මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.
එක තමා කියන්නේ.. ඕවා ගැන ඇත්ත නැත්ත දන්නේ ඕවා කරපු අයම තමා.. මෙතන අරහෙම පුළුවන් මෙහෙම පුළුවන් අරහෙම කරන්න බෑ මෙහෙම කරන්න බෑ කියල තර්ක කරලා වැඩක් නෑ... කරලම බලන්න ඕනේ.. එහෙම නැතුව ඒවා ඇත්ත හෝ බොරුයි කියන්න බෑ අපිට



එතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි. 

