගතා. ඔය කෙසෙල් පිති වගේ දේවල් කරන්නේ මතුරපු යන්තරේ බලය මිනිහට පෙන්වන්න. දැන් තේරෙනවනේ යන්තරේ බලේ :P:P:P. මම ත හෙට ඉදන් සීයාගේ පැරණ පුස්කොල පොත් ටිකක් අරන් යන්තර දන වැඩ පැරණ ගන්න ඕන, බලේ පෙන්න පුළුවන්නේ ගේමක් නැතුව:D:D

    අපේ ගෙදර නං තඩී දේවාලයකුත් තිබ්බ අපේ මුත්තගෙ.. මේකේ යන්තර මන්තර ගැන කැටයම් දාල ටෝක් දෙන උන්ට ඒකෙ තිබ්බ ඒව පෙන්නුව නං හුජ්ජ යයි .. ලොල්.. :lol: කොහොම හරි 2007 හෝ 2006 විතර ඒ මුලු තට්ටුවම ගිනි ගත්ත.. ඉතුරූ වෙච්ච නටඹුන් තාම ගෝනි ගනන් ගහල තියෙනව. ඔය සෙට් එකේ තියෙනව පුස්කොලපොතුත්.. ආයුර්වේද ඒව ටික නං හොඳටම දන්න කෙනෙක්ට අපි දීල දැම්ම..

    යන්තර මන්තර ටික නං ගෙදර තියෙනව.. අපේ ආච්චි කියනව මට ඕව ඉගෙන ගනින්ලු.. මමනෙ දන්නෙ මුත්ත ආච්චිලව ජීවත් කරවන්න ගහල තියෙන හොර ගේම්.. ලොල් :rofl: ඕක ගැන මෙකෙ දාල එකෙක් දවසක් ඔය මන්තර පොත් ටික ඉල්ල ඉල්ල පීඑම් කරා.. මම නං වනේ වන හතුරෙකුටවත් දෙන්නෙ නෑ ඉල්ලන්න එපා.. ඒ තරමට අප්පිරියයි බොරුව.. :rofl: ලක්ශ දෙක තුනක ඇන්ටික් බඩු ටිකකුයි ධාතු ටිකකුයි තියෙනව.. ඔය ටික පස්සෙ දවසක දෙනව :lol:

    සමහර මැජික් නං මට ගේමක් නැතුව කරන්න පුලුවන් සිස්ටම් එක දන්නව.. :D

    කරනව නං මටත් හොඳට හම්බ කරන් කන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් තමයි ඕක :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    2v2t9ax.jpg


    හවසට පාන් ගෙඩියක් කන්න හිටියේ.. :(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උඹමනෙ එළ හරකො ඕක උගන්නන හොරුත් ඉන්නව කිව්වෙ... ඉතින් කොරතොටත් හොරු ඇති කියල උපකල්පනය කරල තමා ඔරිජිනල් අයගෙ ඇඩ්‍රස් ඇහුවෙ... උඹලට මූලාශ්‍රයක් ලිපිනයක් දාන්න හරි ආමාරුයි... ඇයි ඒ?

    මෝඩ මී වස්සෝ , මම කියල තියෙන්නෙ මූ අභියෝග කරන්න කලින් හොරු හිටිය ලන්කාවෙම , මූ අහියෝග කල ගමන් හොරු ටික හැන්ගුනා. හරියට කියවල බලපන් මම දාපු එක.

    කිසිම අමාරුවක් නෑ. මම තියන තැන දාල තියනව. උබට ඒක හොයගන්න බැරිනම් ඒක උබේ ප්‍රශ්නයක්. මොලයක් තියන මිනිහෙක්ට ඔය ටික ඇති එතන හොයාගන්න.
     

    waligamaya

    Well-known member
  • අපේ ගෙදර නං තඩී දේවාලයකුත් තිබ්බ අපේ මුත්තගෙ.. මේකේ යන්තර මන්තර ගැන කැටයම් දාල ටෝක් දෙන උන්ට ඒකෙ තිබ්බ ඒව පෙන්නුව නං හුජ්ජ යයි .. ලොල්.. :lol: කොහොම හරි 2007 හෝ 2006 විතර ඒ මුලු තට්ටුවම ගිනි ගත්ත.. ඉතුරූ වෙච්ච නටඹුන් තාම ගෝනි ගනන් ගහල තියෙනව. ඔය සෙට් එකේ තියෙනව පුස්කොලපොතුත්.. ආයුර්වේද ඒව ටික නං හොඳටම දන්න කෙනෙක්ට අපි දීල දැම්ම..

    යන්තර මන්තර ටික නං ගෙදර තියෙනව.. අපේ ආච්චි කියනව මට ඕව ඉගෙන ගනින්ලු.. මමනෙ දන්නෙ මුත්ත ආච්චිලව ජීවත් කරවන්න ගහල තියෙන හොර ගේම්.. ලොල් :rofl: ඕක ගැන මෙකෙ දාල එකෙක් දවසක් ඔය මන්තර පොත් ටික ඉල්ල ඉල්ල පීඑම් කරා.. මම නං වනේ වන හතුරෙකුටවත් දෙන්නෙ නෑ ඉල්ලන්න එපා.. ඒ තරමට අප්පිරියයි බොරුව.. :rofl: ලක්ශ දෙක තුනක ඇන්ටික් බඩු ටිකකුයි ධාතු ටිකකුයි තියෙනව.. ඔය ටික පස්සෙ දවසක දෙනව :lol:

    සමහර මැජික් නං මට ගේමක් නැතුව කරන්න පුලුවන් සිස්ටම් එක දන්නව.. :D

    කරනව නං මටත් හොඳට හම්බ කරන් කන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් තමයි ඕක :D

    මම පහ වසරේදී අපේ සියා පුස්කොල පොත් තොගයක් ගිනි තිබ්බා. :D:yes::yes::yes:

    මෙන් ඔය ගොඩක් වෙලාවට මව්බිම වගේ පත්තරවල අලි ටොන් පච් පිලි කියවල, tv වල නාට්‍ය වල දේවල්. ඉස්කෝලේ ඕපාදුප සිද්දි කියෝවන්නේ. පුටු යටින් අතුරය බඩ ගවනවා,
    ගගේ ගිලිලා පුළුල් ගෙඩිය කපනවා, පපුව උද පුහුල් ගෙඩිය කපනවා, සොහොන උද වැඩ කිඩ.
    ඕවා දැන් බලන්න වෙන්නේ නැනේ. :D:D:D
     

    waligamaya

    Well-known member

  • යක්ශාවේසෙ යනකොට ගස් වල අතු එහෙම කඩං යනව අත්දැකීම් නෑ ? ඒව වෙන්නෙ කොහොමද ? කිරිබාර තියෙන අය කැවුං අතිරහ උයනව දැකල නෑ ? හිල් ඇතිවෙන්නෙ කොහොමද ? අපිට නොපෙනුනාට අපිට නොතේරෙන බලවේග තියෙනව බං. :yes::yes:

    කෝවිල් වලදී යකා ගියා කියල සහතික කරන්න කියල යකට කියනවා. එත් අකොට ඌ කියනවා මම යනකොට අර කොස් ගහේ අර ඇත්ත කඩන වැටෙනවා. මේ පොල් ගහ වැටෙනවා වගේ දේවල් :P ඕවා වෙලත් තියනව හැබැයි දැන් කලේ බලන් තියනවනම් යිට වඩා හොද නිරීක්ෂන කරන්න තිබුනා
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අංගං හරඹ

    කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
    ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.
    හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

    කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.

    ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
    රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
    කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
    විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.

    මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.

    අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
    මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.

    එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
    ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,

    අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.
    ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .

    ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
    මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .

    අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි. එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
    එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.

    අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.

    එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.

    අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.

    අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.

    එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.

    අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.

    රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
    මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.

    කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
    1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.

    1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
    සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
    එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
    මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
    මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.

    මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
    කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
    පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
    මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
    ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .

    ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
    මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
    ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.

    අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
    වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
    අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.

    කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
    අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.

    රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
    නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.

    පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
    පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.

    මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.

    රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
    එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෝඩ මී වස්සෝ , මම කියල තියෙන්නෙ මූ අභියෝග කරන්න කලින් හොරු හිටිය ලන්කාවෙම , මූ අහියෝග කල ගමන් හොරු ටික හැන්ගුනා. හරියට කියවල බලපන් මම දාපු එක.

    කිසිම අමාරුවක් නෑ. මම තියන තැන දාල තියනව. උබට ඒක හොයගන්න බැරිනම් ඒක උබේ ප්‍රශ්නයක්. මොලයක් තියන මිනිහෙක්ට ඔය ටික ඇති එතන හොයාගන්න.



    කවුද බං ඔය මූ? මොකක්ද නම?

    ආහ් මෙයත් ඔරිජිනල් ද? http://angampora.org/
    සුද්දොත් ඉන්නව.. ඔන්ලයින් ඩොනේෂනුත් ගන්නවා...

    තව කට්ටිය ඉන්නවා ඕනතරම්... කෝ හැංගිලා???? ඔය ඉන්නෙ යස අගේට?
    http://www.angampora.com/angampora-training

    මේකෙන්ම ඔප්පු වෙනවා බං උඹත් මේ කාගෙන් හරි අහපු බයිලා and blog articles රිපීට් කරන බැරි බැරි ඇලන්ගෙම මල්ලි කනෙක් කියල :rolleyes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    තමන්ගෙ ඉතිහාසයවත් දන්නෙ නැති කවලම් එව්න් ඉන්න නිසා දැම්මෙ උඩ තියන ලිපිය. දන්නෙ නැති එව්න් ඒක කියවලවත් ඉගනගනින්. එහෙම කරලත් බැරිනම් මූව ගිහින් හමු වෙයන්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    dilshan KASUNJITH:21539225 said:
    මෝඩ මී වස්සෝ , මම කියල තියෙන්නෙ මූ අභියෝග කරන්න කලින් හොරු හිටිය ලන්කාවෙම , මූ අහියෝග කල ගමන් හොරු ටික හැන්ගුනා. හරියට කියවල බලපන් මම දාපු එක.

    කිසිම අමාරුවක් නෑ. මම තියන තැන දාල තියනව. උබට ඒක හොයගන්න බැරිනම් ඒක උබේ ප්‍රශ්නයක්. මොලයක් තියන මිනිහෙක්ට ඔය ටික ඇති එතන හොයාගන්න.

    ප්‍රශ්නය වැරදි තැන් වලින් අල්ලගන්න එපා මිත්‍රයා... මෙතන ඉන්න කවුරුත් යන්තර මන්තර ගුරුකම් බොරුයි කියන එකෙන් අදහස් කරල නෑ ඒව ඵල ප්‍රයෝජනයක් නැති වැඩ කියල අදහස් කරල නෑ මං හිතන්නෙ..

    මං නං කියන්නෙ මේකයි, අංගම්පොරත් තියෙන්න ඇති, ඒවයින් සුද්දට ගහන්නත් ඇති, ඒ ඇටෑක් වලට යන්තර මන්තර පාවිච්චි කරන්නත් ඇති.. ඒවයින් ප්‍රතිඵල ඇස් පනාපිටම ලැබෙන්නත් ඇති.. හැබැයි.. එකල ඒව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නම්න් හදුන්වන්නට නැතුව ඇති.. :)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    තමන්ගෙ ඉතිහාසයවත් දන්නෙ නැති කවලම් එව්න් ඉන්න නිසා දැම්මෙ උඩ තියන ලිපිය. දන්නෙ නැති එව්න් ඒක කියවලවත් ඉගනගනින්. එහෙම කරලත් බැරිනම් මූව ගිහින් හමු වෙයන්.

    මූ? උගේ නම මූ ද? Mr Moo?
     
    Oct 3, 2008
    1,723
    437
    0


    කවුද බං ඔය මූ? මොකක්ද නම?

    ආහ් මෙයත් ඔරිජිනල් ද? http://angampora.org/
    සුද්දොත් ඉන්නව.. ඔන්ලයින් ඩොනේෂනුත් ගන්නවා...

    තව කට්ටිය ඉන්නවා ඕනතරම්... කෝ හැංගිලා???? ඔය ඉන්නෙ යස අගේට?
    http://www.angampora.com/angampora-training

    මේකෙන්ම ඔප්පු වෙනවා බං උඹත් මේ කාගෙන් හරි අහපු බයිලා and blog articles රිපීට් කරන බැරි බැරි ඇලන්ගෙම මල්ලි කනෙක් කියල :rolleyes:

    ඔය එකෙක්වත් අරූගෙ අභියෝගය බාරගෙන ගියේ නෑනෙ. කෝ උබ ඔය පෙන්නුවෙ කොරතොට ඉන්න වෙන එව්න් නෙමෙයිනෙ. උබට දැන් තියන තැනත් හරියටම කිව්ව. තව උබව එතනට අරන් යන්න මම උබලගෙ ගෙදරට වාහනයක් අරන් එන්න කියලද කියන්නෙ. ඔන්ලයින් කියවන්න විතරයිනෙ උබට පුලුවන්. මම තියන තැනත් කිව්ව , දැන් උබ ගිහින් බොරු කියල ඔප්පු කරල පෙන්නපන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මන් නම් බැලුවේ නැහැ...එත් මන් දන්නා අය ඉන්නවා ඔය subject එකේ...අදුරන කෙනෙක් දීපු මන්ත්‍ර ටිකකුත් තියෙනවා...වැඩේ කියන්නේ ඒ මිනිස්සු සේරම දැන් මැරිලා :baffled:
    ඔය මිනිස්සු තමන්ගේ සාස්තරේ අඩුම ගානේ මුනුපුරෙක්ට වත් දෙන්නේ නැහැ...

    දැන් ඉන්නේ නම් සේරම බොරු...ඔය පත්තරේ ඇඩ්ස් දාන උන් නම් කරන්නේ තනිකරම බොරුවක්..මොකද දන්නා එකෙක් ඔය තැන සේරටම ගිහින් ලක්ෂ 05ක් විතර නැති කර ගත්තා :rofl::rofl:

    ගුරුකම ඇත්ත..එත් දැන් ඉන්නේ සේරම හොරු,ඕකයි ඇත්ත :dull::dull:

    me katawata mamat ekagai machan
    dan inne godak horu boru karayo
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ප්‍රශ්නය වැරදි තැන් වලින් අල්ලගන්න එපා මිත්‍රයා... මෙතන ඉන්න කවුරුත් යන්තර මන්තර ගුරුකම් බොරුයි කියන එකෙන් අදහස් කරල නෑ ඒව ඵල ප්‍රයෝජනයක් නැති වැඩ කියල අදහස් කරල නෑ මං හිතන්නෙ..

    මං නං කියන්නෙ මේකයි, අංගම්පොරත් තියෙන්න ඇති, ඒවයින් සුද්දට ගහන්නත් ඇති, ඒ ඇටෑක් වලට යන්තර මන්තර පාවිච්චි කරන්නත් ඇති.. ඒවයින් ප්‍රතිඵල ඇස් පනාපිටම ලැබෙන්නත් ඇති.. හැබැයි.. එකල ඒව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නම්න් හදුන්වන්නට නැතුව ඇති.. :)

    අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔය එකෙක්වත් අරූගෙ අභියෝගය බාරගෙන ගියේ නෑනෙ. කෝ උබ ඔය පෙන්නුවෙ කොරතොට ඉන්න වෙන එව්න් නෙමෙයිනෙ. උබට දැන් තියන තැනත් හරියටම කිව්ව. තව උබව එතනට අරන් යන්න මම උබලගෙ ගෙදරට වාහනයක් අරන් එන්න කියලද කියන්නෙ. ඔන්ලයින් කියවන්න විතරයිනෙ උබට පුලුවන්. මම තියන තැනත් කිව්ව , දැන් උබ ගිහින් බොරු කියල ඔප්පු කරල පෙන්නපන්.

    හරි රජමහා විහාරයේ Mr Aruuh Mooh නෙ?
    තෝ කිව්වෙ හොරු හැංගුනා කියල? කොරතොට හොරු හැංගුණා කියල නෙවේ න‍ෙ
    ඔන්ලයින්? උඹත් මේ වෙන එකක් ලියපු බ්ලොග් ආටිකල් එකක් උස්සල දාල තියෙන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තමන්ගෙ ඉතිහාසයවත් දන්නෙ නැති කවලම් එව්න් ඉන්න නිසා දැම්මෙ උඩ තියන ලිපිය. දන්නෙ නැති එව්න් ඒක කියවලවත් ඉගනගනින්. එහෙම කරලත් බැරිනම් මූව ගිහින් හමු වෙයන්.


    aa ban sinhalu kiyanne pure genes da? sinhalu kiyanne kawalan jathiyak.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හරි රජමහා විහාරයේ Mr Aruuh Mooh නෙ?
    තෝ කිව්වෙ හොරු හැංගුනා කියල? කොරතොට හොරු හැංගුණා කියල නෙවේ න‍ෙ
    ඔන්ලයින්? උඹත් මේ වෙන එකක් ලියපු බ්ලොග් ආටිකල් එකක් උස්සල දාල තියෙන්නෙ

    ඇයි බය හිතුනද ??
    මම කිව්වෙ නෑනෙ ලන්කාව වටේම හොරු හැන්ගුනා කියල.
    ඕක බ්ලොග් එකක් නෙමෙයි ලන්කාදීප පත්තරේ ගියපු ලිපියක්.
    උබට දැන් ඒව ප්‍රශ්න නෙමෙයිනෙ, ඒව අදාලත් නෑ. උබ අහපු දේට තියන තැන එක්ක උත්තර දුන්න, දැන් උබට පුලුවන්නම් ඔප්පු කරපන් ගිහින් බොරු කියල.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඇයි බය හිතුනද ??
    මම කිව්වෙ නෑනෙ ලන්කාව වටේම හොරු හැන්ගුනා කියල.
    ඕක බ්ලොග් එකක් නෙමෙයි ලන්කාදීප පත්තරේ ගියපු ලිපියක්.
    උබට දැන් ඒව ප්‍රශ්න නෙමෙයිනෙ, ඒව අදාලත් නෑ. උබ අහපු දේට තියන තැන එක්ක උත්තර දුන්න, දැන් උබට පුලුවන්නම් ඔප්පු කරපන් ගිහින් බොරු කියල.

    ආහ් අජන්ත 'පෙරේරා'
    අමු සිංහල කේන්දර බලල ශිල්පය දෙන පරම්පරාව පෟතුගීසී පෙරේරල උනේ කොහොමද බං?
    මුල්ලේරියා හටනෙදි වත් කලවම් වෙලාද :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    dilshan KASUNJITH:21539331 said:
    අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි.

    වර්තමානයට අනුව මට කියන්න තියෙන්නෙ එහෙනං මායා අංගම් යනු විද්‍යාව සහ මනස සමඟ කරන සටනයි කියල :) වෙන දෙයක් නෙවෙයි..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ආහ් අජන්ත 'පෙරේරා'
    අමු සිංහල කේන්දර බලල ශිල්පය දෙන පරම්පරාව පෟතුගීසී පෙරේරල උනේ කොහොමද බං?
    මුල්ලේරියා හටනෙදි වත් කලවම් වෙලාද :rolleyes:

    ඒකට හේතුව මම දාපු ලිපියෙ තියනව. ඒක බලන්නෙවත් නැතුව ගොන් ප්‍රශ්න අහන එකෙන් පේනව උබ මොන වගේ පිස්සෙක්ද කියල. :P :D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඇයි බය හිතුනද ??
    මම කිව්වෙ නෑනෙ ලන්කාව වටේම හොරු හැන්ගුනා කියල.
    ඕක බ්ලොග් එකක් නෙමෙයි ලන්කාදීප පත්තරේ ගියපු ලිපියක්.
    උබට දැන් ඒව ප්‍රශ්න නෙමෙයිනෙ, ඒව අදාලත් නෑ. උබ අහපු දේට තියන තැන එක්ක උත්තර දුන්න, දැන් උබට පුලුවන්නම් ඔප්පු කරපන් ගිහින් බොරු කියල.

    මිස්ට පෙරේරා කියන්නෙ යක්ෂ කාලෙ ඉඳන්ම තිබ්බ කියලනෙ.. විජයගෙ ඉඳල කාලිංග මාඝ එළාර ල ඇවිල්ල ඇකේ පුරල යන්කන් මුං මොකද කලේ?

    අඩුගානේ කොටි මුලතිව් වලට ගහල සෙබලු 2000 වතුර නැතිව අමුවෙ මරන කොට මෙයාලට අර මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. කියන එකෙන් වත් ගේමක් ගහන්න බැරි වුණා ද?