දන් දීම - Chuck Feeney ස්ටයිල්
මම ෆේස්බුක් එකේ දැක්ක ලංකාවෙ කොල්ලෙක් දුප්පත් මිනිස්සුන් ට ඇඳුම් දෙනව පොටෝ ගහල දාලා තිබ්බ.
ටියුලිප් බෑග් එකක දාගත්ත ඇඳුම් ටිකක් හොඳටම පොඩි වෙල. බැලූ බැල්මට පේන්නෙ පරණ ඒව. මේ කොල්ල පදින්නෙ BMW SUV, කන්නෙ Taj Samudra, පළඳින්නෙ Rolex Luis Vutton
සත දහයක් හරි අසරණ අයට දෙන එකනම් හොඳ වැඩක් තමයි ඒත් ඉතින් මේ වගේ වැඩ නම් අනේ මන්ද...
ඒ සීන් එක දැකල තමයි මට Chuck Feeney ගැන කියන්න හිතුනෙ...
Chuck Feeney එයාගෙ දැන් වත්කම වගේ 16000% පරිත්‍යාග කරල තියෙනව!!! (Bill Gates 40% වගේ)
රුපියල් 1500 Casio watch එක දාලා වාඩිවෙලා ඉන්නෙ Chuck Feeney
Chuck Feeney කියන්නෙ අයර්ලන්ත සම්භවයක් සහිත ඇමරිකානුවෙක්.. ජීවිතේ පළමු කාලේ ඇමරිකානු ගුවන් හමුදාවෙ සේවය කළා කොරියන් යුද්ධ කාලෙ... ඒ දවස්වල ලෝකෙට අලුත් දෙයක් වෙලා තිබ්බ duty free සංකල්පය පාවිච්චි කරල ආසියාවෙ රාජකාරි කරපු ඇමරිකන් භටයන් ට duty free අරක්කු විකුණල මෙයා පටන් ගත්තු ගමන නැවැත්තුවෙ ලෝකෙ ලොකුම duty free shopping සමාගමක් වන DFS Group පිහිටවල.
Chuck Feeney දැන් අවුරුදු 86ක මනුස්සයෙක්. 1982 දි පටන් ගත්තු දානපති වැඩ වලින් අද දක්වා එයා ඇමරිකන් ඩොලර් බිලියන 8ක වගේ අධ්‍යාපන, මානව හිමිකම්, පර්යේෂණ , සෞඛ්‍ය ආදී කේෂ්ත්‍ර වලට පරිත්‍යාග කරල තියෙනව.
මේ හැමදෙයක් ම එයා හැමෝටම හොරෙන් කළේ.. 1982 පටන් ගත්තට මේ වැඩ ගැන ලෝකයා දැනගත්තෙ දශකයකටත් වැඩිය කල් ගියාට පස්සෙ..1997 දි ඒ වෙනකන් මෙයාගෙ ආධාර ලබපු අයවත් මෙයා කවුද කියල දැනගෙන උන්නෙ නෑ
එදා ඉඳන් ම අදත් එයා ජීවත් වෙන්නෙ කුලියට ගත්ත ගෙදරක. වෙලාව බලාගන්න පාවිච්චි කරන්නෙ අපි කවුරුත් දන්න 15$ Casio digital watch එකක්. ගුවන් යානයක යනවනම් economy class යන්නෙ.. දුම්රයේ යනකොට කියවන පොත් ටික සිලි සිලි බෑග් එකක දාගෙන යන්නෙ..කාර් එකක් නෑ
ලංකාවෙ කකුස්සක් හැදුවත් තඩි බෝඩ් එකක් ගහල සමරු පලකයක් හදල හැමෝගෙම නම දාන අතරෙ මේ මනුස්සයගෙ පුද්ගලික සල්ලි වලින් හදපු මහද්වීප 5ක ගොඩනැගිලි 1000 කටත් වැඩිය ඒවයෙ මෙයාගෙ නමේ මුලකුරු වත් නැහැ.
ඔයාල දන්නව ඇති Warren Buffet සහ Bill Gates එයාල කියන්නෙ එයාලගෙ දානපති වැඩවලට පූර්වාදර්ශය සැපයූවෙ Chuck Feeney කියල... වොරන් නම් කියන්නෙ Chuck Feeney තමයි එයාගෙ වීරය කියල.
බිලියන 8ක් පරිත්‍යාග කරපු මෙයාගෙ අද වත්කම මිලියන 2යි(1 Billion = 1000 Millions). එයා කියන්නෙ එයා ලියන අන්තිම චෙක් එකත් bounce වෙන තරමට ඉතිරි ටිකත් දෙනව කියල.
ඇමරිකානු ඩොලර් බිලියන 8 = 1,216,320,000,000 ශ්‍රී ලංකා රුපියල්
ඇමරිකානු ඩොලර් මිලියන 2 = 304,080,000 ශ්‍රී ලංකා රුපියල්

Last edited:
T F S