අඩෝ මොකද බන් ටියුශන් ගුරාල එක්ක මෙතනයි බුකියෙයි තියෙන ප්රශ්නය? උන් හොරකන් කරන්නේත් නෑ, උගන්නල හම්බකරන එකෙන් තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ. සොශල් මීඩියා පාර දානව මාර්කටින් වලට. උන් උගනන්න එක හොදට කරනවනම්, ඉගෙන ගන්න උන් මොනාහරි දෙයක් ඉගෙනගෙන ජීවිතේ ගොඩ යනවනම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද? අනික උගන්නන එක බෝරින් නොකර කරනවනම් ඒකෙත් ඇති වැරැද්දක් නෑනේ.
පොලිටික්ස් කතා කරන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ. අපි 2006 AL කරන්න යන කාලේ combine වලට ක්ලාස් ගිය එකා අමු ජෙප්පෙක්. ඒ කාලේත් ඉතින් 3%යි. ලපය කලිසමේ චූ කරගන්න කාලේ. ඩයල් එක ඉතින් බ්රෙක් එකේ ජෙප්පන්ට තෙල ගහනවා. අපි ඉතින් ඒවා අහන් ඉඳලා ඉගෙනගෙන අපේ වැඩක් කරගන්නවා. ඒත් කොයි වෙලාවකවත් ඌ ගැන වෛරයක් ආවේ නෑ. තැන තැන ගිහින් ඌට බැන්නේ නෑ. ඌ දුන්න ටොක් ඉතින් පන්ති ගිය උන් ඇරෙන්න වෙන උන් දන්නේ නෑ මොකද ඒ කාලේ සොශල් මීඩියා තියා ෆෝන් වත් තිබ්බෙ නෑ. ගුරෙක්/මිනිහෙක් විදියට අදටත් ගරු කරනව ඩයල් එකට උගේ දේශපාලනේ අපිට දිරෙව්වේ නැති උනාට.
අඩෝ ඒකට දැන් බලපන්කො, අර බයෝ ඩයල් එකත් එක්ක තියෙන ඇරියස් එක.
ආතල් එක තියෙන්නෙ උන්ට බනින උනුත් කාගේ හරි පොලිටික්ගේ පස්සෙ ගිහින් සුරලෝකේ මවයි කියල රැවටිලා ඉන්න එක තමා.
නිකමට හිතෙනවා තනිකර ඉරිසියාව වහගන්න බනින බැනිල්ලක් කියලා