ගලමුදුන ගම සහ උඩගල්දෙබොක්ක
මහනුවර දිස්ත්රික්කයේ මිනිපේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම සහ උඩගල්දොබොක්ක යන ගම්මාන දෙකෙහි ඡයාරූප එකතුවක්.
ගමට යන හැටි
ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. මහියංගනයේ සිට හසලකට පැමිණ හෙට්ටිපොළ පාරේ කොලොන්ගොඩට ගොස් ගමට ගමන් කළ හැකියි. මේ පාර ඇදීයන්නේ හීන්ගඟ ඉවුර දිගේ. හසලක සිට ගමට දුර කිලෝ මීටර් 15ක්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් අඩි පාරක් දිගේ උඩගල්දෙබොක්ක කියන කඳුකර ගමට ගොස් එහි සිට කඳු තරණය කිරීමෙන් ද මේ ගමට ළඟාවිය හැකියි.උඩගලදෙබොක්කේ සිට තවත් කිලෝ මීටර් 3ක් දුරින් තමයි ගලමුදුන තිබෙන්නේ. ගමට පියමං කළ යුතු වන්නේ අලිඇතුන් ගැවසෙන වනය හරහා ඇළදොළ පසුකරමින්. ගමට නුදුරින් පිහිටි යහන්ගල පර්වතය අලංකාර දසුනක් මවා පානවා. වාහනයක් තබා පාපැදියක්වත් මේ ගමට රැගෙන යන්න බැහැ.
පේස්බුක් වෙතින් උපුටා ගන්නා ලදී.

