දළදා මාළිගාවට බාරයක් වෙන්නේ කොහොමද බන්

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දළදා මාළිගාවට බාරයක් වෙන්නේ කොහොමද බන්

    අපේ නුවර පැත්තේ කොල්ලෝ ටික ඇවිත් කියනවද දළදා මාළිගාවට බාරයක් වෙන්නේ කොහොමද පිළිවෙල කොහොමද කියලා දැනගන්න පුලුවන්ද

    අපේ පොඩි එකාට ශිෂ්‍යත්ව විභාගයට බන් ඒකයි

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න

    අනිවා සලකනවා

    බම්පියක්වත් දාලා යමු කට්ටිය......
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,158
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැරයක් අපේ නෑදෑ කෙනෙක් එක්ක බාරයක් ඔප්පු කරන්න ගියා මම හිතන්නෙ බාර වෙන්න ඕනි හිතෙන්..අර කිව්ව කෙනා මාලයක් තමා බාර වෙලා තිබ්බෙ බාරෙ ඔප්පු කරාට පස්සෙ වටිනාකම සහ දිනය එහෙම දාපු රිසිට් එකක් දළදා මාළිගාවෙ ඔ‍ෆිස් එකෙන් දුන්න!:)
     
    • Like
    Reactions: Srimaster

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තමන් හිතන් ඉන්න එක ගිහින් කියලා වැදලා බාර වෙන්න තමන්ට ඒ දේ ඉෂ්ඨ වුනොත් යම් දෙයක් දෙනවා කියලා.
     
    • Like
    Reactions: Srimaster

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපේ පොඩි එකාට ශිෂ්‍යත්වෙට මචන්ලා..... බාර වෙන දේ දැන්ම තීරණය කරලා නෑ කොහොමත් ඉතින් හොද දෙයක්නේ බාර වෙන්නේ නැතුව ගෙවල් ඉඩම් නෙමෙයිනේ....
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    මාළිගාවට ගිහින් මල් පහන් පූජා කරලා හිතා ගනින් භාර වෙනදේ.මම නම් කියන්නේ උදේ කිරිආහාර පූජා කරන්න භාර වෙයන්.. :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තමන් හිතන් ඉන්න එක ගිහින් කියලා වැදලා බාර වෙන්න තමන්ට ඒ දේ ඉෂ්ඨ වුනොත් යම් දෙයක් දෙනවා කියලා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දළදා මාලිගාවට බාර වෙන සිරිතක් නම් නෑ මචං ඒත් දේවාල වලට නම් භාර වෙන්න පුලුවන්.
    දරුවගෙ කේනදරේ බලලා ඉෂඨ දේවතාවා කවුද කියලා බලාගෙන ඒ අදාල දේවාලෙකට භාර වෙන්න පුලුවන්.

    දරුවා විහාගෙ පාස් වුනොත් මේ දේ දෙනවා කියලා භාර වෙලා පඬුරක් ගැට ගහන්න.
    විභාගෙ පාස් වුනාම ඒ දෙනව කියලා භාර වෙච්ච දේ ගිහිං දේවාලෙට දෙන්න.

    භාර ඔප්පු කරද්දි පඬුරක් ලිහනව මට මතක විදියට. හරියටම ෂුවර් නෑ.

    මම නම් ඕව ගැන වැඩි විශ්වාසයක් නෑ. ඒත් විභාගෙට මුහුණ දෙන්න තමං ගැන විශ්වාසය ඇති වෙන්න ඔය වගේ දේවල් කරන එක හොඳයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිතේ විශ්වාසෙට, ඔහොම දෙවියන්ට බාරවෙන එකනම් අවුලක් න මචන්.. ඒත් මේ දේ කරලා දුන්නොත් මේ දේ දෙනවා කියලා බුදු හාමුදුරුවො වැඩ ඉන්න දළදා මාලීගේට බාර වෙන එක නම් මම හරි දෙයක් විදියට දකින්නෙ නැ.. ඒත් සතර දේවාල වලට හරි කතරගමට හරි නම්, ඔක කලාට ඇති වැරැද්දක් නැ.. මම කිව්වෙ මගේ අදහස.. විවාදෙකට කිව්වා නෙමෙයි.. ප්‍රාර්තනා කරනවා දරුවා පාස් වෙන්න කියලා..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මාළිගාවට ගිහින් මල් පහන් පූජා කරලා හිතා ගනින් භාර වෙනදේ.මම නම් කියන්නේ උදේ කිරිආහාර පූජා කරන්න භාර වෙයන්.. :yes::yes::yes:

    this is the best thing if you can do :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හිතේ විශ්වාසෙට, ඔහොම දෙවියන්ට බාරවෙන එකනම් අවුලක් න මචන්.. ඒත් මේ දේ කරලා දුන්නොත් මේ දේ දෙනවා කියලා බුදු හාමුදුරුවො වැඩ ඉන්න දළදා මාලීගේට බාර වෙන එක නම් මම හරි දෙයක් විදියට දකින්නෙ නැ.. ඒත් සතර දේවාල වලට හරි කතරගමට හරි නම්, ඔක කලාට ඇති වැරැද්දක් නැ.. මම කිව්වෙ මගේ අදහස.. විවාදෙකට කිව්වා නෙමෙයි.. ප්‍රාර්තනා කරනවා දරුවා පාස් වෙන්න කියලා..

    මාත් කියන්නේ බාර හාර වෙන එක බෞද්ධ සිද්ධස්ථානයක ගැලපෙන දෙයක් නෙමෙයි. එක හරියට බුදු හාමුදුරුවොත් එක්ක ගනු දෙනු කරනවා වගේ වැඩක්. මට මේක කරලා දුන්නොත් මේක දෙන්නම් කියනවා වගේ ගනුදෙනුවක්. එක බෞද්ධ කමට ගැලපෙන දෙයක් නෙමයි මචන්. මම කියන්නේ දරුවත් එක්ක විභාගෙට කලින් දවසක් ගිහින් බුදුන් වැදලා ,දෙවියන්ටත් පින් දීල දරුවට හොඳට විභාගේ කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරපන්.
    කිරි අහාර පුජාව නම් ගොඩක් හොඳයි. මොකද එකට අපි උදේ පාන්දරම නැගිටලා පිරිසුව අලුත් භාජනයකට හදපු කිරිබත් බුදු හාමුදුරුවන්ට පුජා කරන එකෙන් හිතට ගොඩක් සතුටක් ලැබෙනවා. හරියට සුජාතා සිටු දියණියට ඇතිවෙච්ච සතුට වගේ. ඒක තමයි පින.එක දෙවියන්ටත් අනුමෝදන් කරලා ප්‍රර්ථනා කරපන්
    .
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මචො...මන් හිතන දෙයක් කියන්නම්...

    ඔයාට ඔනමනම් භාරයක් වෙන්න.. එත් මචො.. පොඩි එකට හරියට උගන්වන්න. අපි මොන භාර උනත් වැඩක් නැ හරියට ළමයින්ට දැණුම දුන්නෙ නැත්නම්.

    අත්දැකිමෙන් කියන්නෙ. ඔවා ඔක්කොම තියෙන්නෙ හිතෙ. විභාගයට කලින් පංසල් ගිහිල්ල පොඩි එකත් එක්ක සැහැල්ලුවෙන් ඉන්න. පොඩි එවුන්ගෙ ඔලුවලට ලොකු බරක් දෙන්න එපා. එතකොට උන්ට එප වෙනවා.
    ක මම ප්‍රායොගිකව අත් දැකල තියනව .

  • Dec 13, 2011
    213
    7
    18
    මචන්, උඹ නුවර ලඟද ඉන්නේ, එහෙමනම් ගිහිල්ල අහන්න ඇතුලේ ඉන්න එක්කෙනෙක්ගෙන්, අටපිරිකරක් එහෙම නම් ටිකක් කලින් කියල ලිස්ට් එකකට දාගන්න වෙනවා. එහෙම නැත්තම් නම් දන්නේ නැහැ බන් හරියට,
    උඹේ පොඩි එකට ජයෙන් ජය. බුදු සරනයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචෝ බාර වෙන්න මාලිගාවටම යන්න ඕනේ නෑ. ඔයා ගෙදර ළඟ පන්සලට/බෝධියට ගිහින් පඬුරක් ගැට ගහල බාර වෙන්න ශිෂ්‍යත්වේ ඉවර උනාම දළදා මාලිගාවට යනවා කියල.
     
    11.gif
    11.gif
    11.gif