ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

    උන්න හැටියට මළත් මොකෝ කියන්නා වගේ යාන්තම් හුදී ජනතාව වන අපගේ බලය පෙන්නන්න අවස්ථාවක් ඇවිල්ලා... දැන් කට්ටිය පෝලිමේ ගිහින් දෙන්න ලක ලෑස්තිවෙනවා... අරූ හොඳයි, මූ හොඳයි, ඌ එයිද, මූ යයි ද ආදී මෙකි නොකි සංවාද විසංවාද වල අප වල්මත් වෙලා.... ඇත්තටම මේ ජනාධිපතිවරණය ගැන සැබෑ තත්වය මොකක්ද...? ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වෙන ජනාධිපතිවරයාට කළ හැකි දේ මොකක්ද...? එහෙමනං අපි මොකාවද මේ පාර ජනාධිපති කරගත යුත්තේ කියල ටිකක් හොයල බලන්න සුදුසුම අවස්ථාවයි මේ... (සිංහලයින්ට පමණක් ජීර්ණය විය හැකි බව කරුණාවෙන් සලකන්න...)

    මෛත්‍රියි රනිලුයි රට උලා කෑවෝය කියා කවුරු හරි කිව්වොත් එය 100% ක් ඇත්තය.... රට පමණක් නොව ව්‍යවස්ථාව ද කා දැම්මෝය.... 19 වෙනි ව්‍යවස්ථාවෙන් වග කියන ආණ්ඩුවක් වෙනුවට එක එකාට ඇගිල්ල දික්කරන කෝලම් මඩුවක් නිර්මාණය විය.... ජනාධිපති එක පැත්තකත් අගමැති එක පැත්තකත් හිටියොත් රටට කෙළවෙනවාමයි... ඒ හින්ද අපි ජනාධිපතිවරණය ගැන සැළකිල්ල යොමු කළ යුතු සාධක 03 ක් ඇත...
    01. ඊලග ජනාධිපතිට හිමි බලතල
    02. ඊළග මහ මැතිවරණයෙන් බහුතරය හිමිකරගන්නා පක්‍ෂය හා එහි අගමැති
    03. කේවල් කළ නොහැකි අතිශය බහුතරය දිනාගත හැකි ආණ්ඩුවක්.

    ඊළග එන ජනාධිපති අබ්බගාතයෙක් බව නොරහසකි. ඔහුට හිමි එකම බලතල සේනා විධායක හා කැබිනෙට්ටුවේ ප්‍රධානියා වීම පමණකි.. සේනා විධායක වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය දැරිය නොහැකි බැවින් එය ද එතරම් ප්‍රායෝගික කරුණක් නොවනු ඇත..... එහෙමනං මොන ලබ්බකටද ජනාධිපතිවරණය ගැන මේ තරම් උනන්දු වන්නේ යැයි ඕනෑම එකෙකුට හිතෙනු ඇත.... නැත.... එහි ලබ්බක් ඇත.... අප ඒ ලබ්බ ගැන පරීක්‍ෂාකාරිව බුද්ධිමත්ව බැලිය යුතුය....

    ළිඳට වැටුණු එකා ගොඩ ආ යුත්තේ ළිං කටින්ම යැයි කියා කතාවක් ඇත.... යහපාලනයෙන් කෙළවෙච්චි රට නැවත ගොඩ ගත හැක්කේ වැටිච්ච කටෙන්ම නැවතත් ගොඩට ගැනීමෙනි.... එනම් ආපසු හැරවීමකනි... කොහොමද හරවන්නේ...? පළමුව අප ජනාධිපතිවරයා පත් කර ගැනීමේ දී අනිවාර්යයෙන්ම ඊළගට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පක්‍ෂය ගැන අවධානය යොමු කළ යුතුමය.... මන්ද යත් රටේ ජනාධිපති විය යුත්තේ එලෙස බහුතරය දිනාගත හැකි පක්‍ෂයෙන් යෝජනා වන අපේක්‍ෂකයාය.... මොකද අලුත් ව්‍යවස්ථාව අනුව සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයා වටා ගොනු වී ඇති නිසාය... මොකා ජනාධිපති වුණත් අගමැතියා අනෙක් පැත්තේ නම් ආයෙත් කඹ ඇදිල්ලකි... ආයෙත් එකිනෙකාට ඇගිල්ල උරුක් කරමින් ගේම ඉල්ලමින් කාලයත් රටත් කා දමන්නේය.... මෙම ජනාධිපතිවරණයේ දී වඩාත් සැළකිල්ලට ගත යුතුම කාරණය වන්නේ මෙයයි...

    එතකොට නාගා කියන විදියට එක රැයින් මේක කරන්න බැරිද...? උත්තරය බෑ කියන එකය.... කිරියේ විනිසුරුතුමා මොනා කිව්වද කැට තියා ඔට්ටු ඇල්ලීමට සූදානම්ය.... නාගා කියන දේ කිසි ලෙසකින්වත් කළ නොහැකිය.... මන්ද යත් ජනාධිපතිවරණයක් පවත්වන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුවය... ඒ අනුව පත්වන ජනාධිපතිවරයාට හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල පමණය.... ඔහු ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් ඔහු එම ව්‍යවස්ථාවේම ක්‍රියා පිළිවෙල අනුගමනය කළ යුතුමය.... පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය ඇතිව ජනමත විචාරණයකට යා යුතුම කාරණා ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා කටයුතු කළ නොහැකිය.... එය තනි පුද්ගලයෙකුගේ අදහසක් මිස ව්‍යවස්ථානුකූල පදනමක් මත ඇති වන කරුණක් නොවේ.... ඒ නිසා නාගාගේ පාක්‍ෂිකයන් මේ ගැන සැලකිල්ල යොමු කළ යුතුමය.... නාගා ඒ දේ කරනවා නම් ඔහු පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දිනාගත යුතුමය... පේන හැටියට එය දේශපාලන යථාර්ථයක් නොවනු ඇත.... සිදුවන එකම දෙය නම් සිංහල චන්ද ලක්ෂයක් දෙකක් අපතේ යාම පමණකි.....

    එහෙමනං යූඇන්පි අපේක්‍ෂකයා....? වැඩක් නැත.... ඇතුලේ දැනටමත් කචල්ය... සජිත් අගමැති වී රනිල් ජනපති වුණත්, සජිත් ජනපති වී රනිල් අගමැති වුණත් එතන ඇත්තේ බලයට පොරයක් මිස රටට හිතැති දෙයක් සිදු නොවන තත්වයකි.... වෙනත් අපේක්‍ෂකයෙන් දැම්මත් රනිල් අගමැති නම් දැන් තියෙන තත්වයම එදාටත් ක්‍රියාත්මකය... ඒ නිසා කෙටියෙන් කියනවා නම් රනිල්ගේ හෙවනැල්ල වැටෙන එකෙකුටවත් චන්දයක් දිය නොහැකිය යන්නය....

    එතකොට අනුර....? අනුර සුපුරුදු කයිවාරුවයි ඇදුමයි ලපයයි පැත්තක තියා තහනම් වචනය රාජපක්‍ෂ යැයි කොන්දේසි පනවාගෙන සුපුරුදු සිරිකොත කුස්සියේ රාජකාරියම කරනු ඇත... චන්ද ලක්ෂ 5 ක් පමණ ලැබේවි යැයි අපේක්‍ෂා කළ හැකිය....

    එතකොට ගෝඨා....? මීට අවුරුදු ගණනකට පෙර මා විසින් ගෝඨා බිල්ලට දීම යැයි කියා ත්‍රෙඞ් එකක් දැමුවෙමි.... දේශපාලනයට ගෝඨා ඒමෙන් ඔහුට හිමිව තිබූ කිර්තිය විනාශ වේ යැයි එදා මා විසින් තර්ක කළෙමි.... අද ගෝඨා දේශාපලනයට පිවිස ඇත.... එනම් ගෝඨා බිල්ලට අසු වී ඇද්ද....? එය කීමට කල් වේලා වැඩිය.... නමුත් ගෝඨා කරළියට පැමිණ ඇත.... දෛවයේ සරදමකට මෙන් මෙවර ජනාධිපතිවරණයේ මාගේ සාපේක්‍ෂ තේරීම වන්නේ ද ගෝඨාය... සාපේක්‍ෂ යැයි කියා කීවේ ඉහත කී අපේක්‍ෂකයින්ට පරිබාහිර ප්‍රායෝගික එකම අපේක්‍ෂකයා ඔහු වන බැවිනි..... ජනාධිපති වෙනවා නම් විය යුත්තේ ගෝඨාය.... ඒ ඇයි....???

    වඩාත් වැදගත් වන්නේ ගෝඨා නියෝජනය කරන පාර්ශවයයි..... ඊළග මහ මැතිවරණයේ දී තනි පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පක්‍ෂය බොහෝ විට පොහොට්ටුවයි.... එහි අගමැතිවරයා වන්නේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්‍ෂයි.... ජනපති හා අගමැති අතර සහයෝගයෙන් 19 ව්‍යවස්ථාව අකුලා දමා කල්ලිවාදින්ට, ආක්‍රමණිකයින්ට වැට බදින ශක්තිමත් ව්‍යවස්ථාවක් හදා ගත යුතුය.... ඒ සඳහා ජනපති හා අගමැති අතර මනා අවබෝධයක් වැටහීමක් තිබිය යුතුමය... දැනට පවත්නා දේශපාලන වාතාවරණය තුළ ජනපති - අගමැති හොදම සුසංයෝගය ඇත්තේ මෙතැනය.... ඒ අනුව මෙහි පළමු පියවර ලෙස ගෝඨා රටේ ජනාධිපති කරගත යුතුමය....

    අනෙක් අතට වර්තමානයේ ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන බරපතල තත්වයක් මතුව ඇත... සජිත්, රනි්ල්, අනුර, නාගා ආදි කිසිවෙකු ජාතික ආරක්‍ෂාව ගැන කිසිදු ප්‍රතිපත්තිමය දෙයක් ප්‍රකාශ කර නැත... විශේෂයෙන් යූඇන්පිය යනු සුලු ජාතිකයින් මත යැපෙන පක්‍ෂයකි... ඔවුන් කිසි විටෙක ජාතික ආරක්‍ෂාවට බල්ලට ගිය ද තමන්ව නඩත්තු කරන සු`ඵ ජාතියට මුවහ වී සිටින ත්‍රස්තවාදියා රිදවන්නේ නැත.... ඒ අතින් බැලුවද ගෝඨා සිටින්නේ ගව් ගාණක් දුරිනි.....

    ඉතිං සාපේක්‍ෂව ගත් කළ ගෝඨා රටේ ජනාධිපති වීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.... මන්ද යත් ඔහු හොඳම නිසා නොව අනෙකුන් හා සසඳන කල ඔහු සිටින්නේ වඩාත් ඉදිරියෙන් බැවිනි.... හිස්බුල්ලලා අද පාරම්බාන්නේ උන් නැතිව සිංහලයින්ට ජනාධිපතිවරු පත් කළ නොහැකිය යන්නය... එය බොරුවක් බව පෙන්වීමට ද අවැසිය.... ඒ අතින්ද ගෝඨා තේරීම වැදගත් වේ....

    ගෝඨා සාර්ථක ද අසාර්ථක ද හොද ද නරක ද කියා කීමට නොහැකිය.... එය කාලය විසින් තීරණය කරනු ඇත..... මන්ද යත් දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නැත වාගේ ම අනාවැකි ද කිව නොහැකි තැනක් වන නිසාය....
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,680
    113
    Gotabaya Rajapakshe ta godak minissu baya ekath mama dakina widiyata loku wasiyak.
    Rate janadipathi bukiye wihiluwata lakwena pambayek wena eka madya nidahasa kiyala thamange nonjal kama wahaganna eka madya nidahasa kiyana un wadakuth na.
    Lankawa wage charayak nathi rataka winyak athi karanna puluwan saha kammali minissunta target ekak deela wadak karawanna puluwan nayakayek widiyata gotabaya wa man dakinawa.
    Anith eka triwida hamudawe ha police bohomayak dena gotabayawa thamange senadinayakaya widiyata piliganna kamathi
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වඩාත් වැදගත් වන්නේ ගෝඨා නියෝජනය කරන පාර්ශවයයි..... ඊළග මහ මැතිවරණයේ දී තනි පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පක්‍ෂය බොහෝ විට පොහොට්ටුවයි.... එහි අගමැතිවරයා වන්නේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්‍ෂයි.... ජනපති හා අගමැති අතර සහයෝගයෙන් 19 ව්‍යවස්ථාව අකුලා දමා කල්ලිවාදින්ට, ආක්‍රමණිකයින්ට වැට බදින ශක්තිමත් ව්‍යවස්ථාවක් හදා ගත යුතුය.... ඒ සඳහා ජනපති හා අගමැති අතර මනා අවබෝධයක් වැටහීමක් තිබිය යුතුමය... දැනට පවත්නා දේශපාලන වාතාවරණය තුළ ජනපති - අගමැති හොදම සුසංයෝගය ඇත්තේ මෙතැනය.... ඒ අනුව මෙහි පළමු පියවර ලෙස ගෝඨා රටේ ජනාධිපති කරගත යුතුමය....

    What kind of amendments you prefer in present constitution?
    13 + agree or Disagree ?
    18 agree or disagree ?
    19 - remove (you think mahinda accept it in future? )

    type in sinhala please :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Gotawa janadipathi karala Mahinda agamathi wennane hadanne

    Ethakota Mahindata puluwan kalin wagema rata palanaya karagena yanna
    Gota MY3 wage choon eke indi, ayyala mallila nisa :yes: :cool:

    FB_IMG_1566373028336.jpg
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ගොටාභය යනු යමක් කළහැකි පුද්ගලයකු බව සැබෑවකි .නමුත් ඔහු පිටුපසින් සිටින්නේ හොරුන් දූෂිතයින් කුඩු බිස්නස් කරුවන් අරක්කු කොම්පැනි කරුවන් බාර් හිමිකරුවන් පස් කපන්නන් ගස් කපන්නන් ආදී මෙකී නොකී ජාවාරම් කරුවන් රොත්තකි .මෙය මඩ ප්‍රහාරයක් නොවේ .2015 මහින්ද රාජපක්සගේ පරාජයට හේතු වූයේ මෙම සත්‍යයය්. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යම් යම් අවස්ථාවල මෙවැනි වැරදි සිදු වූ බව පිළිගෙන ඇති අතර එම වැරදි නිවැරදි කිරීම සඳහා ඔහු විසින් කිසිදු පියවරක් නොගැනීම කනගාටුවට කරුණකි.ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව යනු එකක් නොව දෙකකි .මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රටේ ආරක්ෂක අංශ වල වගකීමක් වන අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රටේ පාලකයින්ගේ කටයුත්තකි .මේ වනවිට චීනය ඉන්දියාව සහ ඇමෙරිකාව අප රටේ කටයුතු සදහා අනවශ්‍ය ලෙස ඇඟිලි ගසමින් සිටින්නේ අප රටේ පාලකයින් විසින් අනුගමනය කල මෝඩ ප්‍රතිපත්ති වල ප්‍රතිපලයක් ලෙසිනි .කව්රුන් බලයට පැමිණියත් මෙම තත්වයෙන් ගැලවීම අසීරු වනු ඇත .දූෂිතයින් බලයට පත් කරගැනීමෙන් සිදුවන්නේ රටත් ජනතාවත් තව තවත් ආගාධයට ගෙනයෑම පමණි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හිටිය කදවුර උන මහින්ද කදවුර හැර යන්නේ මේ වෙනස පටන් ගත යුත්තේ අපම නිසාවෙනි

    ඔබට රටේ ජනපති පවා ඔබත් සමග ඒකට ට්‍රැෆික් light එකේ කොළ දැල්වෙන තුරු ඉන්නවා දකින්න අවැසි නම්

    පොඩි වරදකට වුවත් දේශපාලකයෝ හිරේ යන, තමන්ගේ අමාත්‍යංශයක වැරද්දක් උනාම ඉල්ලා අස්වෙන ඇමතිවරු ජනපති අගමැති හා ආණ්ඩු දකින්න ඕනේ නම්

    ලොකු උත්සව මොකුත් නැතුව රජයන් කරපු දේවල් විවුර්ත වෙනවා දකින්න ඕනේ නම්

    ලෙඩක් නැතුව හිරේදී හොස්පිටල් ඇඩ්මිට් වෙන ලොක්කෝ දකින්න ඕනේ නැත්නම්

    කොටින්ම මොකා මොන පක්ෂෙන් ආවත් සාමාන්‍ය මහජනයා උන්ව පුකෙන් යන පඩයක් ගානටවත් ගණන් නොගෙනෙන යුගයක් දකින්න ඕනේ නම්

    රට ආයාසයකින් තොරව සංවර්දිත රටක් ලෙස රැදෙන්න උවමනා නම්

    අකමැත්තෙන් උවත් ඔබට ඔබේ කදවුර අතහරින්නම වෙනවා සහෝ

    එතකොට නාගා කියන විදියට එක රැයින් මේක කරන්න බැරිද...? උත්තරය බෑ කියන එකය.... කිරියේ විනිසුරුතුමා මොනා කිව්වද කැට තියා ඔට්ටු ඇල්ලීමට සූදානම්ය.... නාගා කියන දේ කිසි ලෙසකින්වත් කළ නොහැකිය.... මන්ද යත් ජනාධිපතිවරණයක් පවත්වන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුවය... ඒ අනුව පත්වන ජනාධිපතිවරයාට හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල පමණය.... ඔහු ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් ඔහු එම ව්‍යවස්ථාවේම ක්‍රියා පිළිවෙල අනුගමනය කළ යුතුමය.... පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය ඇතිව ජනමත විචාරණයකට යා යුතුම කාරණා ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සලකා කටයුතු කළ නොහැකිය.... එය තනි පුද්ගලයෙකුගේ අදහසක් මිස ව්‍යවස්ථානුකූල පදනමක් මත ඇති වන කරුණක් නොවේ.... ඒ නිසා නාගාගේ පාක්‍ෂිකයන් මේ ගැන සැලකිල්ල යොමු කළ යුතුමය.... නාගා ඒ දේ කරනවා නම් ඔහු පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දිනාගත යුතුමය... පේන හැටියට එය දේශපාලන යථාර්ථයක් නොවනු ඇත....

    ජනතා පරමාධිපත්තියට ඔය සියල්ල අවලංගු කරන්න පුළුවන්

    කිසිවක් සාමුහික ජනමතයට ඉහලින් තිබිය නොහැකියි
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Gotawa janadipathi karala Mahinda agamathi wennane hadanne

    Ethakota Mahindata puluwan kalin wagema rata palanaya karagena yanna
    Gota MY3 wage choon eke indi, ayyala mallila nisa :yes: :cool:

    මේ තත්වයට කවුරුත් කැමති නැහැ. ගොටා තේරුම් ගන්න ඕනේ යලින් සම්ප්‍රදායික මහින්ද පාලනයක් වෙනුවට, මහින්ද පලනයයේ අඩුපාඩුකම් හදාගෙන අලුත් ගමනක් යන්න. මම හිතන්නේ එක ගෝටා තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා කලබලවෙන්න අවශ්‍ය නැහැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හම්මෝ දිග
    ඡන්දෙ දාන්න මේ සේරම කියවන්න ඕනෙද බං ? :sorry:
    මගෙ දේශපාලන ත්‍රෙඩුත් අනික් අයට මට මේක පේනව වගේම පේන්න ඇති නේ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ගැටලුවක් තියෙනවා..කවුරු හරි කෙනෙක් රෙප් පැනල් එකෙන් නැතිව ඔපන් පොස්ට් එකට උත්තරයක් දෙවි කියලා හිතනවා....

    ගොටා කියන්නෙ මිනිමරුවෙක්...යුද්දයට බයෙ වෙන රටක හැංගුන කෙනෙක්..වෙන රටක මනුස්සයෙක්..සුදු වෑන් එවලා මිනිස්සු අතුරුදහන් කල කෙනෙක්..ස්වාදීන මාද්‍යවෙදින් ගාතනය කල කෙනෙක්...සහරාන් ලව පඩි ගෙවලා පොශනය කල කෙනෙක්...මේවා ඔප්පු නොවුනත් හැමොම දන්න රහස්.....

    ඇයි හැමොම ගොටාව පරද්දන්න එන්නෙ..ඔච්චර බයානක මිනිහෙක් ගෙ මොනාද පරද්දන්න තියෙන්නෙ.....

    එතකොට අනික් අය සියඹලා ගෙන්නලාම නැද්ද...අනික් ඔක්කොම සුදු ම සුදු චරිතද..

    225ට අයත් නැති 3දෙනයි නෙ ඉන්නෙ..ගොටා,නාගානන්ද,පල්ලෙවත්ත..ගොටා ආරක්ශක ලේකම් මිස පාර්ලිමේන්තුවේ කෙනෙක් නෙවෙයි නෙද..ඉතින් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට නෙද 225ටම නොදෙන කෙනෙක් දෙන්න ඔනි....

    ගොටාගෙ පස්සෙන් හොරු මංකොල්ලකාරයො,මිනිමරුවො,කුඩුකාරයො එනවාලු..එතකොට අනික් අය පස්සෙ එවගෙ අය ඇත්තෙම නැද්ද...සජිත් ගෙ පස්සෙන් එන අය එහෙම නැද්ද...
    අනුරගෙ පස්සෙන් නම් එන්නෙ සහොදරයො නෙ..
     
    මේක නං මඩ ගහන්න හදපු එකක්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    .නමුත් ඔහු පිටුපසින් සිටින්නේ හොරුන් දූෂිතයින් කුඩු බිස්නස් කරුවන් අරක්කු කොම්පැනි කරුවන් බාර් හිමිකරුවන් පස් කපන්නන් ගස් කපන්නන් ආදී මෙකී නොකී ජාවාරම් කරුවන් රොත්තකි .

    Amboo ban ethakota unp eke inne ehema un neweda? unp anduwa kale hitapu un hena silwath hinda wenna athi maha bankuwa ehema sudda kale, terrorist attack ekak thiyagenath nawaththuwe naththe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොටාභය යනු යමක් කළහැකි පුද්ගලයකු බව සැබෑවකි .නමුත් ඔහු පිටුපසින් සිටින්නේ හොරුන් දූෂිතයින් කුඩු බිස්නස් කරුවන් අරක්කු කොම්පැනි කරුවන් බාර් හිමිකරුවන් පස් කපන්නන් ගස් කපන්නන් ආදී මෙකී නොකී ජාවාරම් කරුවන් රොත්තකි .මෙය මඩ ප්‍රහාරයක් නොවේ .2015 මහින්ද රාජපක්සගේ පරාජයට හේතු වූයේ මෙම සත්‍යයය්. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යම් යම් අවස්ථාවල මෙවැනි වැරදි සිදු වූ බව පිළිගෙන ඇති අතර එම වැරදි නිවැරදි කිරීම සඳහා ඔහු විසින් කිසිදු පියවරක් නොගැනීම කනගාටුවට කරුණකි.ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව යනු එකක් නොව දෙකකි .මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රටේ ආරක්ෂක අංශ වල වගකීමක් වන අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රටේ පාලකයින්ගේ කටයුත්තකි .මේ වනවිට චීනය ඉන්දියාව සහ ඇමෙරිකාව අප රටේ කටයුතු සදහා අනවශ්‍ය ලෙස ඇඟිලි ගසමින් සිටින්නේ අප රටේ පාලකයින් විසින් අනුගමනය කල මෝඩ ප්‍රතිපත්ති වල ප්‍රතිපලයක් ලෙසිනි .කව්රුන් බලයට පැමිණියත් මෙම තත්වයෙන් ගැලවීම අසීරු වනු ඇත .දූෂිතයින් බලයට පත් කරගැනීමෙන් සිදුවන්නේ රටත් ජනතාවත් තව තවත් ආගාධයට ගෙනයෑම පමණි
    මේ චන්දෙ ජනාධිපතිවරණෙ නෙ. ඔය කියන සෙට් එක එන්නේ පාර්ලිමේන්තු චන්ද්දී, ඒක ආවම උන්ව ගෙදර යවන්න වැඩේ ඉවරයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොදට විස්තර කරගෙන එනවා දැන් තියන තත්වේ සහ ඊලග ජනදිපතිට වෙන දේ.
    එතකොට පේනවා හොදම විසදුම නගනන්ද කියල.
    ඊට පස්සේ ඔක්කොම දන්න එකා වගේ කියනවා නගානන්දගේ වැඩපිළිවල කරන්න බැ කියල.
    මොකද එහෙම කියන්නේ. වැඩක් නැති උනත් ගොටවම දාගන්න ඕනි. එකට තමා කියන්නේ වහල් බව කියල.

    ජනදිපතිට බලයක් නැ ආණ්ඩුවට තියෙන්නේ කියනවා. එකී මෙකි නොකී හොරුන්ට නාම යෝජනා ලැබෙනවා.
    මිනිස්සු හොරු අතරින් හොරු පත් කරනවා.
    එන්න බැරි උණු හොරු ජාතික ලයිස්තුවෙනුත් එනවා.
    ආණ්ඩුව හදන්න බලයක් එන්නේ නැති උනාම බදුරුදින්ලත් සන්දානේ ගහනවා.

    උබල ගැන මොනවා කතා කරන්න ද
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ චන්දෙ ජනාධිපතිවරණෙ නෙ. ඔය කියන සෙට් එක එන්නේ පාර්ලිමේන්තු චන්ද්දී, ඒක ආවම උන්ව ගෙදර යවන්න වැඩේ ඉවරයි.

    එකපාර ඔක්කොම එලවන්න තියෙද්දී උබ හිතන්නේ වෙන වෙනම එලවන්න ද. එකද ලේසි.
    නාමයෝජනා දෙන්නේ හොරු විතරක් උනාම කරපංකෝ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ තත්වයට කවුරුත් කැමති නැහැ. ගොටා තේරුම් ගන්න ඕනේ යලින් සම්ප්‍රදායික මහින්ද පාලනයක් වෙනුවට, මහින්ද පලනයයේ අඩුපාඩුකම් හදාගෙන අලුත් ගමනක් යන්න. මම හිතන්නේ එක ගෝටා තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා කලබලවෙන්න අවශ්‍ය නැහැ

    අනේ අම්මේ බලාගෙන ඉදපන්.
    මාර හින නේ උබල දකින්නේ.

    මේ දේශපාලන ක්‍රමයේ ගොට්ට නැතන් මහින්දට පැවතෙන්න ඕනි නම් වටේ ඉන්න හොරුන්ට හොරා කන්න දෙන්න ඕනි.
    මහින්දට උඩින් ගොටට යන්න බැ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113

    ඉතිං සාපේක්‍ෂව ගත් කළ ගෝඨා රටේ ජනාධිපති වීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.... මන්ද යත් ඔහු හොඳම නිසා නොව අනෙකුන් හා සසඳන කල ඔහු සිටින්නේ වඩාත් ඉදිරියෙන් බැවිනි.... හිස්බුල්ලලා අද පාරම්බාන්නේ උන් නැතිව සිංහලයින්ට ජනාධිපතිවරු පත් කළ නොහැකිය යන්නය... එය බොරුවක් බව පෙන්වීමට ද අවැසිය.... ඒ අතින්ද ගෝඨා තේරීම වැදගත් වේ....

    ගෝඨා සාර්ථක ද අසාර්ථක ද හොද ද නරක ද කියා කීමට නොහැකිය.... එය කාලය විසින් තීරණය කරනු ඇත..... මන්ද යත් දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නැත වාගේ ම අනාවැකි ද කිව නොහැකි තැනක් වන නිසාය....
    ඉස්සර ඉඳලම මම මෙන්න මේක තමයි කියන්න උත්සාහ කළේ. ඉන්න අපේක්ෂකයොන්ගෙන් ගොඩක්ම ඉස්සරහින් ඉන්න කෙනා තමයි ගෝඨා. ඒක නොතේරෙනව කියන්නෙ ඒ වගේ කෙනෙක් එක්ක වාද කරල තේරුමක් නෑ. සාමාන්‍ය බුද්ධියක් නැති කෙනෙකුට තමයි ඒක නොතේරෙන්නෙ. සංසන්දනය කරල ගත්තම ඉන්න හොඳම එකා ගෝඨ