හරි හරි බැරි ඇලන්... මුල්ලේරියාව මහනුවර ගැන කතා කරල වැඩක් නෑ
මෙන්න මගේ අභියෝගය
1) සර්පයා නොදැක සර්පය කාපුවාම සර්පයගෙ නම කියන වෙදාගෙ නම ගමයි
2) ලංකාවෙන් පුස්කොළ අරන් ගිහින් හදපු එක බේතක නමයි හදපු අය යි ගැන යි දාපන් මේකෙ
දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්නම්.
source:
https://janarala.wordpress.com/2015/03/01/great-gene-robbery/
ලංකාව ජාන සම්පත පැත්තෙන් ඉතාම පොහොසත් රටක්. ජෛව විවිධත්වය අතින් ලංකාව ලෝකයේ 16 වැනි තැන උසුලනවා. ලංකාවට වඩා ජෛව විවිධත්වය වැඩි අනෙක් රටවල් හැම එකක්ම පාහේ ලංකාවට වඩා බෙහෙවින් විශාල නිසා ලංකාවේ මේ සම්පත විශේෂ තත්වයක් ලෙස සැලකෙනවා. ලංකාවේ ශාක හා සතුන්ගේ දැවැන්ත විවිධත්වක් තිබෙනවා වගේම ලංකාවට පමණක් ආවේණික, ලෝකයේ වෙන කිසිම රටක නැති ශාක හා සත්ව විශේෂ ගණනාවක් සිටිනවා. ලංකාව ජෛව සම්පතින් පොහොසත් වීමට අමතරව ඒ ශාක හා සත්ව සම්පත ඇසුරෙන් ආහාර ඖෂධ නිපදවන දිගු කාලීන ඉතිහාසයකුත් ලංකාවට හිමියි. විශේෂයෙන් ලංකාවේ ශාක වර්ගවලින් විවිධ ඖෂධ නිර්මාණය කරන සාම්ප‍්‍රදායික දැනුමක් ලංකාවේ තිබෙනවා. ආහාර සංස්කෘතියත් එහෙමයි. විවිධත්වයෙන් යුතු, පෝෂණ ගුණයෙන් අනූන, රසවත් ආහාර පාන සඳහා ශාක වර්ග භාවිත කෙරෙනවා. ධනවාදය තුළ හැම දෙයක්ම මිල කෙරෙනවා. ඒ නිසා පරිසරයත් ශාක වර්ග හා සතුනුත් මිල කෙරෙනවා. ඒවායේ අයිතිය පොදු සමාජ අයිතියේ සිට පෞද්ගලික හිමිකාරීත්වයට පවරා ගැනෙනවා. ජාත්‍යන්තර බුද්ධිමය දේපළ නීති හා පේටන්ට් බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රම සකස් වෙන්නේ ඒ අනුව. බලවත් රටවල් විසින් පරිධියේ රටවල ශාක හා සතුන්ගේ ජාන හොරකම් කර ඒවා සඳහා පේටන්ට් අයිතිය ලබාගැනීමේ සිදුවීම් වාර්තා වීම ආරම්භ වුණේ ඒ අනුව.
මේ ජාන මංකොල්ලයේ විශාලම ගොදුරක් බවට ලංකාව පත්වී තිබෙනවා. මේ වන විටත් ලංකාවේ ඖෂධීය පැළෑටි සහ තවත් ශාක වර්ග 100 ක පමණ පේටන්ට් අයිතිය බලවත් අධිරාජ්‍යවාදී රටවල සමාගම් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ කොල්ලකෑමට හසු වන්නේ ජාන සම්පත පමණක් නොවෙයි. ඒ ශාක වර්ග උපයෝගී කරගෙන විවිධ රෝග සුව කරන සාම්ප‍්‍රදායික දැනුමත් කොල්ලකනවා. නිදසුනක් විදියට ලංකාවේ දී කෝමාරිකා ශාකය සම පැහැපත් කිරීමට දිගු කාලයක සිට යොදා ගැනුණා. දැන් කෝමාරිකා ශාකයේ ඇති සමට බලපාන ජාන ඉවත් කරගෙන එහි අයිතිය අමෙරිකාව හිමි කරගෙන තිබෙනවා. ‘US 4966892, US 495797, US 4917890 US 4959214, US 4851224, US 4735935 යන පේටන්ට් බලපත‍්‍ර හයක් හරහා කෝමාරිකා ශාකයේ ජානවල අයිතිය අමෙරිකාව අයිති කර ගෙන. අපේ රටේ කොතල හිඹටු ශාකයෙන් දියවැඩියාව සුව කරන ඖෂධයක් සඳහා US 5691386 පේටන්ට් බලපත‍්‍රය හරහා අමෙරිකාවත් a JP 1029472 පේටන්ට් බලපත‍්‍රය හරහා ජපානයත් අයිතිය ලබාගෙන තිබෙනවා. කොතල හිඹටු ශාකයෙන් හෙපටයිටිස් බී රෝගය සුව කරන ඖෂධයක් සඳහා අමෙරිකාව US 5650167 යටතේ පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන තිබෙනවා. කොතල හිඹටු කැඳ දියවැඩියාව පාලනයට යොදා ගැනීම ලංකාවේ ඉපැරණි සාම්ප‍්‍රදායික ගැමි දැනුමක්. අද එය ජාවාරම්කාර ඖෂධ සමාගම් විසින් ලොව පුරා රෝගීන් සූරාකෑමට යොදා ගැනෙන්නේ ලංකාවට ශාකයේ අයිතිය පවා අහිමි කරමින්. මේ ආකාරයට බිනර මල් සඳහා පේටන්ට් 6ක්, බුරුත ගස් සඳහා පේටන්ට් 9ක්, කොහොඹ සඳහා පේටන්ට් 4ක්, ගම්මාලූ සඳහා පේටන්ට් 9ක් අමෙරිකාව, ඕස්ටේ‍්‍රලියාව, ජපානය ආදී රටවල් විසින් ලබාගෙන තිබෙනවා. බටහිර යුරෝපීය රටවල් කතුරුපිල, මාදං, කැකුණ, කුරුඳු, සාදික්කා, ගොටුකොළ, මස් බැද්ද ශාකවල ජාන හොරකම් කරගෙන තිබෙනවා. නෙල්ලි, ලූණුවිල, කරදමුංගු, වලගසාල්, හීන්බැබිල, වැල් අල, සාදික්කා, මාඝක්කා, ගොඩකදුරු, කළු දුරු, ඇත්තෝඩ, කරවිල, මිනීමල්, වෙනිවැල්ගැට ඇතුළු ශාක ගණනාවක වටිනා ජාන මේ හොරකමට හසුව තිබෙනවා. කිඹුල් හූනා, අං කටුස්සා, කූඩැල්ලා, මහ කැළෑ හූණා, දිවාසැරි හූනා ඇතුළු සතුන් ගණනාවකුත් මේ ජාන හොරකමට හසු වී තිබෙනවා. ලංකාවට ආවේණික බිනර මලේ නිල් පැහැයට අදාළ ජානය අමෙරිකාව හොරකම් කළ ආකාරයත් ලංකාවේ බිබිලේ (Bible) දොඩම්වල ජාන හොරකම් කර ඊශ‍්‍රායලය බයිබල් දොඩම් නිෂ්පාදනය කළ ආකාරය ගැනත් වෙනම පොතක් ලියන්න වුණත් පුළුවන්.
Pictures_htm_m63fda3e5-300x182මේ ජාන මංකොල්ලයේ අලූත්ම ගොදුර තමයි ලංකාවටම ආවේණික රතු කැකුළු සහල්වල රතු පැහැය ලබා දෙන ජානය. මේ පිළිබඳව පළමු තොරතුර ලැබුණේ පසුගිය පෙබරවාරි 17 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕර්ලන්ස් ප‍්‍රාන්තයේ පැවැති මාඩි ග‍්‍රා (mardi gras) උත්සවයේ දී මාඩි ග‍්‍රා යන වචනය ප‍්‍රංශ වචනයක්. එහි අර්ථය ‘තර අඟහරුවාදා’ (Fat Tuesday) යන්න. සාමාන්‍යයෙන් මේ නම භාවිත වන්නේ කිතු බැතිමතුන්ගේ අලූ බදාදා දිනට පෙර දින වන අඟහරුවාදාට. මෙය ඉංග‍්‍රීසි භාෂාවෙන් Shrove Tuesday යන නමත් භාවිත වෙනවා. සාමාන්‍යයෙන් කිතු බැතිමතුන් තම චතාරික කාලය හෙවත් වාර්ෂික උපවාසය ආරම්භ කරන්නෙ අලූ බදාදාට. එය අලූ බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින 40 ක් පුරා පැවැත්වෙනවා. ඒ උපවාසය ඇරඹීමට පෙර දින, අඟහරුවාදා හොඳින් කා බී, විවිධ ඇඳුම් විලාසිතා සහිතව සැණකෙළි පැවැත්වීමේ චාරිත‍්‍රයක් ඇතැම් රටවල පැවැත්වෙනවා. මාඩි ග‍්‍රා ලෙස හඳුන්වන්නේ ඒ සැණකෙළිය. මේ උත්සවය සාමාන්‍යයෙන් පැවැත්වෙන අමෙරිකානු, යුරෝපීය හා ඕස්ටේ‍්‍රලියානු මහාද්වීපවල කිතුනුවන් අතර. ලොව අනෙක් රටවල එම සිරිත දකින්න දුර්ලභයි.
කොහොම වුණත් පසුගිය පෙබරවාරි 17 අඟහරුවාදා අමෙරිකා එක්සත් ජනපදයේ කිතු බැතිමතුන් උත්සවකාරීව මාඩි ග‍්‍රා සැමරුවා. සාමාන්‍යයෙන් මාඩි ග‍්‍රා උත්සවයට නිල වර්ණයක් තිබෙනවා. බොහෝ විට කොළ, දම්, රත්තරං වැනි පැහැයක් මේ සඳහා යොදා ගැනෙනවා. අමෙරිකාවේ නිව් ඔර්ලන්ස් ප‍්‍රාන්තයේ මාඩි ග‍්‍රා උත්සවයේ නිල පැහැය දම් පැහැය. එදිනට හැම දෙනාම දම් පාට ඇඳුම් ඇඳගෙන, දම් පාට වෙස් මුහුණු පැළඳගෙන සතුටු වෙනවා. විශේෂ දම් පාට කේක් වෙළෙඳසැල්වල විකුණනවා. නිව් ඔර්ලන්ස්හි දම් පාට නිල පැහැය බවට පත් වන්නේ වසර 120 කට පමණ පෙර සිට. 1892 සිට. මෙවර මාඩි ග‍්‍රා උත්සවයේ දී අනෙකුත් දම් පැහැ කෑම බීම අතර විශේෂ ආහාරයක් සැණකෙළි භූමියේ තිබුණා ඒ තමයි ‘දම් බත්’(Purple Rice) මෙහි දම් පැහැය නිමවා තිබුණේ රතු පැහැය වර්ධනය කිරීමෙන්. මෙම බත් රසවත් වගේම දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගවලට ගුණදායක බව උත්සව සංවිධායකයන් නිවේදනය කළා. අමෙරිකානු ජනතාව කවදාවත් දැක නැති මේ බත් වර්ගය ගැන පසුගිය සතියේ අමෙරිකානු ජනමාධ්‍ය කතා කිරීම ඇරඹුවා. මේ සහල් වර්ගය කාගේ නිර්මාණයක්ද? ඒ සහල් සැපයූ සමාගම මේ නව සහල් වර්ගය නම් කර තිබුණේ ස්පාඤ්ඤ සම්භවයක් සහිත ‘බ්ලන්කා ඉසබල් (Blanka Isable) නමැති නමෙන්. මේ සහල් නිෂ්පාදනය කළ ආකාරය ගැන වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීමේ දී අදාළ සමාගම ප‍්‍රකාශ කලේ මේ සහල් වර්ගය නිෂ්පාදනය කළේ ලූසිියානා රාජ්‍ය විශ්වවිiාලයේ හිටපු මහාචාර්ය, අභාවප‍්‍රාප්ත මහාචාර්ය මිල්ටන් රෂ් (Milton Rush) විසින් 1998 දී පේටන්ට් බලපත‍්‍ර ලබා ගන්නා ලද ‘හිටන් කිටන්’ නම් සහල් වර්ගය වැඩි දියුණු කිරීමෙන් බව. මේ අතර ‘හිටන් කිටන්’(Hitan Kitan) නමින් සහල් වර්ගයක් සිය ජාන එකතුවේ නැති බව පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය පසුගිය සතියේ ප‍්‍රකාශ කළා. මිය ගිය මහාචාර්යවරයා තමන්ගේ නමින් පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන ඇත්තේ සයිප‍්‍රස් සම්භවයක් සහිත සුදු දිගටි සහල් ප‍්‍රභේදයකට ලංකාවේ රතු කැකුළු සහල්වල වර්ණය ගෙන දෙන ජානය බද්ධ කිරීමෙන් නිපද වූ සහල් වර්ගයකට බව මේ වන විට හෙළි වී තිබෙනවා. එය සිදුකර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ගොවීන්ගේ හෝ බලධාරීන්ගේ අවබෝධයකින් තොරව.
මෙය අධිරාජ්‍යවාදයේ තිරශ්චීන ජාන මංකොල්ලයේ තවත් එක් පියවරක් බව ඉතාම පැහැදිලියි. පසුගිය සති අන්තයේ අමෙරිකා එක්සත් ජනපදයේ සති අන්ත පුවත්පත් ගණනාවක් මේ ජාන මංකොල්ලය හෙළා දකිමින් ලිපි ලියා තිබුණා. නමුත් ලංකාව තුළ මේ ගැන මාධ්‍ය අවධානය යොමු වූයේම නැති තරම්. රටේ ජාන සම්පත කොල්ලකෑමට හසු වෙද්දී දේශපාලන වේදිකාවල අධිරාජ්‍ය විරෝධය ගැන කෑ මොර දෙන බලධාරීන් නොදුටු ඇස් ඇතිව, නොඇසූ කන් ඇතිව සිටිනවා. ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධය අධිරාජ්‍යවාදයේම කාසියේ අනෙක් පැත්ත වන ජාතිකවාදය මිස සැබෑ අධිරාජ්‍ය විරෝධය නොවෙයි. මේ මංකොල්ලයට වැට බැඳීම දැවැන්ත ජනතා ක‍්‍රියාකාරීත්වයක් සමඟ වගේම සමාජයේ ගැඹුරු පරිවර්තනයක් සමඟ බැඳී තිබෙනවා. පොදු පාරිසරික හා සමාජමය සම්පත් පෞද්ගලික දේපළ බවට පත් කර ගන්නා, මේ වගේ සමාජයක ඒවා හොරකම් කිරීමත් වළක්වන්න බෑ.





ගහ ගන්න නං බෑ මට සිරා කියන්නෙ හරි හමං ඇඟක් වත් නෑ
කතා කරල විසඳගමු ඕනෙම නන් 

