ගෙදරදී ෆිෂ් කේක් හදමු (Fish Cake)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගෙදරදී ෆිෂ් කේක් හදමු (Fish Cake) - Your Choice Way
    අවශ්‍ය දේවල්:
    • සුද්ද කරගත් මාළු ග්‍රෑම් 500 ක් (ඔබ‍ට මෙයට තලපත් හෝ ටුනා මාළු ගන්න පුළුවන්)
    • චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැදි 1 ක්
    • ෆිෂ් සෝස් මේස හැදි 1ක්
    • දෙහි යුෂ මේස හැදි 1ක්
    • බිත්තර 1ක්
    • පිටි ග්‍රෑම් 70
    • බ්රෙඩ් ක්‍රම්බ් මේස හැදි 2ක් (තිබේනම් )
    • ලුණු රස අනුව
    • ගම්මිරිස් රස අනුව
    • පොඩියට කපාගත් බෝංචි කරල් 3ක්
    • මිරිස් කුඩු තේ හැදි 1ක්
    සාදන විදිහ:
    1. බ්ලෙන්ඩ් ඒක අරගෙන එයට මාළු,කොත්තමල්ලි කොළ,ලුණු,දෙහි යුෂ,ගම්මිරිස්,ෆිෂ් සෝස්,බිත්තර,මිරිස් කුඩු දාගෙන හොදට බ්ලෙන්ඩර් කරගන්න..
    2. ඉන්පසු එය බෝල් එකකට දාලා එයට පිටි,බ්රෙඩ් ක්‍රම්බ්,බෝංචි දාගෙන හොදට කවලම් කරගෙන පැත්තකින් තියාගන්න.
    3. දැන් පැන් එකක් අරගෙන එයට තෙල් මේස හැදි 5ක් දාලා රත් වෙන්න තියන්න.
    4. දැන් මාළු මිශ්‍රණය ගෙන මිශ්‍රණයෙන් ටික ටික අතට අරගෙන අල්ලේ තියාගෙන පැතලි ආකාරයට හදාගන්න.
    5. ඉන්පසු රත් වුණු පැන් එකේ දෙපැත්ත දාගෙන කුක් කරගන්න.
    👉 මේවගේ කෑම හදන විදිහ දැනගන්න අපගේ kaama lantha app එක google play එකෙන් අදම download කරගන්න

    Original post click here
     
    Last edited: