මම කට්ටියගේ replies ඔක්කොම බැලුවා, මට හිතෙන්නේ මෙහෙම දේවල්.
-ඇමසියා thread එක දැම්මේ මොකක් හරි අල්ලගෙන මඩක් ගහන්නයි. ඌ කරන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියලා -ඌගේ තරහා කාරයන්ට කුණු හරුපයෙන් බනින එකයි. (ඌ කිබුලට එහෙම තඩි කුණුහරුපෙන් බනිනවා හැම තිස්සේම මොකක් හරි අල්ලගෙන, ඌට ඕනේ තමන්ගේ තරහාකාරයන්ට බනින්නයි ඉතින් ඌ මොකක් හරි අල්ලගන්නවා හරියට ඒක පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ)
-අධික ශ්‍රද්ධාව (අමූලිකා ශ‍්‍රද්ධාව - විමසන්නේ නැතුව කරන) තියෙන පිරිස්ගේ replies
-තව කොටසකට තියෙනවා ආකාරවතී ශ‍්‍රද්ධාව ප්‍රඥ්ඥාව එක්ක, එතකොට ඒ පිරිසගේ replies.
-එතකොට තව සමහර අය එහෙන් මෙහෙන් අරගෙන තියෙනවා තේරුම් ගන්නේ නැතුව , මම බනිනවා නෙවෙයි, ශ්‍රද්ධාව තියෙන එක හොදයි නමුත් ඒක ප්‍රඥ්ඥාවත් එක්ක මිශ්‍ර කරගන්න පුලුවන් නම් තවත් හොදයි.
බුද්ධාගමට අනුව, ආමිස පූජාව කියන්නේ තෙරුවන්ට මල් පහන් ගිලන් පස ,සිව් පස පූජා කිරිමයි ඒ වගේම දන් දීමත් ඇතුලුයි
බුද්ධකාලේ බුදුන්, රහතන් වහන්සේලා, අනාගාමි, සෝවාන් මාර්ග එලලාභිහූ හිටියට දැන් බුදු කෙනෙක් ජීවමාන ලෙස නෑ, රහතුන් වුනත් වැඩියේ පේන්න නෑ, අනාගාමි අයත් වැඩියේ පේන්න නෑ , සෝවාන් මාර්ග එලලාභිහු වුනත් එහෙමයි. ඉතින් දැන් කාලේ නියම විදියට ආමිස පූජාවක් කරන්න පුලුවන් සංඝයාට දන් දීමෙන් පමණයි. බුදුන්ට කියලා පිළීම වලට වන්දනා කරාට, දන් දුන්නට, ගිලන් පස තිබ්බට එතනින් කුසලයක් වෙන්නේ නෑ ,එතනින් වෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව වැඩි වෙන එක විතරයි.සමහර විට ශ්‍රද්ධාව කරණකොට ඇතිවෙන යහපත් සිතුවිලි නිසා කුසලයක් වෙන්න පුලුවන් නමුත් ඒක ඒ තරම් ප්‍රබල දෙයක් නෙවෙයි.
හොද සිල්වත් භික්ෂූන් ලක්ෂයක් ගෙනල්ලා ලොකු දානයක් දුන්නා නම් අන්න එතන තමයි නියම කුසලයක් සිද්ද වෙන්නේ,යසස් බණ්ඩාර අර කලින් දාලා තියෙන ලිස්ට් එක හරි නමුත් බුදු කෙනෙක් පිළීමයකට සමකරන්න බෑ. බුදු කෙනෙක් සමකරන්න පුලුවන් තවත් බුදු කෙනෙක්ට විතරයි ඉතින් එහෙම පිළීමයකට දන් දුන්නා කියලා එතන කුසලයක් නෑ. ඒක ගොඩක් වෙලාවට නාස්තියක් විතරයි විශේෂයෙන්ම මේවගේ ටොන් ගනන් කෑම තියෙන එක, පොඩි ගිලන් පසක් තිබ්බා නම් කමක් නෑ.නමුත් මේක ලොකු නාස්තියක්මත් කියන්නත් බෑ මොකද කොටසක් කියලා තියෙනවා මේක ඉවර වුනාට පස්සේ කෑම මිනිස්සුන්ට බෙදලා දුන්නා කියලා, ඒක නම් හොද වැඩක්, නමුත් නියම විදියට කුසල් කරන්න නම්, මේකේ ලොකු හාමුදුරුට තිබුනා රට පුරා ඉන්න සංඝයාට කථාකරන්න දානයකට, ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න තිබ්බා අටපිරිකර,දානය වගේ දේවල් වලට සම්මාදම් වෙන්න කියලා. සිල්වත් භික්ෂුවකට දෙන දානයකින් මහත් එල මහා ආනිසංස ලබාගන්න පුලුවන්, ඊට පස්සේ ඉතුරු කෑම ටික හිගන්නටයි, මිනිස්සුන්ටයි, සත්තුන්ටයි බෙදලා දෙන්න තිබුනා. අන්න ඒක තමයි නියම බුද්ධාගම. මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන හැටියට බුදුන් විසින්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශාසනයේ කල්පැවැත්ම උදෙසා, මොකද ඒකෙන් වැඩෙන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි ගොඩක් වෙලාවට,ප්‍රඥ්ඥාව සමග තියෙන ආකාරවතී ශ‍්‍රද්ධාව වැඩෙන්නේ නැති තරම්.අමූලිකා ශ‍්‍රද්ධාව තියෙන කෙනා ධර්මය දන්නේ නෑ, ධර්මය ගැන නිසි අවබෝධයක් නෑ, දෙමව්පියන්ගෙන් ලැබුන නිසා, යළුවෝ නිසා මේ දේ හරියි කියල හිතලා ඕන එකක් පිළිපදිනවා, විශ්වාසකරනවා, මොකක් හරි තමන් සමාජයේ හොදයි කියන දෙයක් වුනත් අන්න ඒක හොයන්න බලන්නේ නැතුව මේ අය විශ්වාස කරනවා.
නමුත් අපි මේකට තරහා ඇතිකරගන්න ඕනේ නෑ, ඒකෙන් වෙන්නේ අපිට පව් සිද්ධ වෙන එකයි.ඕන කෙනෙක්ට ඕන විදියට දන් දෙන්න පුලුවන්, ඒක ප්‍රශ්ණයක් නෑ තමන්ගේ සල්ලි නේ, මිනිස්සු වුනත් ඔතනට ආවේ කැමැත්තෙන්නේ, ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සැබෑ බෞද්ධයෙක් වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේ දානය නියම විදියට වෙන්න ඕන විදිය පහදලා දෙන්න. ඒ වගේම ආමිශ පූජාවලට අමතර ලෙස ප්‍රතිපත්ති පූජාත් (ශීල, සමාධි, ප්‍රඥ්ඥාත්) වඩන්න තිබ්බා නම් ඒක තවත් හොදයි මොකද ඒක තමයි බුදුන් අනුමත කරපු මාර්ගය, නිවන් දකින්න නම් අපිට ඕන කරන්නේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි, ප්‍රතිපත්ති පූජාවයි.