ගෙවල් හදපු උන් කො - දොරවල් මොනවාද දැම්මේ

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    113
    43
    මට පොඩි ගැටලුවක් තියෙනවා

    අඩි ලී 6.5*3 දොරවල් 3ක් අවශයයි
    ගේ ඇතුලේ කාමර වලට හයි කරන්න - ගේ ගොඩාක් open area තියෙනවා එක නිසා හොද දොරවල් ටිකක් කාමර වලට දාන්න හිතුවේ
    මොවනාද හොද ලී වර්ග
    අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
    තව වැඩක් තියෙනවා දැනට දාලා තියෙන උලුවස්ස කොන්ක්‍රිට් එකට දොරවල් හයි කරනකොට මොනවාද බලපාන ප්‍රෂ්ණ
    පේන්ට් කරපු නැති දොරක් කොච්චර වෙයිද ?
    හදපු ‍හොද ‍දොරවල් ගන්න තියෙන්නේ කොහේද
    ?

    1732466513812.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    දොරවල් වඩු බාස් කෙනෙක් අල්ලගෙන හදාගනින්..
    කොස්, තේක්ක හොඳයි.. මහෝගනී වගේ දානවා නම් වතුරට තෙමුනොත් දිරනවා..
     
    • Like
    Reactions: rakitha9

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    දොරවල් වඩු බාස් කෙනෙක් අල්ලගෙන හදාගනින්..
    කොස්, තේක්ක හොඳයි.. මහෝගනී වගේ දානවා නම් වතුරට තෙමුනොත් දිරනවා..
    හෙට දිහාට යන්න ඔනා බලන්න
    මම ඔක්කොම දොරවල් දැම්මේ මේවගෙන් . .

    https://fusimyk.en.made-in-china.co...Steel-Security-Door-Indoor-Security-Door.html
    ලංකාවේ කොහේද ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    දොරවල් වඩු බාස් කෙනෙක් අල්ලගෙන හදාගනින්..
    උබ ජෝක් කරනවද බ්‍රෝ ?? දොරවල් හදන්නේ වඩු බාස් තමයි බන්. මේසන් බාස් / පයිප්ප බාස් / කොත්තු බාස් දොරවල් හදන්නේ නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    උබ ජෝක් කරනවද බ්‍රෝ ?? දොරවල් හදන්නේ වඩු බාස් තමයි බන්. මේසන් බාස් / පයිප්ප බාස් / කොත්තු බාස් දොරවල් හදන්නේ නෑ.
    කඩේ size වලට හදපු ඒවත් තියනවා බං. මූ අහන්නේ ඒවත් බලන්නද කියලා
     
    • Like
    Reactions: Thu Nodakin

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ගෙයක් ඇතුලෙ නිසා මහෝගනි වලින් කරා නම් ගාන ගොඩක් ෂේප්. කොස් වලින් තේරුමක් නෑ වියදම වැඩියි. එකට එකක් ලාබයි. හැබැයි හරි වඩුවෙක් අල්ලගනිං, හරියට ගණං කතා කරපං. මට කෙල උනේ ගණං හරියට කතා කරගත්තෙ නැති නිසා. සාමාන්‍යයෙන් මහෝගනි වලින් දොරක් ෆුල් කම්ප්ලීට් කරන්න, කැටයම් දාපු දොරක්, 22-25ත් අතර වගේ ගානක් යයි උළුඅස්සටත් එක්ක.

    වෝටර් බේස් වලට වෙනම යයි.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    ගෙයක් ඇතුලෙ නිසා මහෝගනි වලින් කරා නම් ගාන ගොඩක් ෂේප්. කොස් වලින් තේරුමක් නෑ වියදම වැඩියි. එකට එකක් ලාබයි. හැබැයි හරි වඩුවෙක් අල්ලගනිං, හරියට ගණං කතා කරපං. මට කෙල උනේ ගණං හරියට කතා කරගත්තෙ නැති නිසා. සාමාන්‍යයෙන් මහෝගනි වලින් දොරක් ෆුල් කම්ප්ලීට් කරන්න, කැටයම් දාපු දොරක්, 22-25ත් අතර වගේ ගානක් යයි උළුඅස්සටත් එක්ක.

    වෝටර් බේස් වලට වෙනම යයි.
    අන්න එක තමා මටත් තියෙන ප්‍රෂ‍්නේ මුං පටං ගන්න‍කොට කියන ගනන් නෙවෙයි ඉවර වෙද්දි කියන්නේ
     
    • Like
    Reactions: chami2015

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,056
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට පොඩි ගැටලුවක් තියෙනවා

    අඩි ලී 6.5*3 දොරවල් 3ක් අවශයයි
    ගේ ඇතුලේ කාමර වලට හයි කරන්න - ගේ ගොඩාක් open area තියෙනවා එක නිසා හොද දොරවල් ටිකක් කාමර වලට දාන්න හිතුවේ
    මොවනාද හොද ලී වර්ග
    අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
    තව වැඩක් තියෙනවා දැනට දාලා තියෙන උලුවස්ස කොන්ක්‍රිට් එකට දොරවල් හයි කරනකොට මොනවාද බලපාන ප්‍රෂ්ණ
    පේන්ට් කරපු නැති දොරක් කොච්චර වෙයිද ?
    හදපු ‍හොද ‍දොරවල් ගන්න තියෙන්නේ කොහේද
    ?

    View attachment 242312
    Bartroom walatat kos damme
    Dan danna giyot lee tikata witarak laksha 30 paninawa

    Nadum mara dapan aratuwa ekka water base karala pittala ana dala
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගෙයක් ඇතුලෙ නිසා මහෝගනි වලින් කරා නම් ගාන ගොඩක් ෂේප්. කොස් වලින් තේරුමක් නෑ වියදම වැඩියි. එකට එකක් ලාබයි. හැබැයි හරි වඩුවෙක් අල්ලගනිං, හරියට ගණං කතා කරපං. මට කෙල උනේ ගණං හරියට කතා කරගත්තෙ නැති නිසා. සාමාන්‍යයෙන් මහෝගනි වලින් දොරක් ෆුල් කම්ප්ලීට් කරන්න, කැටයම් දාපු දොරක්, 22-25ත් අතර වගේ ගානක් යයි උළුඅස්සටත් එක්ක.

    වෝටර් බේස් වලට වෙනම යයි.
    හොද මහෝගනී හා කොස් අතර මිලේ ලොකු වෙනසක් නෑ. දෙකම එකම ක්ලාස් එකේ (Luxury Class) එකේ තියෙන දැව දෙකක්.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    හොද මහෝගනී හා කොස් අතර මිලේ ලොකු වෙනසක් නෑ.
    මම නම් දන්නෙ නෑ බං හොඳ මහෝගනී සීන් එකක්. හැබැයි කොස් වල තමයි හොඳ ලී හොයාගන්න අමාරු. ගොඩක් තැන් වල බැදිදෙල් දෙනව අන්දල කොස් කියල. මහෝගනි නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ නේ. මහෝගනි වර්ග අඩිය 360යිද මංද, කොස් 700ගානක්. මට මේ ගණං නම් ෂුවර් නෑ ඉන්වොයිස් චෙක් කරල කියන්න වෙන්නෙ.
    මම ප්‍රධාන දොර විතරක් හැදුව කොස් වලින්, අනිත් කාමර දොරවල් ඔක්කොම මහෝගනි හැදුවෙ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මම නම් දන්නෙ නෑ බං හොඳ මහෝගනී සීන් එකක්. හැබැයි කොස් වල තමයි හොඳ ලී හොයාගන්න අමාරු. ගොඩක් තැන් වල බැදිදෙල් දෙනව අන්දල කොස් කියල. මහෝගනි නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ නේ. මහෝගනි වර්ග අඩිය 360යිද මංද, කොස් 700ගානක්. මට මේ ගණං නම් ෂුවර් නෑ ඉන්වොයිස් චෙක් කරල කියන්න වෙන්නෙ.
    මම ප්‍රධාන දොර විතරක් හැදුව කොස් වලින්, අනිත් කාමර දොරවල් ඔක්කොම මහෝගනි හැදුවෙ.
    හොදට මෝරපු බැදිදෙල් ලීයත් හොද ශක්තිමත් ලීයක් තමයි. හැබැයි කොස් කියල දෙන එක නම් වැරදියි. දැව සංස්ථාවේ කොස් / මහෝගනී මිල බලන්න. ගොඩ ලී කාරයන්ගේ තියෙන්නේ අමුතුම මිල සුත්‍රයක්. උන් ලී ගන්න එන එකාගේ ඇදුමටත් ගණන් වෙනස් කරනවා. :ROFLMAO:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    හොදට මෝරපු බැදිදෙල් ලීයත් හොද ශක්තිමත් ලීයක් තමයි. හැබැයි කොස් කියල දෙන එක නම් වැරදියි. දැව සංස්ථාවේ කොස් / මහෝගනී මිල බලන්න. ගොඩ ලී කාරයන්ගේ තියෙන්නේ අමුතුම මිල සුත්‍රයක්. උන් ලී ගන්න එන එකාගේ ඇදුමටත් ගණන් වෙනස් කරනවා. :ROFLMAO:
    ඔය ලී සීන් එක නම් මට එපා උනා බං. වඩුවගෙ ඉඳල මෝල් කාරය වෙනකල් පට්ට වංචාවක් තියෙන්නෙ. හොඳට Study කරල යන්න ඕන නැත්නම් කෙලවනව සුපිරියටම. ජරාම යක්කු.
     
    • Like
    Reactions: Tz4400

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මොවනාද හොද ලී වර්ග --- Kos godak ganann, Main door eka kos walin karala anik dorwal Mahogani,teak, wage danna,
    අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? athi දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
    තව වැඩක් තියෙනවා දැනට දාලා තියෙන උලුවස්ස කොන්ක්‍රිට් එකට දොරවල් හයි කරනකොට මොනවාද බලපාන ප්‍රෂ්ණ okanam hodata wada danna baass kenek ekka thama balanna wenne, samahra carpenter wade karana bass ma dorath allanwa, habayi wade dannwa nam hari. naththan awul.
    පේන්ට් කරපු නැති දොරක් කොච්චර වෙයිද ? wood wala ganan baluwa nam dore size ekath ekka ganak enwane ekata + wada kuli 5000~7,000 wage ekathu karama gana eyi
     
    • Love
    Reactions: SamLeo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? athi දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
    මම නම් දැම්මෙ අඟලට පොඩ්ඩක් වැඩියෙන් කාමර දොරවල් වලට, ප්‍රධාන දොරට අඟලයි කාල. මම හිතන්නෙ දැන් අඟලෙන් හදන්නෙ නෑ බං. අඟලයි නූලයි, අඟලයි කාලයි දෙක තමයි හදන්නෙ.
    ආහ් හොඳම උදාහරණෙ අපේ පරණ දොරක් තිබිල ඒක අඟල ඝණකම, ඒකට අලුත් ලොකු එකක් හයි කරද්දි පොත්ත වගේ, දොර ගෙවෙන්න ඕන මෙන්න තිබ්බෙ. දැන් හදන ලොක්තුත් අඟලට Compatible නෑ.
    පේන්ට් කරපු නැති දොරක් කොච්චර වෙයිද ? wood wala ganan baluwa nam dore size ekath ekka ganak enwane ekata + wada kuli 5000~7,000 wage ekathu karama gana eyi
    මෙච්චර අඩුවට නම් හදන එකක් නෑ බං. නෝමල් දොරවල් ගැන නම් දන්නෙ නෑ ඩිසයින් දොරක වැඩ කුලී 13-15ත් අතර වගේ වෙනව(ඩිසයින් එකේ විදියට). මම පස්සෙ එකක් මදිවෙලා හදලම ගත්ත මහෝගනි වලින්. ලී දාල ඔක්කොම කරල 22ක් ගත්ත ෆුල් කම්ප්ලීට් කරල දෙන්න.

    අන්න එක තමා මටත් තියෙන ප්‍රෂ‍්නේ මුං පටං ගන්න‍කොට කියන ගනන් නෙවෙයි ඉවර වෙද්දි කියන්නේ
    ඕකුං එක්ක නම් හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න මචං. විශේෂයෙන් ලී මෝල් කාරයො. ලෝකෙ කාල වතුර බීල ඉන්නෙ. උං එක්ක වඩුවො ඩීල් දානව. අනිත් එක ප්‍රදේශයත් එක්ක ඔය ගණං එහේ මෙහේ යනව.
    ------ Post added on Nov 25, 2024 at 2:13 AM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ප්‍රධාන දොරට උළුවස්සට මෝලකින් කොස් ලී කෑලි 3 ක් ගත්තා
    පියනට මහෝගනී

    ඇතුලේ දොරවල් වල උළුවස්සට නාහිබුල් දැම්මා
    පියනට මහෝගනී

    ලී ගන්න මෝලකින් ලී ටික තෝරලා දීලා සයිස් දුන්නම එයලාම හදලා දෙනවා, ඊට පස්සේ ගෙනල්ලා මේසන් බාස් එක්ක හයි කරගන්නයි තියෙන්නේ
     
    • Like
    Reactions: Cenon