හම්බ උන ගොඩක් ගුරුවරු රත්තරන්. පෙන්නම බැරි උන දේ තමයි පන්තියේ ගුරුවරුන්ගේ ළමයි හිටියොත් උන්ට වැඩිපුර ලකුණු දාන එක. සිංහල උගන්නපු ටීචර් තරහා උනා එයා ලිව්ව වචනයක් වැරදියි කියලා පෙන්නුවම. එදා ඉදන් කැපිල්ල.
තව ඉංග්‍රීසි මිස් කෙනෙක් හිටියා කිසිම හේතුවක් නැතුව හින්ට් ගහනවා. ඉංග්‍රීසි පීරියඩ් දෙකක් තියෙන දවසට ඉස්කෝලේ ගියේ නෑ. හැම ගුරුවරයටම ඕලෙවල් පාස් උනාම පුංචි තෑග්ගක් දුන්නා. මේ ඉංග්‍රීසි මිස්ට දෙනකොට එපා කිව්වා තියෙන කුහක කමට.
සමහර එවුන්ව නම් කැත විදියට බැනලා මානසිකව වැට්ටුව. පව් බන් ඒ ළමයි. හැම තිස්සෙම කිව්වේ උඹලට අනාගතයක් නෑ උඹලා කාලකන්ණි ළමයි කියලා. හැබැයි අද ඒ ළමයින්ගෙන් සමහර අය අර දක්ෂ ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා.
ඇයි බන් ඒ ගුරුවරුන්ට බැරි උනේ ඔය ළමයින්ට මේවා ඉගෙන ගන්න අමාරු නම් ආසා දෙයක් ඉගෙන ගන්න කියලා කියන්න.
ගුරුවරු බැනපු ගොඩක් උන් ගුරුවරුන්ගෙන් හොඳ අහපු ගොඩක් උන්ට වැඩිය හොඳ තැන් වල ඉන්නවා.
ඒකත් කියන්නෙ අත්දැකීමෙන් ,
මගෙ යාලුවෙක් හිටියා ඌ ඉගෙනීම බිංදුවයි .
පන්තියෙ අන්තිම හැමදාම.
එත් ඌ ක්‍රිකට් වලට දක්ෂයි .
අපෙ ඉස්කොලෙ ක්‍රිකට් ඉතිං එච්චරම ෆෙමස් නැහැ .
පරදින මැච්ම තමා අපෙ ඉස්කොලෙ ටීම් එක ගැහැව්වෙත් .
ඕ ලෙවල් කෙලව ගත්තා ඌ .
මගෙ යාළුවාගෙ සෙට් එකෙ උන් හිටියෙ අන්තිම පේලියෙ .
ගුරුවරු කිව්වාලු " අර අන්තිම පෙලියෙ ඉන්න අය කවදා හරි බෝක්කුවක් උඩ තමා ඉන්නෙ " කියලා .
අද මගෙ ඒ යාළුවා කුවෙට් රටෙ නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා .
ඌ මට මෙ ලඟදි මතක් කරා ඌට ගුරුවරු බැනපු විදිය එහෙම.
තව එකෙක් හිටියා ඕ ලෙවල් පන්තියෙ 35 වෙනියා.
පන්ති බාර මිස් රිපොර්ට් එක දෙද්දි ඌට කිව්වාළු පුළුවන් ඕ ලෙවල් නම් පාස් වෙන්න බලන්න කියලා
ඌ ගෙදර අයියිඅලා අක්කලාගෙ උදව්වෙන් ඕ ලෙවල් යන්තම් ගොඩ දාගත්තා ,ගණන් වලට ඒ එකක් එහෙම තිබ්බා.
මැත්ස් කරන්න ආවා .
පට්ට උනන්දුවෙන් වැඩ කරා .
අන්තිමට කැම්පස් දැම්මෙ ඌ අපෙ ඉස්කොලෙ මැත්ස් කරපු උන්ගෙන් .
ඒ පන්තියෙම ගුරුවරුන්ගෙන් හොඳ අහපු හොඳ පුතා වගෙ උන් ටිකක් හිටියා .
කොටින්ම පිනා ගාවට බය නැතිව ගිහින් කත කරන්න පුළුවන් කැපැසිටි එකක් තිබ්බ උන් සෙට් එකක්
එකෙක් ඒ ලෙවල් මැත්ස් ෆේල් වෙලා කොමර්ස් කරලා පාස් උනා
ඔන්න කොහෙදො පොඩි තැනක පොඩි ජොබක් කරනවා තුට්ටු දෙකෙ පඩියට.
තව එකෙක් මැත කරලා ෆේල් වෙලා මැකැනික් කොර්ස් එකක් කරලා තුට්ටු දෙකෙ පඩියට වැඩ .
ඒ සෙට් එකෙම තවත් එකෙක් මැත ෆේල් .
තාත්තට සල්ලි තිබ්බ නිසා ඌව ඔසී යැවුවා ඥාතියෙක්ගෙත් උදව්වෙන් .
අර ගොඩක් උන් වගෙ ඩිග්‍රි එක කෙලවෙගෙන එද්දි හොටෙල් කොර්ස් එකකට මාරු වෙලා දැන් එහෙ හොටෙල් එකක වැඩ .
හැබැයි ගොට්ට අල්ලන්නෙ නැතිව සිරාවටම වැඩ කරලා ලකුණු තිබ්බ කොල්ලොත් හිටියා .උන් සිරා තැන් වල ඉන්නවා .
අර ගොට්ට අල්ලපු උන්ට ඇඩ්‍රස් නැහැ .
ගුරුවරු මැන්නෙ පන්තිය ඇතුලෙ විභාගෙ ලකුණු වලිනුයි .
තාත්තාගෙ රස්සාවෙනුයි .
දෙමාපියොන්ගෙ සහභාගීත්වයෙනුයි වගෙ දෙවල් වලින්.
එත් ඒ ගොල්ලො නොදැක්ක කොච්චර වෙනත් හැකියාවන් තිබ්බ උන් හිටියාද ?
සමහරු වාසනාවකට මෙන් චාන්ස් වැදුනා වෙනත් ක්‍රම හරහා .
එත් සමහරු එහෙම නැහැ .