වැදගත් ත්‍රෙඩ් එකක්.
මචන්, මට මෙහෙම ගැටලුවක් තියෙනවා.
නිවනට යන මාර්ගයේ ප්‍රධාන ධර්මාවබෝධ අවස්ථා හතර තමයි සෝවාන් , සකුදාගාමි, අනාගාමි හා අරහත් කියන්නේ. අපිට සෝවාන් තත්වයට පත්වෙන්න හරි පුලුවන් උනානම් ආත්ම (භව.) 7 ක් තුල නිවන සාක්ෂාත් කරගන්නවා.
සෝවාන් ඵලයක් හරි අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ මිනිස් ලෝකේ විතරයි නේද ? අපි හොඳින් පින් දහම් කරලා දිව්‍ය ලෝකේ දෙවියක් වෙලා ඉපදුනා කියන්නකෝ. එතකොට අපිට දිව්‍ය ආත්මභවයේදී සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන්ද ? එහෙම නැත්තන් කවදාහරි මිනිස් ආත්මභවයකට පැමිනුනාට පස්සේද සෝවාන් තත්වයටවත් පත් වෙන්න පුලුවන් වෙන්නේ.
තෙරුවන් සරණයාම නම් දිව්‍ය ලෝකයේ වුනත් කරන්න පුලුවන් ඒක නෙවෙයි මම අහන්නේ