මමත් සතියට දෙතුන් දවසක් ඔය ඩයට් එක දානවා. කැරට්, බෝංචි, අල, ගෝවා කෝන් පිටි ටිකකුත් දාලා බාගෙට තම්බලා ගත්තම හරි. පිඟානට දාගත්තට පස්සෙ ඒක උඩට ගම්මිරිස් කුඩු ටිකකුත් දාගත්තම වැඩේ නැගලා යනවා. පැය කාලකට විතර පස්සෙ ග්රීන් ටී එකකුත් බිව්වම වැඩේ කම්මුුතුයි.
වැරදි පුරුදු විදියට මම සමහරක් වෙලාවට මේකත් එක්ක සොසේජස් දෙක තුනකුත් ගිලිනවා. එක්කො නැත්නම් එළවළු එකටම බිත්තරයකුත් කඩලා දානවා.
මේක කාලා සුපුරුදු වෙලාවට නිදාගත්තම ශේප්. ටිකක් වෙලා ඇහැරිලා ඉන්නවා නම් ටික වෙලාවකින් ආයෙ බඩගිනි හැදෙනවා.