ගෙදර මරණයක් උනොත්?

gtvtkw

Member
Sep 5, 2016
9
0
0
ගෙදර මරණයක් උනොත්?

කට්ටියගෙන් thread එකක් ඉල්ලනයි ආවේ මේ..

ගෙදර මරණයක් උණොත් අපි මොනවද කරන්න ඕනේ කියල මුල ඉදලම අවසානය දක්වා,,කෙරෙන පිළිවෙල කියල දෙන්න පුළුවන් කාටද..එක ලොකු උදව්වක් වේවි..

ගොඩක්ම වැඩිමල් අයනේ ඕවා කරන්නේ..අපිත් දැනන් හිටියොත් හුගක් වටිනවා..
 

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අපගේ සාමාන්‍ය ජීවිතයේදී අපගේ ළඟම ඥාතියෙකු,හිතවතෙකු ,හෝ වෙනත් අයෙකු රෝගී තත්වයක් ඇතිව හෝ නැතිව අසාමාන්‍ය අවස්ථාවකදී මියගිය හොත් හෝ සාපරාධි ක්‍රියාවකින් ඝාතනය වී තිබුණහොත් ප්‍රථමයෙන් එකී මරණය දැනගත්තේ ඔබනම් කලයුත්තේ කුමක්ද?

    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 21 (ආ) වගන්තිය අනුව “යම් හදිසි හෝ අස්වාභාවික මරණයක් හෝ සහාසික අපරාධයකින් වූ මරණයක් හෝ සැක කටයුතු අවස්ථාගත කරුණු යටතේ වූ මරණයක් ගැන හෝ යම් තැනැත්තෙකුගේ මරණය සිදුවුයේ කෙසේදැයි හෙළිදරවු නොවී ඒ තැනැත්තාගේ මළ සිරුර සොයා ගනු ලැබූ බව දන්නා සෑම තැනැත්තෙකුම ඒ හදිසි මරණය පිළිබඳව ළඟම පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය වෙත හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා වෙත වහාම දැනුම්දිය යුතුය.

    ඉන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයෙකු වෙත හෝ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු වාර්තා කළ යුතුය.සාමාන්‍යයෙන් බැලුබැල්මට පිහි ඇනුමකින් හෝ වෙඩි තැබීමකින් සිදු වී ඇති මරණයක් නම් පොලිස් ස්ථානාධිපති වරයා විසින් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වරයා වෙත සෘජුවම කරුණු වාර්තා කරන අතර ඉන් පසුව මහේස්ත්‍රාත් වරයා විසින් මරණය සිදුව ඇති ස්ථානය සහ මෘත ශරීරය රෝහලේ තබා ඇත්නම් රෝහල වෙත ගොස් නිරීක්ෂණ සටහන් ඇතුලත් කොට මරණයට හේතුව දැනගැනීමට රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත නියෝගයක් නිකුත්කොට ඉන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අපරාධයකින් මරණය සිදුව ඇති බවට තීරණය කළහොත් අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝග කරයි.

    නමුත් වසබිමෙන් හෝ වෙනත් කාරණයක් හේතුකොටගෙන සියදිවි නසාගෙන ඇති අවස්ථාවක පොලිසිය විසින් හදිසි මරණ පරීක්ෂකවරයෙකුගේ සහය මත මරණ පරීක්ෂණ කටයුතු කරන අතර හදිසි මරණ පරීක්ෂක වරයාට අදාල මරණය සම්බන්ධයෙන් සැක සහිත අවස්ථාවක මෘත ශරීරය කපා මරණයට හේතුව ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය වරයෙකුට නියෝග කලයුතුය.

    මේ අනුව ඉහත සඳහන් ආකාරයට හදිසි මරණයක් වූ අවස්ථාවක,

    (අ).ළඟම පිහිටි පොලිසියට හෝ ග්‍රාම නිලධාරී වරයාට පැමිණිලි කරන්න

    (ආ).මෘත ශරීරය හෝ එම පරිශ්‍රයට ඇතුල්වීම හෝ ඇල්ලීම නොකරන්න

    (ඇ).ඉහත නීතිමය කටයුතු නොකර මරණයේ අවසන් කටයුතු කිරීමෙන් පසුකාලිනව නීතිමය ගැටළු මතුවේ

    (ඈ)මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය ලබාගන්න

    නමුත් කිසියම් පුද්ගලයෙකුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස සලකා වලදැමූ පසු පසු කාලීනව එකී මරණය පිලිබඳ සාධාරණ සැකයක් මතු වේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් හෝ එකී පැමිණිල්ලට පොලිසිය පියවරක් නොගන්නේ නම් පෞද්ගලිකව අදාල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වෙත ලිඛිතව පැමිණිලිකිරීමෙන් නැවත එකී මෘත ශරීරය ගොඩගෙන පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බව මතක තබාගැනීම වැදගත් වේ.


    http://lawpage.lk/introduction-to-sri-lankan-law/leagal_responsibility_on_an_accidental_deat
     
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින්ම ගිහිං මරණාධාර සමිතියට කියල හට් ටිකයි පුටු ටිකයි වෙන් කරගනිං :yes: :yes:
    ඊලඟට අලවන්න ඕනෙ දැන්වීම් කාරිය print කරන්න දීපං :yes: :yes:
    ඊලඟට ඥාති සනහුරයා අමතන්න ඕනෙ මලා කියල දැන් මිනිස්සු කාර්යබහුල වීම එක්ක ගොඩ දෙනෙක්ට තමන් දන්න අයට කියන්න අමතක වෙනව :confused::confused:
    ඒ නිසා උඹලම අමතල කියන එක තමා හොඳ අපේ ආච්චි මැරිල මාසෙකට විතර පස්සෙ තමා ආච්චිගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ට ආරංචි වෙලා තියෙන්නෙ මෙහෙ ඇවිල්ල බැනල බැනල ගියා :sorry: :sorry:
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    මුලින්ම ගිහිං මරණාධාර සමිතියට කියල හට් ටිකයි පුටු ටිකයි වෙන් කරගනිං :yes: :yes:
    ඊලඟට අලවන්න ඕනෙ දැන්වීම් කාරිය print කරන්න දීපං :yes: :yes:
    ඊලඟට ඥාති සනහුරයා අමතන්න ඕනෙ මලා කියල දැන් මිනිස්සු කාර්යබහුල වීම එක්ක ගොඩ දෙනෙක්ට තමන් දන්න අයට කියන්න අමතක වෙනව :confused::confused:
    ඒ නිසා උඹලම අමතල කියන එක තමා හොඳ අපේ ආච්චි මැරිල මාසෙකට විතර පස්සෙ තමා ආච්චිගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ට ආරංචි වෙලා තියෙන්නෙ මෙහෙ ඇවිල්ල බැනල බැනල ගියා :sorry: :sorry:

    WhiteWalker ගේ ආච්චි කවුද බන් :angry::angry:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Marunata passe wala daapan. Innakan hodata kanna bonna deela sathutin thiyapan. Pin daham karawapan. Malata passe Kannada UTTO.. sorry kunuharupayak kiyauna
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුලින්ම අතේ කියක් හරි තියාගෙන ඉන්න ඔනේ හදිස්සියකට ගන්න නැත්තම් මේ වගේ වෙලාවට ලොකු අමාරුවක වැටෙනවා:yes::yes: මම දන්න විදියට මුලින්ම ග්‍රාමසේවකට දැනුම් දෙන්න ඔනේ මොකක් හිරි සැකයක් තියෙනව නම් මරණ පරික්ෂනයක් ති‍යන්න කියනවා එහෙම වුනොත් මේක පොලිසිය මගින් තමයි මැදිහත් වෙන්නේ එතකොට මල සිරුර අතපතගාන්න යන්නේ නැතුව ඉන්න තමයි තියෙන්නේ එහෙම අවුලත් නැත්තම් මරණ සහතිකේ වැඩ කරලා දෙනවා.:dull: ඊට පස්සේ සිරුර එම්බාම් වලට ගන්න පුලුවන් ඒකට මල්ශාලාවකට වැඩේ පවරන්න පුලුවන් එතන හිටන් වැඩ කටයුතු ගොඩක්ම මල්ශලාවෙන් පහසුවෙන් කරගන්න පුලුවන් සිරුර ගෙනියන වැඩේ හිදලා එම්බාම් කරලා මිනිය ගෙනල්ලා සුදුසු තැනක තියලා සැරසිලි කරලා දෙනවා ඒවට ඒ ඒ අනුව ගෙවිම් කරන්න ඔනේ .ඊට පස්සේ හට් අනන් මනන් ගෙනල්ලා ඒව හයිකරන්න ඒවත් ඉතින් මල්ශාලවෙන් හෝ වෙනත් කුලි ආයතනයට පැවැරුවාම එයාලම ඇවිත් ඒව කරලා දෙනවා නැත්තම් ගමේ අය එකතු වෙලා ඒ කටයුත් නොමිලේම කරගන්නත් පුලුවන් :Dමරණාධාර සමිති වලට ඇතුලත්‍ වෙලා තියෙනවනම් තවත් පහසුයි:yes:.ඊට පස්සේ අවමංග්‍ය‍යට සහභාගි වන අයට තේ කොපි දෙනවා අද නම් ඉතින් කරන්නේ නෙස්කැෆේ මැෂින් එකක් කුලියට ගෙනත් එකෙන් හදලා එන අයට දෙන එක එක පහසුයි, රෑට නයිට් එක ගහන අයට පාන් බනිස් ඒවත් දෙන තැන් තියෙනවා අපේ පැති වලනම් ඒව ලගපාත අය බාරගන්නවා :rolleyes:.ඊට පස්සේ පවුලේ අය අවසන් දිනයක් තිරණය නෑදෑයන්ටත් එව පවුලේ කෙනෙක් හෝ නෑදෑ කෙනෙක් ඈත ඉන්න අයට දැනුම් දෙන්න පොඩි දැන්විම් ගහනවා නම් එවත් කරගන්න මේවා .ඊට පස්සේ භුමිදානයට හො අදාහන කටයුතු වලට ලැස්තිවෙන්න ඔනේ බෞද්ධ අය නම් පන්සලට ගිහිල්ලා හාමුදුරුවො දැනුවත් කරන්න ඔනේ අහවල් දවසේ අවසන් කටයුතු කරන්න බලා‍පොරොත්තු වෙනවා ඒදාට හාමුදුරු වහන්සේලා වැඩලා පාන්සකුලය සහ අනෙක් කටයුතු කරලා දෙන්න කියලා අරාධනා කරන්න ඔනේ . ඊට පස්සේ අදාහනා ගාරයට හෝ භුමිදානය නම් ඒවගෙන් දින වෙලාවන් ගන්න ඔනේ අවසන් දිනයට හර්ස් එකක් ලැස්ති කරගන්න එක මල්ශලාවෙන් ගන්න පුලුවන් .එදාට එන දුර බැහැර අයට ලගපාත ගෙදරකින් කෑම වේලක් දෙනවා ඒව නම් ගමේ අය කරනවා ,අවසන් දවසේ ආගමික කටයුතු ඉවර වුනාට පස්සේ සිරුර අදාහනය සදහා ගෙනියනවා ඔය විදියට තමයි අපේ ගම් වල මලගෙවල් සිදුකරන‍්නේ සමහර පැතිවල චාරිත්‍රි වාරිත්‍රි වෙනස් ගොඩක් නෑදෑයෝ ගමේ උදව් කරන්න අය නැත්තම් ඔක්කෝම වැඩ මල්ශාවේදිම කරන තැනුත් තියෙනවා .:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ලංකාවේ එක එක පළාත්වල එක එක විදියට මළගෙවල් වල වැඩකටයුතු වෙන්නේ.එක නිසා මේකේ කට්ටිය එක එක දේවල් කියයි හොදම දේ ඒ ප්‍රදේශයේ වැඩිහිටියෙකුගෙන් අහන්න එක.ලගදී කුරුණෑගල මලගේදරකට ගියා අල්ලපු ගෙදර එකා පාන්සකුලේ දෙනවෙලාවේ ජනෙල් පියන් වගයක් පොලිෂ් කරනවා මහා සද්දෙන්.ඉස්සරහ ගෙදර එකා තණකොළ කපනවා.ගමේ කෙනෙක්ගෙන් ඇහුවම මෙහේ හැටි කිව්වා.අපේ පැත්තේ නම් ඒ වෙලාවට කඩවල් පවා වහනවා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,507
    113
    නිධානයක් උඩ
    ආදාහනය කරන්න ඉන්නවනම් ළඟම තියන ආදාහනාගාරය ඉක්මනින්ම බුක් කරගන්න. වෙන කෙනෙක් ගත්තොත් දුර තැනකට මිනිය ගෙනියන්න වෙනවා. සාමාන්‍යයෙන් බුක් කරන්න තියෙන්නේ ප්‍රාදේශීය සභාවෙන් ද කොහෙද..