මුලින්ම අතේ කියක් හරි තියාගෙන ඉන්න ඔනේ හදිස්සියකට ගන්න නැත්තම් මේ වගේ වෙලාවට ලොකු අමාරුවක වැටෙනවා


මම දන්න විදියට මුලින්ම ග්රාමසේවකට දැනුම් දෙන්න ඔනේ මොකක් හිරි සැකයක් තියෙනව නම් මරණ පරික්ෂනයක් තියන්න කියනවා එහෙම වුනොත් මේක පොලිසිය මගින් තමයි මැදිහත් වෙන්නේ එතකොට මල සිරුර අතපතගාන්න යන්නේ නැතුව ඉන්න තමයි තියෙන්නේ එහෙම අවුලත් නැත්තම් මරණ සහතිකේ වැඩ කරලා දෙනවා.

ඊට පස්සේ සිරුර එම්බාම් වලට ගන්න පුලුවන් ඒකට මල්ශාලාවකට වැඩේ පවරන්න පුලුවන් එතන හිටන් වැඩ කටයුතු ගොඩක්ම මල්ශලාවෙන් පහසුවෙන් කරගන්න පුලුවන් සිරුර ගෙනියන වැඩේ හිදලා එම්බාම් කරලා මිනිය ගෙනල්ලා සුදුසු තැනක තියලා සැරසිලි කරලා දෙනවා ඒවට ඒ ඒ අනුව ගෙවිම් කරන්න ඔනේ .ඊට පස්සේ හට් අනන් මනන් ගෙනල්ලා ඒව හයිකරන්න ඒවත් ඉතින් මල්ශාලවෙන් හෝ වෙනත් කුලි ආයතනයට පැවැරුවාම එයාලම ඇවිත් ඒව කරලා දෙනවා නැත්තම් ගමේ අය එකතු වෙලා ඒ කටයුත් නොමිලේම කරගන්නත් පුලුවන්

මරණාධාර සමිති වලට ඇතුලත් වෙලා තියෙනවනම් තවත් පහසුයි

.ඊට පස්සේ අවමංග්යයට සහභාගි වන අයට තේ කොපි දෙනවා අද නම් ඉතින් කරන්නේ නෙස්කැෆේ මැෂින් එකක් කුලියට ගෙනත් එකෙන් හදලා එන අයට දෙන එක එක පහසුයි, රෑට නයිට් එක ගහන අයට පාන් බනිස් ඒවත් දෙන තැන් තියෙනවා අපේ පැති වලනම් ඒව ලගපාත අය බාරගන්නවා

.ඊට පස්සේ පවුලේ අය අවසන් දිනයක් තිරණය නෑදෑයන්ටත් එව පවුලේ කෙනෙක් හෝ නෑදෑ කෙනෙක් ඈත ඉන්න අයට දැනුම් දෙන්න පොඩි දැන්විම් ගහනවා නම් එවත් කරගන්න මේවා .ඊට පස්සේ භුමිදානයට හො අදාහන කටයුතු වලට ලැස්තිවෙන්න ඔනේ බෞද්ධ අය නම් පන්සලට ගිහිල්ලා හාමුදුරුවො දැනුවත් කරන්න ඔනේ අහවල් දවසේ අවසන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒදාට හාමුදුරු වහන්සේලා වැඩලා පාන්සකුලය සහ අනෙක් කටයුතු කරලා දෙන්න කියලා අරාධනා කරන්න ඔනේ . ඊට පස්සේ අදාහනා ගාරයට හෝ භුමිදානය නම් ඒවගෙන් දින වෙලාවන් ගන්න ඔනේ අවසන් දිනයට හර්ස් එකක් ලැස්ති කරගන්න එක මල්ශලාවෙන් ගන්න පුලුවන් .එදාට එන දුර බැහැර අයට ලගපාත ගෙදරකින් කෑම වේලක් දෙනවා ඒව නම් ගමේ අය කරනවා ,අවසන් දවසේ ආගමික කටයුතු ඉවර වුනාට පස්සේ සිරුර අදාහනය සදහා ගෙනියනවා ඔය විදියට තමයි අපේ ගම් වල මලගෙවල් සිදුකරන්නේ සමහර පැතිවල චාරිත්රි වාරිත්රි වෙනස් ගොඩක් නෑදෑයෝ ගමේ උදව් කරන්න අය නැත්තම් ඔක්කෝම වැඩ මල්ශාවේදිම කරන තැනුත් තියෙනවා .
