හොඳ සාස්තර කියන පොට් දෙකකින් බලවාපන්..
බලන් හිටියා වගේ කියනවා සමහර පොට් වල.. දැන් අවුරුදු 15 කට විතර කලින් මම ගියා යාලුවෙක් එක්ක උන්ගේ ගෙවල් ගාව කොල්ලෙක් කරන දේවාලෙකට.
ගෙදර බුලත් අතක් දවසක් තියලා පහුවදා උදේම යන්න ඕනේ අරුගෙන් සාස්තරේ අහන්න ..
මූ බුලත් අතේ කොළ එක එක අයින් කර කර විස්තර කියනවා අම්මට හුඩු බලන් හිටියා වගේ . ගෙදර හැටි, ලිද තියෙන තැන, වත්තේ තියෙන ගස්.. කොඩිවින අනවින තිබිලා ඒවගේ බල බිඳිලා කිඒව අපේ ආතා කරපු දේවල් නිසා..
මූ එක පාරට කියාපි ඩේවිඩ් අයියා යි, ගීමා නොනායි ඔය ඉඩමේ තාම ඉන්නවා පින් දෙන්න කියලා. මම දන්නේ නෑ මේ නම් දෙකම..
ගෙදර ආපු ගමන් මහ ගෙදෙට්ට දුවල අච්ච්චි අම්මා ගෙන් ඇහුවා කවුද ආචියියේ ගිමා නෝනා කියන්නේ ඩේවිඩ් අයියා කියන්නේ කියලා.
ටහුදු අච්චී අම්මත් උඩ ගිහින් කියා පි..
ගි මා නෝනා කියන්නේ 1800 ගණන් වල ජීවත් වෙච්ච අපේ ආචවිගේ ලොකු අම්මා..
ඩේවිඩ් අයියා කියන්නේ අපේ සීයා මේ ඉන්න ඉඩම සල්ලි වලට ගත්තේ උගෙන් ලු. ඔන්න බලපන් සංසාරේ හැටි ...