දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    වැදගත් ත්‍රෙඩ් එකක්.
    මචන්, මට මෙහෙම ගැටලුවක් තියෙනවා.
    නිවනට යන මාර්ගයේ ප්‍රධාන ධර්මාවබෝධ අවස්ථා හතර තමයි සෝවාන් , සකුදාගාමි, අනාගාමි හා අරහත් කියන්නේ. අපිට සෝවාන් තත්වයට පත්වෙන්න හරි පුලුවන් උනානම් ආත්ම (භව.) 7 ක් තුල නිවන සාක්ෂාත් කරගන්නවා.
    සෝවාන් ඵලයක් හරි අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ මිනිස් ලෝකේ විතරයි නේද ? අපි හොඳින් පින් දහම් කරලා දිව්‍ය ලෝකේ දෙවියක් වෙලා ඉපදුනා කියන්නකෝ. එතකොට අපිට දිව්‍ය ආත්මභවයේදී සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන්ද ? එහෙම නැත්තන් කවදාහරි මිනිස් ආත්මභවයකට පැමිනුනාට පස්සේද සෝවාන් තත්වයටවත් පත් වෙන්න පුලුවන් වෙන්නේ.
    තෙරුවන් සරණයාම නම් දිව්‍ය ලෝකයේ වුනත් කරන්න පුලුවන් ඒක නෙවෙයි මම අහන්නේ

    තෙරුවන් සරණයි.. මම අහල අවබෝධ කරන් තියෙන හැටියට විස්තර කරන්න. දිව්‍ය ලෝකෙදි සෝවාන් ආදී මාර්ග ඵල ලබන්න බැරිය කියල කියන්න බැහැ . බුදුරජාණන් වහන්සේ එදා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට එක මනුෂ්‍යයය් සෝවාන් උනේ. නමුත් අප්‍රමාන දෙවියන්, බ්‍රහ්මයන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පත් උනා.

    ශක්‍ර දේවේන්ද්‍රයා, මාතෘ දිව්‍ය රාජ්‍ය, සුමන සමන් දිව්‍ය රාජයා වගේ අය සෝවාන් වුනේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල දිව්‍ය ආත්මබාවයේ සිටිද්දීමයි.

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එදා ඔවුන්ව ඒ දිවය ලෝක වල තියෙන අප්‍රමාන සැප වලට වශී වෙලා ඉන්න එකෙන් බේරා ගන්න බුදු හාමුදුරුවෝ සහ ඉර්දිමත් රහතන් වහන්සේලා හිටිය. දිව්‍ය තල වල තිබෙන අප්‍රමාන් සැප නිසා එවල ඉපදුනාට පස්සේ ඒවා විද විද ඉන්නවා ඇරෙන්න වෙන දෙයකට ඕනෙකමක් තියෙන්නේ බොහොම සුළු දෙනාටයි කියලයි කියවෙන්නේ. ඔය නන්ද කුමාරයා දිව්‍යාංගනාවන් දැකල වශී වෙච්ච කතාව මතක් කරගත්තොත් හිතා ගත්ත ඇහැකිනේ දිව්‍යලෝකේ තියෙන ඒ අධික සැප වල හැටි.

    මේ මනුස්ස ලෝකේ තමයි හොදම තැන කියුන්නේ මාර්ග ඵල ලබා ගන්න මොකද දුක සැප දෙකම තියෙනවා. මේ සංසාරෙන් මිදෙන්න ඕනේ කියන සිතිවිල්ල එක නිසා ඇති වෙනවා හොදට. මේ ඇති දීර්ග සංසාරේ ඔයා, මම ඕනේ තරම් අප්‍රමාන වාර ගනන් දිව්‍ය සැප වගේම අපා දුකුත් විදලා තමයි මේ ඇවිත් තියෙන්නේ.. :) ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා

    මේ දේශනාවත් අහල බලන්න. යහපතක් වෙවී:

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න.
     
    • Like
    Reactions: amilaxp