දැන්නම් මිනිස්සු සත්තු වගේ වෙලා...
මේවගේ තැනකදී ඇත්තටම නීතිමය තත්වය මොකද ? දන්නා කෙනෙක් කියන්නකෝ ..
මේ මනුස්සයට බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක් තියනවා. ඔහු තමන්ගේ වත්තේ වගාව බලන්න වගා ආරක්ෂාවට තියන ගිනි අවියත් අරගන යනවා. ඒ වෙනකොටත් වත්තට ඇතුළු වෙලා හිටපු හොරෙක් දුරියන් ගහ ලග ඉදලා මාට්ටු වෙනවා.
ඉතිරි කොටස වෙඩික්කරු ගේ කට උත්තරය :
හොරා හා මා අත්තර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුනා , ඔහු බිම තිබුන විශාල කළුගලක් අරගන මට පහර දෙන්න හැදුවා. මම මගේ ආත්ම ආරක්ෂාවට ඔහුගේ කකුලට වෙඩි තියන්න උත්සාහ කළා , නමුත් කලබලයට වෙඩිල්ල වැරදිලා වැදුනේ ඔහුගේ පුවට . ඔහු මැරුණා . මම එවලේම පොලිසියට දැන්වුවා . ...
1. හොරා ඉන්නේ වෙඩ්ක්කරුට අයිති ඉඩමේ අනවසරෙන් ඇතුළුවෙලා
2. ගිනි අවිය බලපත්‍ර සහිත, නිත්‍යානුකුල ගිනි අවියක්
3. කිසිම ආකාරයකට මෙය සැලසුම් නොකළ වෙඩි තැබීිමක් බව පේනවා.. වෙඩිතැබීමේ චේතනාවකින් පැමිණියා නොවේ.
4. වෙඩි තැබීමෙන් පසුව මොහු ගාතනය සගවන්න උත්සාහ නොකර පොලිසියට දන්න්වනවා
