ජ්‍යෝතිශ ෆැක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.

    එක තමා කියන්නේ.. ඕවා ගැන ඇත්ත නැත්ත දන්නේ ඕවා කරපු අයම තමා.. මෙතන අරහෙම පුළුවන් මෙහෙම පුළුවන් අරහෙම කරන්න බෑ මෙහෙම කරන්න බෑ කියල තර්ක කරලා වැඩක් නෑ... කරලම බලන්න ඕනේ.. එහෙම නැතුව ඒවා ඇත්ත හෝ බොරුයි කියන්න බෑ අපිට :dull::dull::baffled:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    බෞද්ධයෝ එහෙම විස්වාස කරනව බුදුහාමුදුරුවෝ සහ රහතන්වහන්සේලා මනස දියුණු කරලා වැඩ ගත්තා කියල ආගමික විස්වාසේ හින්ද, බෞද්ධ ආගමේ එහෙම කියල තියෙන නිසා. වෙන ආගමක කෙනෙක් විස්වාස කරයිද ? නෑනේ :oo: එතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි.

    Ha:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බුදුහාමුදුරුවො විශ්වයේ අගක් මුලක් අපේ සංසාරෙ අගක් මුලක් හොයන්ඩ එපා කිව්වෙ ඇයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21531603 said:
    එක තමා කියන්නේ.. ඕවා ගැන ඇත්ත නැත්ත දන්නේ ඕවා කරපු අයම තමා.. මෙතන අරහෙම පුළුවන් මෙහෙම පුළුවන් අරහෙම කරන්න බෑ මෙහෙම කරන්න බෑ කියල තර්ක කරලා වැඩක් නෑ... කරලම බලන්න ඕනේ.. එහෙම නැතුව ඒවා ඇත්ත හෝ බොරුයි කියන්න බෑ අපිට :dull::dull::baffled:

    අරෙහෙම කරන්න බෑ කියලා කියන්න බෑ වගේම අරෙහෙම කරන්න පුළුවන් කියන්නත් බෑ නෙ..

    මම එහෙම කරන්න බෑ කියල නෑ, මම කිවේ එහෙම පුළුවන් කියල හරියට නොදැන එහෙම පුළුවන් බවට මුලික නිගමනයකට එන එක වැරදි කියල. වයිට්වෝකර් දැනටම එහෙම පුළුවන් බවට නිගමනයකට ඇවිල්ල ඒ මත පදනම් වෙලා විද්‍යාව < මනස දියුණු කරලා ගත්ත දැනුම කියල නිගමය කියලත් ඉවරයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    බුදුහාමුදුරුවො විශ්වයේ අගක් මුලක් අපේ සංසාරෙ අගක් මුලක් හොයන්ඩ එපා කිව්වෙ ඇයි

    උබ සාමාන්‍ය user කෙනෙක් නම් අලුත් smart phone එකක් ගත්තම එකේ IC එකක් වැඩ කරන විදිහ තේරුම් ගන්න උත්සාහ කරනවද නැත්තම් call, msg, අනම් මනම් කරනවද? :rolleyes::rolleyes::D
    උබ ඒවාත් දන්නවද දන්නෑ ඉතින්.. :dull::dull: නිකන් ex එකක් කිව්වේ :nerd::nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හෙනයා;21531797 said:

    උබ සාමාන්‍ය user කෙනෙක් නම් අලුත් smart phone එකක් ගත්තම එකේ IC එකක් වැඩ කරන විදිහ තේරුම් ගන්න උත්සාහ කරනවද නැත්තම් call, msg, අනම් මනම් කරනවද? :rolleyes::rolleyes::D
    උබ ඒවාත් දන්නවද දන්නෑ ඉතින්.. :dull::dull: නිකන් ex එකක් කිව්වේ :nerd::nerd:

    මුගලන් හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය user කෙනෙක් නෙමේනෙ.. උන්වහන්සේත් කෙලවරක් නැති විශ්වය තරණය කරං යනකොට බුදුහාමුදුරුවො ඒක නැවැත්තුව..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මුගලන් හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය user කෙනෙක් නෙමේනෙ.. උන්වහන්සේත් කෙලවරක් නැති විශ්වය තරණය කරං යනකොට බුදුහාමුදුරුවො ඒක නැවැත්තුව..

    නැවැත්තුවේ එක තේරුමක් නැති වැඩක් නිසා.. :nerd::nerd:
    දැන් අහන්න එපා "උබ කොහොමද වැඩක් නෑ කියන්නේ?, උබ තරණය කරලා තියෙනවද කියල... :dull::dull: අහල තියෙන විදිහට එක තමා හේතුව :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ඕනෑ එකක් ....:yes:

    ඉතිං ඒකනෙ බං කියන්නෙ සියලුම දැනුම බොරු කියල :yes: :yes:

    නිරපේක්ෂ සත්‍යයක් මනසෙන් නෙවේ මොකකින්වත් හොයන්න බෑ ඒක හරි. ඉතින් එහෙමනං මනසෙන් හොයාගත්ත දැනුම ඉන්ද්‍රිය පහෙන් හොයාගන්න එකට වඩා උසස් කියන්න උඹට තියෙන පදනම මොකද්ද. ? ඔය රතු කරලා තියෙන කතාව කොහෙන්ද උඹ හොයාගත්තේ, තනිකර උඹේ හිතළුවක් නෙ. මට පැහැදිලිව කියපන් ඔය රතු කරලා තියෙන නිගමනයට උඹ ආවේ කොහොමද කියල. :baffled:

    අඩුම ගානේ, මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් එකක්ද ? එහෙම දියුණු කරලා දැනුම ගන්න පුලුවන්ද ? එහෙම කරපු අය හිටියද ? එහෙම හිටපු අය ගත්ත දැනුම කියල කියන ඒවා ඇත්තටම මනස දියුණු කරලම ගත්ත දැනුමද ? ඔය වෙදකම අනන් මනං හොයාගත්තේ එහෙම මනස දියුණු කරලමද කියලවත් උඹ දන්නේ නෑ නෙ. අඩුම ගානේ එහෙම මනස දියුණු කරපු මිනිහෙක් අදකාලේ හොයාගන්නවත් නෑ. හැබැයි උඹ කිසි ගින්නක් නැතුව නෑ නෑ එහෙම මනස දියුණු කරන්න පුලුවන්, එහෙම අය ඉස්සර හිටියා, එයාල ඒ විදිහට තමයි මේවා හොයාගත්තේ කියල වැල වගේ හිතළු ගොඩක් ගැටගහල ගැටගහල වැලක් හදාගෙන ඒකෙ අගට ඊටත් වඩා ලොකු හිතලුවක් ගැටගහගෙන ඉන්නව "මනසෙන් ගත්ත දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගත්ත දැනුම" කියල. කොහෙන්ද ඔහොම නිකන්ම a > b කියන්න උඹට පුලුවන් උනේ a කියල එකක් තියෙනවද කියලවත් හරියට නොදැන. :oo:

    මෙතන තියෙන්නෙ උඹේ විඤ්ඤුන්ගෙ ප්‍රශ්නයක් (අනික් ඥයන්නද දන්නෑ). උඹ හිතන්නෙ බටහිර විද්‍යාත්ම ක්‍රමයට. උඹේ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. අවංකවම හිතල බලපං බටහිර භෞතික විද්‍යාඥයො, රසායන විද්‍යාඥයො, ජීව විද්‍යාඥයො හොයාගන්නව කියන දේවල් හොයාගත්ත කියන දේවල් සියල්ල උඹට තේරෙනවද ? කිසිම කෙනෙක්ට ඒ සියල්ල තේරෙන්නෑ තමන් හදාරපු කොටස ගැන විතරයි හරියට දන්නෙ අනික් සියල්ල ගැන මතුපිටිං උදාහරණ සහිතව කරපු පැහැදිලි කිරීමක් කියෝල දල අදහසක් ගන්න විතරයි පුලුවන්. ඒ වුනාට උඹ කවදාවත් ඒව ගැන ප්‍රශ්න කල්ල තියෙනවද ඒව ගැන ? විද්‍යාඥයෙක් කිව්වද කියල බලනව ඒවට තවත් විද්‍යාඥයො එකඟ වෙනවද කියල බලනව එකඟ වෙනවනං ඒක ඇත්ත කියල පිලිගන්නව. ඒ වගේ තමා ඔය කියන මනස දියුණු කල අය ගැනත්. අපිට විද්‍යාඥයො ඔප්පු කරන හැම දෙයක්ම ගෙදර ආයෙ පරීක්ශණ කල්ල බලන්න බැරි නිසා විද්‍යා සමාජය පිලිගන්නවනං ඇත්ත කියල පිලිගන්නව වගේ මනස දියුණු කරන්න බැරි නිසා මනස දියුණු කල අය කියන දේවල් පිලිගන්න සිද්ධ වෙනව. ඇත්තටම එහෙම මනස දියුණු කරන්න පුලුවන්ද, දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනුම ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙට තියෙන පෞද්ගලික අත්දැකීම් සහ වෙනත් දන්නා අය මුහුණ දීපු අත්දැකීම් ඇරෙන්න stage එකක් උඩට ඇවිත් මේං මෙයා මනස දියුණු කල්ල test කරන්න කියල ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් නෑ එහෙම අය එන්නෙත් නැති නිසා. උඹ සංගතයි (එකිනෙකට පරස්පර දේවල් පිලිගන්නෑ). උඹ මනස දියුණු කරන්න පුලුවන් කියල පිලිගන්නෙත් නෑ, දෙවියො ප්‍රේතයො දිව්‍ය ලෝක අපාය කර්මය පිලිගන්නෙත් නෑ බුදු හාමුදුරුවන්ගෙ රහතන් වහන්සේලගෙ සාමාන්‍ය මිනිසා අභිබවන හැකියා මේ මොකවත්ම පිලිගන්නෑ. ඉතිං එහෙම එකෙක්ට මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියල පෙන්නව ඇරෙන්න ඒත්තු ගන්නන්න වෙන ක්‍රමේකුත් නෑ මං කොච්චර type කලත් වැඩක් නෑ. ඒත් මේ faq ටිකේ අරමුණ වුණේ අසංගත (එකිනෙකට පරස්පර කරුණු පිලිගන්න) සිංහල බෞද්ධයන්ට අපේ තිබුණ පෙරදිග දැනුම විස්තර කල්ල දෙන එක. අසංගතයි කිව්වෙ උපතින් සිංහල බෞද්ධ අධ්‍යාපනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි. මනස දියුණු කල්ල දැනුම ලබාගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම ලබාගත්ත දැනුම මිථ්‍යාවල් කියල ප්‍රතික්ශේප කරනව. කර්මය ජීවිතේට බලපානව ඒ ගැන කල් ඇතුව මනස දියුණු කිරීමෙන් දැනගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම දැනගන්න හදපු ජ්‍යෝතිශය වගේ ශාස්ත්‍ර මිථ්‍යා කියනව හැම දේටම බටහිර විද්‍යාවෙන් විසඳුම් හොයනව. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ දැනුම එක්ක ගැටෙන තැන් වල එක්කො දෙකම පිලිගන්නව නැත්තං එහෙම ගැටෙන්නෑ කියල හිත සනසගන්න මොනා හරි පැලැස්තර ප්‍රවාදයක් ගොතනව. ඒ අසංගත භාවය නැති කරන්නයි හැදුවෙ. උඹට පැහැදිලි කරල දෙන්න බෑ උඹ අදහනවනං අදහන විද්‍යාවෙ වැරදි පෙන්නුවෑකි මනස දියුණු කල්ල කරපු දේවල් පෙන්නුවෑකි (ඒත් උඹ විශ්වාස කරන්නෑ ඒව මනස දියුණු කල්ල කරපුව කියල) උඹට ඕනෙ අත්දැකීමෙන් මනස දියුණු කරපු කෙනෙක්ට කියල උඹේ හිත කියවන්න පුලුවන්ද හරි මොනා හරි ඒ වගේ පරීක්ශණයක් තියල දැනගන්න. ඒක ඉතිං මට කොරල දෙන්න බෑ උඹට අත්දැකීමක් ලැබෙනකං හෝ බටහිර විද්‍යාවෙන් පරීක්ශණයක් තියල ඔප්පු කරනකං උඹව වෙනස් කරන්න බෑ :no: :no:

    තනිකර මනසෙන් විතරක් දැනුම හොයන්ඩ පුලුවන්ද ?
    පංචේන්ද්‍රියනුත් ඕන නේද...
    (මම ඉතිං උඹල දෙන්න තරං වැඩ කාරයෙක් නෙමේ)

    පංචේන්ද්‍රියන්ගෙන් ගන්න දැනුම දැනුමක් වෙන්න අනිවාර්යයෙන් මනස ඕනෙ. ඒත් පංචේන්ද්‍රියන්ගෙන් තොරව මනසෙන් දැනුම ගත්තෑකි. අනාගය, කර්මය මේ වගේ දේවල් මනසින් පමණක් ගත්ත දැනුම. :yes: :yes:

    මේවා පිස්සු විකාර බං... ලෝකය ගෝලාකාරයි කියලවත් දන්නේ නැතිව, ඉර හඳ පෘථිවිය ගැන හෝ ග‍්‍රහලෝක ගැන කිසිම දැනුමක් නොතිබුණු නිසා ඒවායේ විපර්යාස ගැන පුදුමයට පත් වුණු පැරැුන්නෝ ඒවායේ අමුතු ගුප්ත බලයක් තියෙනවා කියල හිතුවා.... වර්තමානයේ වුණත් තමන්ගේ ප‍්‍රඥාවට ගෝචර නොවන දෙයක් දැක්කම ඒක ගුප්ත බලවේග වලට ආදේශ කිරීම සාමාන්‍ය දෙයක්.... පුදුමය කියන්නේ තවමත් ඔය හණමිටි අදහස්වල එල්බගෙන ඉන්න එකයි...

    කිසිම දැනුමක් නොතිබුණ හින්දද ගැලීලයෝල දුරදක්න හදන්නත් කලිං හිරු ලප ගැන දැනගෙන හිටපු සංස්කෘතීන් තිබ්බෙ ? කිසිම තර්කානුකූල ඔප්පු කිරීම් නැති සූත්‍ර හැදුවෙ ? එහෙම බැලුවොත් කර්මය සංසාරය මේවත් ගුප්ත දේවල්නෙ මේවත් මිථ්‍යාද ? අන්න එතන තමයි අසංගත භාවය පැනනගින්නෙ. බටහිරකරනය වෙන්න කලිං දැන් ගුප්තයි මිථ්‍යාවල් කියල හඳුන්වන ක්‍රම වලට දැනුම ලබාගත්තු සංස්කෘතීන් ඕනෙ තරං මේ ලෝකෙ තිබ්බ. ලෝකෙ වෙනස් වුනා දැන් ලෝකෙ දැනුමේ ආධිපත්‍යය දරන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිර්මාණය කෙරෙන දැනුම. ඊට එරෙහිව යන ඔක්කොම මිථ්‍යාවල්. :oo: :oo:

    සිදුහත් කුමරුට නම් තියෙන උළලේ දී කොණ්ඩඤ්ඤ බමුණා කියනවා කවද හරි සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වෙනවා කියලා... හැබැයි එයාම සිදුහත් තවුසා දුෂ්කර කි‍්‍රයා කිරීම අතහැරලා මධ්‍යම ප‍්‍රතිපදාවට එනකොට මේ යකා නම් බුදු වෙන්නේ නෑ කියලා අනෙක් හතර දෙනාටත් කියලා සිදුහත් තවුසාව තනි කරලා යනවා... කාට හරි කියන්න පුලූවන් කොණ්ඩඤ්ඤගේ අනාවැකිය හරි ගියා කියලා... මම නම් දකින්නේ ඒක අහම්බයක්.... බුදුන් වහන්සේ කියල තියෙනවා හොඳම නැකත එළඹි අවස්ථාවයි කියලා... තවත් තැනක කියනවා ඉර හද තාරකා ගැන වෙහෙස වෙනවාට වඩා තමන්ගේ අභ්‍යන්තරයට යොමු වෙන්න කියලා.... බහුතරයක් බෞද්ධයෝ ඉන්න ලංකාවේ මිථ්‍යාව පසුපස යන අයත් බහුතරයක් නියෝජනය වීම ගැන ඇත්තටම කණගාටුයි.... :baffled:

    ඉතිං ඇත්තනෙ. බුදු දහම කියන්නෙ කොහොම හරි පුලුවන් තරං ඉක්මනට මේ සංසාරෙන් ගැලවිල් නිවන් දකින්න හදපු දැනුමක්. බුදු දහමෙ තියෙන්නෙ නිවනට යන මාර්ගය. ඉතිං ඒ මාර්ගයෙ යන්න ඒකට අදාල නොවෙන හැම දැනුමක්ම තිරශ්චීන විද්‍යාවල්. බුදුහාමුදුරුවො ගාවට ආපු හිස්කබලට තට්ටු කල්ල හිස්කබල අයිතිව හිටපු කෙනා දැන් ඉපදිලා ඉන්න තැන කියන්න පුලුවන් කියල ආපු බමුණ කියපුව බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කලාද ? නෑ ඒ ඔක්කොම හරිගියා බුදු හාමුදුරුවො පිලිගත්ත ඒ කියපුව හරි කියල. ඒත් ඒක තිරශ්චීන විද්‍යාවක්. තව කෙනෙක් ඉපදිලා ඉන්න තැන හිස්කබලට තට්ටු කල්ල දැනීම නිවනට ඇති වැඩක් නෑ ඒ බමුණට නිවන් දකින්න හැකියාව තිබුණ නිසා රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දීල ඉපදිලා ඉන්න තැන කියන්න කියල බැරිවුනාම ඒක කියන විදිහ දැනගන්න මහණ වෙන්න කියල තමා සත්‍ය අවබෝධ කල්ල දුන්නෙ. පරස්පරයි නේ ? :dull: :dull:

    මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට හිත් කියවන්න පුලුවන් යෝගීවරයෙක් එක්ක භාවනා කරන්න අවස්ථාව ලැබිල උන් වහන්සෙගෙ හිත කියවපු අවස්ථාවකුත් තියේ පුලුවන්නං හොයාගෙන කියෝපං හැබැයි ඒකත් බොරු කියයි මක් කොරන්නද :sorry: :sorry:

    බුදුහාමුදුරුවො විශ්වයේ අගක් මුලක් අපේ සංසාරෙ අගක් මුලක් හොයන්ඩ එපා කිව්වෙ ඇයි

    නිවනට අදාල නැති හින්ද
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    කිසිම දැනුමක් නොතිබුණ හින්දද ගැලීලයෝල දුරදක්න හදන්නත් කලිං හිරු ලප ගැන දැනගෙන හිටපු සංස්කෘතීන් තිබ්බෙ ?

    මේක ගැන පොඩ්ඩක් දැනගන්න කැමති? :yes: මොකක්ද ඒ සංස්කෘතිය?
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    Q) දැන් එතකොට අපි දොට්ට පිලට යන්නත් ගෙයිං එලියට බහින්න ඕනෙ නැකැත් බලලද ? එහෙම නැකැත් මොනවත් නොබල විවිධ දේවල් ආරම්භ කල අය සාර්ථක වෙලා නැද්ද ?
    A) ජීවිතේ විවිධ දේවල් සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන නියාම ධර්ම පහෙන් 1ක් විතරයි කම්ම නියාමය. අනික්ව උතු බීජ ධම්ම චිත්ත. ඉතිං කම්ම නියාමය නැතිව වුනත් අනික් නියාම ධර්ම 4බලපෑම මත යමක් සාර්ථක හෝ අසාර්ථක වෙන්න පුලුවන්. මනස දියුණු නොකල අයට කම්ම නියාමයේ බලපෑම ගෝචර නොවෙන නිසා තමා ඒ බලපෑම ගැන අනාවැකි කියන්න මේ ශාස්ත්‍රය හැදුවෙ. සියල්ල සිද්ධ වෙන්නෙ කර්මය නිසා නෙමේ. ඉතිං අනිවාර්යයෙන්ම හැම දේටම නැතැක් බලන්න රාහු කාලෙ ගියොත් ආසාර්ථක වෙනවාමයි කියලා නීතියක් නෑ. බැලුවොත් හොඳයි එච්චරයි.

    මේකට හේතුව නියාම ධර්ම නෙවෙයි, කිරිය පරිහානියයි පාප මිත්‍ර සේවනයයි හින්ද තමයිලු වැඩියෙන් අසාර්ථක වෙන්නෙ. කර්මය හැර අනික් නියාම ධර්ම විද්‍යාවෙන් ඔප්පු කරල තියනව.....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුලක් නෑ. සාස්තරකාරයො ජීවත් වෙන්නත් එපායෙ :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට හිත් කියවන්න පුලුවන් යෝගීවරයෙක් එක්ක භාවනා කරන්න අවස්ථාව ලැබිල උන් වහන්සෙගෙ හිත කියවපු අවස්ථාවකුත් තියේ පුලුවන්නං හොයාගෙන කියෝපං හැබැයි ඒකත් බොරු කියයි මක් කොරන්නද :sorry: :sorry:
    මුහම්මද් නබිට ගල්ගුහාවක් ඇතුලෙදි අල්ලාහ්ගෙ පනිවිඩකාරයෙක්ගෙන් පණිවිඩ ආපු අවස්තාවක් තියෙනව පුලුවන්නං හොයාගෙන කියෝපං හැබැයි ඒකත් බොරු කියයි මක් කොරන්නද :sorry: :sorry:

    දැන් ඔය දෙකෙන් මම පිළිගන්න ඕනේ මොකද්ද :oo: උඹ මගේ උදාහරණෙ පිලි නොගෙන උඹේ එක විතරක් පිළිගන්නේ මොකෝ ? මමනං දෙකම පිළිගන්නේ නෑ නිකන් කියවල "ආ ඇත්තද" කියල දෙකම අතාරිනව ඊට එහා වැදගත්කමක් මට ඔය දෙක ගැනම නෑ. උඹ 1 පිළිඅරගෙන 2 පිළිනොගන්නා හේතුව කියපන්කො බලන්න.

    බලන්ගොඩ හාමුදුරුවෝ බෞද්ධ හාමුදුරු කෙනෙක් නිසා හරි ඇති අරූ කාන්තාරේ ඔටුවෝ දක්කපු කෙනෙක් නෙ ඌ බොරු කිවේ වගේ වගේ ඒව නං කියන්න එපා. උඹ හරි වැරැද්ද දෙක ෆිල්ටර් කරලා ගන්න ක්‍රමේ මට ආසයි දැනගන්න.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක ගැන පොඩ්ඩක් දැනගන්න කැමති? :yes: මොකක්ද ඒ සංස්කෘතිය?

    බටහිරකරණය වෙන්න කලිං තිබ්බ චීන ශිෂ්ඨාචාරෙ :yes: :yes:
    ටෙලස්කෝප් මොකුත් නෑ. ගොඩක් රටවල ගොඩක් සංස්කෘතීන් වල ඒ කාලෙ ආධ්‍යාත්මික දියුණුව තිබ්බ. මනස දියුණු කල්ල දැනුම ලබාගත්ත. බටහිරයන්ට ඒ ක්‍රමේ බෑ. උන් ඒ නිසා හැදුව තර්කයෙන් විශ්ලේශණයෙන් දැනුම ගන්න ක්‍රමයක්. අපිට ඒ ක්‍රමේ බෑ. :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුහම්මද් නබිට ගල්ගුහාවක් ඇතුලෙදි අල්ලාහ්ගෙ පනිවිඩකාරයෙක්ගෙන් පණිවිඩ ආපු අවස්තාවක් තියෙනව පුලුවන්නං හොයාගෙන කියෝපං හැබැයි ඒකත් බොරු කියයි මක් කොරන්නද :sorry: :sorry:

    දැන් ඔය දෙකෙන් මම පිළිගන්න ඕනේ මොකද්ද :oo: උඹ මගේ උදාහරණෙ පිලි නොගෙන උඹේ එක විතරක් පිළිගන්නේ මොකෝ ? මමනං දෙකම පිළිගන්නේ නෑ නිකන් කියවල "ආ ඇත්තද" කියල දෙකම අතාරිනව ඊට එහා වැදගත්කමක් මට ඔය දෙක ගැනම නෑ. උඹ 1 පිළිඅරගෙන 2 පිළිනොගන්නා හේතුව කියපන්කො බලන්න.

    බලන්ගොඩ හාමුදුරුවෝ බෞද්ධ හාමුදුරු කෙනෙක් නිසා හරි ඇති අරූ කාන්තාරේ ඔටුවෝ දක්කපු කෙනෙක් නෙ ඌ බොරු කිවේ වගේ වගේ ඒව නං කියන්න එපා. උඹ හරි වැරැද්ද දෙක ෆිල්ටර් කරලා ගන්න ක්‍රමේ මට ආසයි දැනගන්න.

    ගල් ගුහාවෙදි නබිටම පණිවිඩ ආවද කියල හරියටම කියන්න බෑනෙ ඕව අවුරුදු දහස් ගානකට කලිං වුන දේවල්නෙ. ඒත් විශ්වාසයක් තියෙනව දෙවි කෙනෙක් ඒ කාලෙත් මිනිස්සුන්ට දැනුම දුන්න වෙන්න පුලුවන් කියල. සර්වබලධාරී දෙයියො පිලිගන්නව කියල නෙමේ මේ කියන්නෙ. ඒත් අපිට වඩා දියුණු අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවෙන අපි දෙවිවරු කියල හඳුන්වන ජීවීන් විශේෂයක් ඉන්නව කියල විශ්වාස කරනව. ඒ ජීවීන්ගෙන් දැනුම ලබාගැනීම ඉස්සර ඉඳලම තිබ්බ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ නැගීමත් එක්ක තමා ඕන නැති වෙලා තර්කයෙන් විශ්ලේෂණයෙන් විතරක් දැනුම ලබාගන්න ක්‍රමේ ආවෙ උන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බැරි නිසා. සර්වබලධාරීද අත් කකුල් ගොඩද මානව රූපීද මේව ඒ ඒ සංස්කෘතීන් වල මිනිස්සු තේරුම් ගත්තු විදිහ. ඒ කාලෙත් මිනිස්සු අපි දෙවියන් කියන ජීවීන්ගෙන් දැනුම ගත්ත වෙන්න පුලුවන් ඒ මිනිස්සු ඒක රූපයක් නැති සර්වබලධාරී දෙවි කෙනෙක් විදිහට තේරුම් ගත්ත වෙන්න පුලුවන්. අපෙත් පන්සල් වල දෙවියො වලාකුලු උඩ ඉන්න ඔටුනු දාගත්තු මිනිස්සු වගේම පිරිසක්නෙ. දෙයියො ඒ වගේ කියල දන්න තරමින් බුදු හාමුදුරුවොවත් දේශනා කල්ල නෑ. ඒ ඒ සංස්කෘතිය ඒ ජීවීන් තම තමන්ගෙ සංස්කෘතීන් වල හැටියට රූප ඇන්ද. කුරාණෙ දන්නෑ අරාබිකරේ වුනත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ උන් දෙවියන්ගෙන් දැනුම ගත්ත විය හැකියි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    බටහිරයන්ට ඒ ක්‍රමේ බෑ. උන් ඒ නිසා හැදුව තර්කයෙන් විශ්ලේශණයෙන් දැනුම ගන්න ක්‍රමයක්. අපිට ඒ ක්‍රමේ බෑ. :no: :no:

    ඒ තර්කයෙන් විශ්ලේෂණයෙන් ගත්ත දැනුමෙන් නේද ඔය රොකට් තාක්ෂණයෙන් සිට අපි මේ පාවිච්චි කරන කුඩාම electronic ක උපකරණ සෑදුවේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ තර්කයෙන් විශ්ලේෂණයෙන් ගත්ත දැනුමෙන් නේද ඔය රොකට් තාක්ෂණයෙන් සිට අපි මේ පාවිච්චි කරන කුඩාම electronic ක උපකරණ සෑදුවේ?

    ඔව් :yes: :yes: