ඩෙනිම් කලිසම් හෝදන්න එපා..
ඩෙනිම් කලිසම් හෝදන්න එපා..දවසක් ශීතකරණයේ තබන්න. - Levis සමාගමේ හිමිකරු කියයි..
ලොව ප්‍රකට ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු ‘චිප් බර්ග්‘ ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්ඡේදය පිළිබඳ අපූරු හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
56 හැවිරිදි චිප් බර්ග් ෆෝචූන් සගරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙලිකර තිබුණේ තමාගේ ප්‍රියතම ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවයි.
‘‘මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕනේ මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ...
එහිදි Levis ඩෙනිම් කලිසමේ නිර්මාතෘවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැලකී සිටිය යුතු බවයි. එමෙන්ම ඩෙනිමක් නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත්කොට තබන තරමට ඩෙනිමට හොඳ බවද ප්‍රකාශ කර තිබෙනවා.
Levis සමාගම සිය පාරිභෝගිකයින්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිමක් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි..