ට්‍රිප් යද්දි දෙමව්පියන්ව එක්කන් යනවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉරිසියා කරන්න එපා යකෝ... සහෝදරයා නේ.. ඌට බනිනකොට උබට චූන් ඇති නේ 🤬🤬🤬
     
    • Like
    Reactions: Champ HB

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ලංකාවේ ගොඩක් උන්ට ළමයි කියන්නේ ආයෝජනයක්. පොඩි කාලේ උන් වෙනුවෙන් පට්ට විදියට නැහෙනවා, පට්ට කටු කනවා, සේසතම වියදන් කරනවා උන් වෙනුවෙන්, ජීවිතේම කැප කරනවා. ඉතින් පස්සේ කාලෙක උන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. . එහෙම නොවුනම අප්සට් වෙනවා.. හැබැයි ළමයට වෙනම ජීවිතයක් තියෙනවා, ඌ උගේ පාරේ යනවා ඕක තමයි ඉතින් වෙන්නේ.

    සුද්දො ඒකෙ අනික් පැත්ත..උන් ළමයි හැදුවට ලංකාවෙ උන් වගේ care වෙන්නෙ වත් සල්ලි වියදම් කරන්නෙවත් නෑ.අනික ළමයි හදන්නෙත් උන් ගන්න ඕන ෆන් ඔක්කොම අරගෙන වයස අවුරුදු 40 පැන්නට පස්සෙ..සල්ලි ගොඩක් උන් පොතේ දාගන්නව උන්ට බැරි වුන කාලෙක ගන්න.ළමයින්ගෙ වියදම් පුළුවන් ඔක්කොම රජයෙන්ම කරගන්න ට්‍රයි කරනව.දැන් උඹ කියන්නෙ මේ දෙකෙන් උඹේ දෙමවුපියෝ උඹට කරන්න ඕන මොකක්ද..උඹේ රැඩිකල් මොළේ ඩ්‍රිල් වෙන ප්‍රශ්ණයක් අැහුවනම් සොරි😕
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Dekama awul wage banz. @Emios kiyana dewal hari wage.
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    මගේ අම්මයි තාත්තයි මම පොඩි කාලේ මාසෙකට සැරයක්වත් මාව කොහේ හරි එක්කං ගියා. රටතොට පෙන්නුවා, ඒ තැන් ගැන කියලා දුන්නා. එහෙම කලේ ඒඅයට පුළුවන් කාලේ, පුළුවන් විදියට.

    දැන් ඒ දෙන්නා වයසයි. තනියම කොහෙවත් යන්න බෑ. කොහේ හරි ගියත් ඉස්සර වගේ හයියෙන් යන්න බෑ, පඩි නගිනකොට බහිනකොට අල්ලාගෙන යන්න ඕනේ. හැබැයි තවමත් ඈත පන්සලකට යන්න, කොහේ හරි ගිහින් කෑමක් කාල එන්න තිබ්බ ආසාව ඒ විදියටම තියෙනවා.

    මට මගේ දෙමව්පියන් පිටරට එක්කං යන්න තරම් වත්කමක් නෑ. හැබැයි අවුරුද්දකට පාරක් හරි මට පුළුවන් උපරිම මට්ටමේ හෝටලයක නවාතැන් එක්ක දවස් තුන හතරක ට්‍රිප් එකක් එක්කං යනවා. මමයි වයිෆුයි එක රැයකට වඩා කොළඹින් පිට ගමනක් යනවනම් අම්මයි තාත්තයි එක්කගෙන යනවා. මටත් කලින් ඒ ගමන් ගැන කියල ඒ දෙන්නව ලෑස්තිකරවන්නේ මගේ වයිෆ්. (මගේ අම්මා තාත්ත ගැන මම වගේම හිතන බිරිඳක් ලැබීම මගේ වාසනාවක් - ගොඩක් අයට එහෙම නෑ කියලත් මම දන්නවා)

    ඒක යම් නිදහස සීමාවීමක් කියල කාටහරි කියන්න පුළුවන් වුනත් මම හිතන්නේ මෙහෙමයි, මගේ දෙමව්පියෝ තව අවුරුදු දහයකට වඩා ජීවත් වෙන එකක් නෑ. ගතවෙන හැම දවසක්ම ඒ අවුරුදු දහයෙන් වෙන අඩුවීමක්. ඒ මිනිස්සු නැතිවුන දවසට මිනිය බදාගෙන කෑගහනවට වඩා ඉන්න කාලේ හිත සතුටින් තියන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

    ඒ සතුට වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම එහෙම කරන්නේ ඉපදුන දවසේ ඉඳන් මං වෙනුවෙන් හැමදෙයක්ම කරපු, අදටත් පුළුවන් හැම දෙයක්ම කරන දෙමව්පියන් වෙනුවෙන් හින්දා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් නම් වයිෆ් එක්ක මගේ අම්මයි තාත්තයි එක්ක යනව ඊටපස්සෙ වයිෆ්ගෙ අම්මයි තාත්තයි එක්ක යනව . ඉතුරු ට්‍රිප් අපි දෙන්න විතරක් යනව . ඔතන තියෙන්නෙ තනිකරම බැලන්ස් කිරිල්ලක් . එයාලව අවුරුද්දකට දෙපාරක් කොහේ හරි එක්ක ගියානම් ඇති අවුරුද්දටම කියව කියව ඉන්න . පවු මචන් ඒව අපේ යුතුකම් .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මේ අද උදේ වෙච්චි සිද්ධියක් සිංහළු.. අපේ මල්ලි මේ දිගු සති අන්තේ ගමේ ගියා.. කෙල්ලගේ ගමේ.. ඉතින් අද උදේ අම්මලා කියෝනවා එයාලා තනියෙන් යනවා, අපිව එක්කන් යන්නේ නෑ.., ලැජ්ජ ඇති අපිව එක්කන් යන්න.. නිකමට අහන්න බැරිද.. එහෙනම් අපිත් එනවනේ.. මල්ලි ගෑණිට බය වෙලාලු... ආවා නම් අපිත් අනුරාධපුරේ වැඳ පුදා ගන්නවනේ.. එක විකාරයයි...

    අපේ ගෙදරින් මල්ලිට ගොඩක් වියදම් කලා.. පොර හොඳ ජොබ් එකක් එහෙම කරනවා... පොර බැඳලා වෙනම ඉන්න ඕනේ කිව්වා.. ඉතින් මුට ඉඩමත් අරන් දීලා ගේත් හදාගන්න උදවු කලා.. මුට කොමන් සෙන්ස් අඩුද මන්දා.... නැත්නම් අම්මලා ගැන හිතන්නේ නැත්ද කොහෙද...

    තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු දෙමව්පියන්ට වියපත් උනාම සලකන්න ඕනේ.. එයාලා ආස දේවල් කරලා දෙන්න ඕනේ.. මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.. දෙන්නා ගොඩක් සතුටු වෙයි එහෙම උනොත්. කවදා ඉටු වෙයිද මන්දා ඒක... :(

    අම්මලා දැන් දුක් වෙනවා මූ වෙනස් උන නිසා... අම්මලත් කියනවා වැඩිය ආයේ ඌ ගැන බලන්න ඕනේ නෑලු.. අපේ පාඩුවේ හිටියම ඉවරයිලු..

    උඹලා කොහොමද කසාද ජීවිතය තුල දෙමව්පියන්ව බැලන්ස් කරන්නේ?

    අම්මා තාත්තව දබදිව වන්දනාවේ එක්කන් පලයන්.. ඔය නුගේගොඩ ලෝටස් ‍ටුවර් එකට සෙට් කරා නම් හරිනේ.. :yes:
    ආරාක්ශාවත් උපරිමයි.. ඊට පස්සේ වදයක් වෙන්නේ නෑ කොහොමත්..කොහොමත් ඕවාගේ ඒවා දෙමාපියන්ගේ හීන.. :love:
    ඊට පස්සේ උබට සතුටින් ඉන්න පුලුවන්. :cool:
    සිංගප්පූරු ගිහින් මොනවා බලන්නද ? :eek:
    බුද්ධාලංබන ප්‍රීතීය ඇති කර ගන්න ඉන්දියාවේ දබදිව යවපන්.. :D
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මගේ අම්මයි තාත්තයි මම පොඩි කාලේ මාසෙකට සැරයක්වත් මාව කොහේ හරි එක්කං ගියා. රටතොට පෙන්නුවා, ඒ තැන් ගැන කියලා දුන්නා. එහෙම කලේ ඒඅයට පුළුවන් කාලේ, පුළුවන් විදියට.

    දැන් ඒ දෙන්නා වයසයි. තනියම කොහෙවත් යන්න බෑ. කොහේ හරි ගියත් ඉස්සර වගේ හයියෙන් යන්න බෑ, පඩි නගිනකොට බහිනකොට අල්ලාගෙන යන්න ඕනේ. හැබැයි තවමත් ඈත පන්සලකට යන්න, කොහේ හරි ගිහින් කෑමක් කාල එන්න තිබ්බ ආසාව ඒ විදියටම තියෙනවා.

    මට මගේ දෙමව්පියන් පිටරට එක්කං යන්න තරම් වත්කමක් නෑ. හැබැයි අවුරුද්දකට පාරක් හරි මට පුළුවන් උපරිම මට්ටමේ හෝටලයක නවාතැන් එක්ක දවස් තුන හතරක ට්‍රිප් එකක් එක්කං යනවා. මමයි වයිෆුයි එක රැයකට වඩා කොළඹින් පිට ගමනක් යනවනම් අම්මයි තාත්තයි එක්කගෙන යනවා. මටත් කලින් ඒ ගමන් ගැන කියල ඒ දෙන්නව ලෑස්තිකරවන්නේ මගේ වයිෆ්. (මගේ අම්මා තාත්ත ගැන මම වගේම හිතන බිරිඳක් ලැබීම මගේ වාසනාවක් - ගොඩක් අයට එහෙම නෑ කියලත් මම දන්නවා)

    ඒක යම් නිදහස සීමාවීමක් කියල කාටහරි කියන්න පුළුවන් වුනත් මම හිතන්නේ මෙහෙමයි, මගේ දෙමව්පියෝ තව අවුරුදු දහයකට වඩා ජීවත් වෙන එකක් නෑ. ගතවෙන හැම දවසක්ම ඒ අවුරුදු දහයෙන් වෙන අඩුවීමක්. ඒ මිනිස්සු නැතිවුන දවසට මිනිය බදාගෙන කෑගහනවට වඩා ඉන්න කාලේ හිත සතුටින් තියන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

    ඒ සතුට වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම එහෙම කරන්නේ ඉපදුන දවසේ ඉඳන් මං වෙනුවෙන් හැමදෙයක්ම කරපු, අදටත් පුළුවන් හැම දෙයක්ම කරන දෙමව්පියන් වෙනුවෙන් හින්දා.
    best comment machan.. this is what i want...

    සමහරු හරක් වගේ කොමෙන්ට් කරලා මම මල්ලිට ඉරිසියා කරනවලු..:lol::lol::lol: මල්ලිත් එක්ක අවුලක් ලු.. ලොල්..:rofl: මට හිනා මුන්ගේ මරි මෝඩ කොමෙන්ට් දැකලා.. මම මොනවත් ලිව්වේ නැත්තේ ඔය වගේ හරක්ට ලියලා වැඩක් නෑ.. මම හදවතින්ම සතුටු වෙනවා මල්ලි ගැන.. පොරත් මට ගරු කරනවා හැමවෙලේම.. දන්නේ නැති ඕනෙම දෙයක් මගෙන් අහගන්නවා... අපි අතරේ කිසිම අවුලක් නෑ...

    මට ඕනේ උනේ මල්ලිත් තව ටිකක් අම්මලා ගැන නම්‍යයශීලීව හිතනවා නම්......
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මන් නම් වයිෆ් එක්ක මගේ අම්මයි තාත්තයි එක්ක යනව ඊටපස්සෙ වයිෆ්ගෙ අම්මයි තාත්තයි එක්ක යනව . ඉතුරු ට්‍රිප් අපි දෙන්න විතරක් යනව . ඔතන තියෙන්නෙ තනිකරම බැලන්ස් කිරිල්ලක් . එයාලව අවුරුද්දකට දෙපාරක් කොහේ හරි එක්ක ගියානම් ඇති අවුරුද්දටම කියව කියව ඉන්න . පවු මචන් ඒව අපේ යුතුකම් .

    මමත් ගොඩක් වෙලාවට කරන්නේ මේක.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අම්මා තාත්තව දබදිව වන්දනාවේ එක්කන් පලයන්.. ඔය නුගේගොඩ ලෝටස් ‍ටුවර් එකට සෙට් කරා නම් හරිනේ.. :yes:
    ආරාක්ශාවත් උපරිමයි.. ඊට පස්සේ වදයක් වෙන්නේ නෑ කොහොමත්..කොහොමත් ඕවාගේ ඒවා දෙමාපියන්ගේ හීන.. :love:
    ඊට පස්සේ උබට සතුටින් ඉන්න පුලුවන්. :cool:
    සිංගප්පූරු ගිහින් මොනවා බලන්නද ? :eek:
    බුද්ධාලංබන ප්‍රීතීය ඇති කර ගන්න ඉන්දියාවේ දබදිව යවපන්.. :D
    මචන් පෞද්ගලිකව මම කැමති නෑ දඹදිව යවනවට.. හේතුව මම ඕනේ තරම් දැකලා තියෙනවා දඹදිව යන මිනිස්සු විඳින දුක.. උස්සගන්න බැරි බෑග් මලු දීලා සති 2ක් අපා දුක් විඳිනවා... මට ඉන්නෙත් වියපත් දෙමව්පියන්... එයාලට දැන් ඉස්සර වගේ ශක්තිමත් නෑ... එහෙව් එකේ එයාලගේ අවසාන කාලේ දුකක් දෙන්න මට ඕනේ නෑ.. දවස් ගනන් පාරේ වාහන වල.. ඒජන්සි කාරයොත් හරක් වගේ මඩෝනවා වයසක මිනිස්සු.. උන්ට ඕනේ ආදායම.. සමහරුන්ව උස්සනවා අවයව ගලව ගන්න..

    එයාලා ලංකාවෙන් පිට රටක් දැකලා නෑ... මට විශ්වාසයි එයාලා ගොඩක් සතුටු වෙනවා මට යන්න පුළුවන් උනොත්.. මමයි අම්මයි තාත්තයි විතරයි යන්න හිතන් ඉන්නේ...
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මචන් පෞද්ගලිකව මම කැමති නෑ දඹදිව යවනවට.. හේතුව මම ඕනේ තරම් දැකලා තියෙනවා දඹදිව යන මිනිස්සු විඳින දුක.. උස්සගන්න බැරි බෑග් මලු දීලා සති 2ක් අපා දුක් විඳිනවා... මට ඉන්නෙත් වියපත් දෙමව්පියන්... එයාලට දැන් ඉස්සර වගේ ශක්තිමත් නෑ... එහෙව් එකේ එයාලගේ අවසාන කාලේ දුකක් දෙන්න මට ඕනේ නෑ.. දවස් ගනන් පාරේ වාහන වල.. ඒජන්සි කාරයොත් හරක් වගේ මඩෝනවා වයසක මිනිස්සු.. උන්ට ඕනේ ආදායම.. සමහරුන්ව උස්සනවා අවයව ගලව ගන්න..

    එයාලා ලංකාවෙන් පිට රටක් දැකලා නෑ... මට විශ්වාසයි එයාලා ගොඩක් සතුටු වෙනවා මට යන්න පුළුවන් උනොත්.. මමයි අම්මයි තාත්තයි විතරයි යන්න හිතන් ඉන්නේ...

    මචන් මම අම්මලා තාත්තලා පවුලේ අය එක්ක දබදිව ගිහින් තියෙනවා එකයි උබව දැනුවත් කරේ ඒ විදිහට.
    අපි ගියේ නුගේගොඩ ලෝටස් ‍ටුවර්ස් එකෙන්. ග්
    ගමන විඩාවෙන් තොරයි, සැප පහසුයි.
    ඒ ඒ අදාල ස්ථාන වලට පයින් එක්කන් යන්නේ නෑ..ලොකු ‍ටුවරිසට් බස් වල එක්කන් යන්නේ, සමහර තැන් වලදි වෙනම ජීප වාහනත් ගන්නවා.. බස් වල ගෙනියන බඩු බෑග් අදින්න වෙනම සෙට් එකක් ඉන්නවා. ගයිඩ් කරලා මිනිසුන්ගේ මානසික තත්වය එක මට්ටමක තියා ගන්න වෙනම දෙන්නෙක් ඉන්නවා ගමන පුරාවටම. කිසිම වෙලාවක බෑග් මල්ලක් උස්සන් යන්න අවස්තාවක් දෙන්නේ නෑ. හොටෙල් වලට දානකොටත් බෑග් මලු ඔක්කොම වෙනම දොර ගාවටම ගෙනත් දෙනවා. සැප පහසුව උපරිමයි.. ඔක්කොම ඒසී කරපු වාහන බස් තියෙන්නේ.. අනික එක කන්ඩායමකට ඉන්නේ සීමීත ගානක් ඒ නිසා එකිනෙකා අදුර ගන්නත් ලේසී.. තව ඉන්දියාවේ තියෙන කෑම වර්ග කන්න දෙන්නේ නෑ ඒවාගේ සෞඛ්ය ආරාක්ශිත බවක් නෑ කියලා.

    මම දැකලා තියෙනවා දන්න අය ඉන්නවා ගොඩක් ඔය හාමුදුරුවරු එක්ක එහෙම ලොකු කන්ඩායම් එක්ක යන්නේ..සමහර ඒවා කෝච්චියෙන්, අන්තිම චාටර් , හැබැයි ගමනේ වියදම අඩුයි.අතින් බඩු මලු එල්ලන් , කිසිම ආරාක්ශාවක් නැති ජරාම ආහර කමින් යන්නේ, ඒවා නම් ඉතින් අන්තිම කට්ටක් කන්නේ උබ කිව්වා වගේ..එහෙම ගියොත් එපාම වෙලා නවතින්නේ.

    අපි ගිහින් දැන් ගොඩක් කල්. එතකොට මිහින් ලංකා තිබ්බේ..ඒ ගමනේ සැපපහසුව නිසාම ගියපු අය ඔක්කොම වගේ ආයේ යන්න ඕනී කියලා හිතෙනවා.මම ‍ටුවර්ස් ආයතනය මාකෙට් කරනවා නෙවේ..දෙයක් පිලිවෙලකට කරන තැනක් විදිහටත් , ගියපු කෙනෙක් විදිහටත් , ආරාක්ශාකාරී බවත් නිසා නිර්දේශ කරන්නේ නුගේගොඩ ලෝටස් එක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    අපේ යාළුවෙක්ට කෙළ වෙලා ඉන්නෙ. ඌ මට මේ ළඟදි කියනවා මස්සිනාව ගෙදරින් එළව ගන්න ප්ලෑන් එකක් කියපන්ලු. උගෙ අක්කා බැඳල මිනිහ එක්ක බින්න බැහැල. අරූ මට උගෙ ප්‍රශ්ණ ටික කිව්වා. හපෝ කියල හිතුණ බන්. මම කිව්වා හොඳම දේ වලියක් ඇද ගනින් කියල තියෙන තත්වෙ හැටියට. උබලට මේ වගේ situation එකක් වුණොත් handle කරන්නෙ කොහොමද ? උගෙ අක්ක නම් හැබැයි මරු කෑල්ල. පයිය නගිනව දැක්ක ගමන්. :D
     
    • Haha
    Reactions: your_love

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලංකාවේ ගොඩක් උන්ට ළමයි කියන්නේ ආයෝජනයක්. පොඩි කාලේ උන් වෙනුවෙන් පට්ට විදියට නැහෙනවා, පට්ට කටු කනවා, සේසතම වියදන් කරනවා උන් වෙනුවෙන්, ජීවිතේම කැප කරනවා. ඉතින් පස්සේ කාලෙක උන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. . එහෙම නොවුනම අප්සට් වෙනවා.. හැබැයි ළමයට වෙනම ජීවිතයක් තියෙනවා, ඌ උගේ පාරේ යනවා ඕක තමයි ඉතින් වෙන්නේ.
    hariyata hari. lankawa,india wala thiyanna awl oka, ratak develop novi thiyanath oka reason ekak.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් මම අම්මලා තාත්තලා පවුලේ අය එක්ක දබදිව ගිහින් තියෙනවා එකයි උබව දැනුවත් කරේ ඒ විදිහට.
    අපි ගියේ නුගේගොඩ ලෝටස් ‍ටුවර්ස් එකෙන්. ග්
    ගමන විඩාවෙන් තොරයි, සැප පහසුයි.
    ඒ ඒ අදාල ස්ථාන වලට පයින් එක්කන් යන්නේ නෑ..ලොකු ‍ටුවරිසට් බස් වල එක්කන් යන්නේ, සමහර තැන් වලදි වෙනම ජීප වාහනත් ගන්නවා.. බස් වල ගෙනියන බඩු බෑග් අදින්න වෙනම සෙට් එකක් ඉන්නවා. ගයිඩ් කරලා මිනිසුන්ගේ මානසික තත්වය එක මට්ටමක තියා ගන්න වෙනම දෙන්නෙක් ඉන්නවා ගමන පුරාවටම. කිසිම වෙලාවක බෑග් මල්ලක් උස්සන් යන්න අවස්තාවක් දෙන්නේ නෑ. හොටෙල් වලට දානකොටත් බෑග් මලු ඔක්කොම වෙනම දොර ගාවටම ගෙනත් දෙනවා. සැප පහසුව උපරිමයි.. ඔක්කොම ඒසී කරපු වාහන බස් තියෙන්නේ.. අනික එක කන්ඩායමකට ඉන්නේ සීමීත ගානක් ඒ නිසා එකිනෙකා අදුර ගන්නත් ලේසී.. තව ඉන්දියාවේ තියෙන කෑම වර්ග කන්න දෙන්නේ නෑ ඒවාගේ සෞඛ්ය ආරාක්ශිත බවක් නෑ කියලා.

    මම දැකලා තියෙනවා දන්න අය ඉන්නවා ගොඩක් ඔය හාමුදුරුවරු එක්ක එහෙම ලොකු කන්ඩායම් එක්ක යන්නේ..සමහර ඒවා කෝච්චියෙන්, අන්තිම චාටර් , හැබැයි ගමනේ වියදම අඩුයි.අතින් බඩු මලු එල්ලන් , කිසිම ආරාක්ශාවක් නැති ජරාම ආහර කමින් යන්නේ, ඒවා නම් ඉතින් අන්තිම කට්ටක් කන්නේ උබ කිව්වා වගේ..එහෙම ගියොත් එපාම වෙලා නවතින්නේ.

    අපි ගිහින් දැන් ගොඩක් කල්. එතකොට මිහින් ලංකා තිබ්බේ..ඒ ගමනේ සැපපහසුව නිසාම ගියපු අය ඔක්කොම වගේ ආයේ යන්න ඕනී කියලා හිතෙනවා.මම ‍ටුවර්ස් ආයතනය මාකෙට් කරනවා නෙවේ..දෙයක් පිලිවෙලකට කරන තැනක් විදිහටත් , ගියපු කෙනෙක් විදිහටත් , ආරාක්ශාකාරී බවත් නිසා නිර්දේශ කරන්නේ නුගේගොඩ ලෝටස් එක.
    උබ කොයි කාලෙ වගේද බන් ගියේ? කීයක් විතර ගියාද ? මටත් යවන්න ඕන ඒ දෙන්නව දඹදිව
     
    • Like
    Reactions: charitha2011

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131

    google reviews awl ne machan oke
    samaharu banalane ambanakata
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,121
    1
    11,130
    113
    අපේ යාළුවෙක්ට කෙළ වෙලා ඉන්නෙ. ඌ මට මේ ළඟදි කියනවා මස්සිනාව ගෙදරින් එළව ගන්න ප්ලෑන් එකක් කියපන්ලු. උගෙ අක්කා බැඳල මිනිහ එක්ක බින්න බැහැල. අරූ මට උගෙ ප්‍රශ්ණ ටික කිව්වා. හපෝ කියල හිතුණ බන්. මම කිව්වා හොඳම දේ වලියක් ඇද ගනින් කියල තියෙන තත්වෙ හැටියට. උබලට මේ වගේ situation එකක් වුණොත් handle කරන්නෙ කොහොමද ? උගෙ අක්ක නම් හැබැයි මරු කෑල්ල. පයිය නගිනව දැක්ක ගමන්. :D

    Okama Athi ne ban elawa ganna.. Uba palayan unge gedara hamadama
     
    • Like
    • Haha
    Reactions: SpaceX and Candid-B

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    උබ කොයි කාලෙ වගේද බන් ගියේ? කීයක් විතර ගියාද ? මටත් යවන්න ඕන ඒ දෙන්නව දඹදිව

    මචන් මම ගියේ 2010 වගේ.. දැන් ගොඩක් කල් ඉතින්.
    ඒ කාලේ මිහින් ලංකා තිබ්බේ.. :yes:
    ඒ දවස් වල එක්කෙනෙක්ට රු 63,000 ක් වගේ ගියා දවස් 12 ට්‍රිප් එකට.
    හරිම නිදහස් කවදාවත්ම අමතක නොවී මතකයේ ‍රැදෙන ගමනක්. :love:
    ආයේත් කවදා හරි යනවා කියලා හිතන් ඉන්නේ..

    දැන් නම් මචන් ගාන ටිකක් වැඩී ඇති. ඒ දවස් වල වගේ නෙවේනේ , අනික දැන් මිහින් ලංකා නෑනේ.
    උබ කෝකටත් නුගේගොඩ ලෝටස් එකට ගිහින් හරි කෝල් කරල හරි විස්තර ගනින්.
    රජයේ සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට යන්න පුලුවන් සීන් එකකුත් තියෙනවා..බලපන්.
    මම එයාලව විතරයි දන්නේ ගිහින් තියෙන නිසා, වෙන හොද ආයතනත් තියෙන්න පුලුවන්.
    එයලා කෑම එහෙම බඩු මෙහෙන් අරන් ගිහින් උයලා අපිට දෙනවා සමහර අවස්තාවලදී.

    කවදාවත් ඔය හාමුදුරුවරු එක්ක යන ඒවට නම් යවන්න එපා හරිම ක‍ටුකයි ගමන. :(

    මට එක පාරක් කට්ටියක් සෙට් උනා එයාලා කෝච්චියේ දවස් 20 ගානක එකක් ගිහින් තියෙන්නේ..
    ආයේ නම් යන්නේ නෑ කීවා එපා වෙලා.ටොයිලට් එහෙම අන්තිමයි ලු. කෙලින්ම වැටෙන්නේ රේල් පාරටලු.
    කෑමත් ජරාවලු , කෝච්චිය නතර කරාම ඉන්න සෙනග අතරේ ගොඩක් අය නැති වෙනවලු. :baffled:
    ඔහොම ඔහොම කීවා..එයාලාගේ ගමනේ වියදම අඩුයි කීවා රු. 45,000 ක් විතරලු ගියේ.

    පත්තරයක් ගත්තොත් දබදිව වන්දනා ‍ටුවර්ස් ආයතන ගොඩයි , 200 ක් විතර තියෙනවා..තිබ්බට හොද නරක දන්නේ නෑ ඉතින්..ගියපු අය ඉන්නවානේ එයාලගෙන් විස්තර අරන් යන්න.කවදාවත් නිකන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා. :growl:

    සාමානය්යෙන් මිල පොඩ්ඩක් වැඩි ඒවාගේ පහසුකම් ,සීමීත කන්ඩායම් බව නිසා ආරාක්ශාව උපරිමයි. :D
    මිල අඩු ඒවාගේ කට්ටක් කන්න වෙනවා ඉතින්, එවාගේ කන්ඩායම් වල ප්‍රමානය වැඩී , ආරාක්ශාවත් අඩුයි.. අනික ඔය එක පාරක් ටීවී එකේ පෙන්නුවේ ගියපු කන්ඩායමක හාමුදුරුවෝ කෙනෙක්ට ඉන්දියාවේ සෙට් එකක් එකතු වෙලා ගහනවා.. :angry:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    google reviews awl ne machan oke
    samaharu banalane ambanakata

    එක එක මිනිස්සු එක එක විදිහ මචන්. :yes:
    කෙනෙක්ට හොදක් කියන්නත් පුලුවන් තව කෙනෙක්ට නරකක් කියන්නත් පුලුවන්.
    අනිත් සමහර ආයතන එක්කන් යන වන්දනා ස්තාන වලට ඕකේන් එක්කන් යන්නේ නෑ.. ඒක ඉතින් පැකේජ් එක අනූව වෙනස් වෙනවා.ඔක්කොම කලින් දැනුවත් කරලනේ යන්නේ.

    අනිත් එක ලංකාවේ මිනිස්සු ගෙවන ගානට දෙන්න පුලුවන් පහසුකම් වලට වඩා වැඩි පහසුකම් බලාපොරොත්තු වෙනවා හෝටල් පහසුකම් හා කෑම බීම වලින් එහෙම..එතකොට අවුල් එනවා. :lol:

    මම ගියපු නිසා කීවේ ඒ ආයතනය ගැන ඒ උනාට තවත් හොද ආයතන තියෙන්න පුලුවන් ඉතින්.
    මම කියනවටම විශ්වාස කරන්න එපා මචන් උබට වෙන ඕනී ආයතනයක් ‍තෝරාගෙන අත්දැකීම් ලබාගෙන බලන්න පුලුවන්. :cool:
    අපිට එදා යනකොට ලැබුන සර්විස් එක අනූව තමා මම කීවේ..

    ඕකේන් ඒ දවස් වල ටජ් මහලට එක්කන් ගියේ නෑ.. ඒක බලන්නම ඕනි කියපු අයට ටිකට් අරන් ඇතුලට යන්න අවස්තාවක් හදලා දුන්නා.අපිත් ගියා. :love:
    ඒත් ටජ් මහල බිල්ඩින් එකේ ඇතුල බලන්න යන්න නම් ලේසී උනේ නෑ මොකද ඒ තරමට පෝලීමේ මිනිස්සු..පෝලීම් 20 ක් වගේ තිබ්බා. :angry:
    ‍ටුවරිසට්ලා කියලා අපිට ප්‍රමුකස්තානයක් හම්බ උනේ නෑ. මොකද ඉන්දියන් එවුනුත් ඉන්නවා පෝලීමේ ඕක ඇතුල නොදැකපු. :baffled:
    ඒවා නම් අවුල තමා ඉතින්. :confused:
     
    • Like
    Reactions: Arcadian

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    Okama Athi ne ban elawa ganna.. Uba palayan unge gedara hamadama
    අඩෝ සිරාවටම ඌ පව් බන්. ඌ මානසිකව වැටිල ඉන්නෙ. ගෙදර අයත් ඌව ඩෝන්ට් කෙයාර් සීන් එකක් වගේ තියෙන්නෙ. siblings , ඉන්නව කියන්නෙත් මහ අපබ්‍රන්ස වැඩක් බන්. හොඳ වෙලාවට මට එකෙක්වත් නෑ. ලොකු වුණාම ගෙවල් බෙදන සීන් නම් මහ පිස්සු විකාර.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    දරුවෝ දිග දීපු දෙමව්පියෝ කියන්නේ ටිකක් වයසක මිනිස්සු නේ බන්. ඒ අයත් පොඩි ට්‍රිප් එකක් එහෙම යන්න ආසයි. ඉතින් දරුවෝ විදියට ඒ අයත් ට්‍රිප් එකක් / වන්දනා ගමනක් එක්කන් ගිහින් එයාලත් සතුටින් තියන එක දරුවන්ගේ යුතුකමක්.