නත්තල් උත්සව කාලයක මහත්මයෙක් දවසක් උදෙන් නත්තල් සීයා මෙන් හැඳගෙන තම කුඩා පුත්රයා නිදන ඇඳ ළඟට ගොස් සෙල්ලම් බඩු වගයක් දැමූ මේස් දෙකක් ඇඳට ඉහළින් එල්ලමින් සිටියේය. ළමයා මේ අවස්ථාවේ නින්දෙන් ඇහැ ඇරී ඇඳෙන් බැස අම්මා වෙතට ගොස් මෙසේ කීය.
"අම්මා, තාත්තා පිස්සන් කොටුවට යෑව්වොත් හොඳයි. තාත්තා හිතාගෙන ඉන්නේ තාත්තා නත්තල් සීයා කියලා."

------------------------------------------------------------------
එක්තරා වෙන්දේසියකට ගිරවෙක්ද ඉදිරිපත් කර තිබුණි. වෙන්දේසිය අවසන් වූ පසු ගිරවාගේ ගැනුම්කරු "මෙම ගිරවාට කතා කරන්න පුළුවන්දැයි වෙන්දේසිකරුගෙන් විමසීය.
"ඇත්තටම පුළුවන් ඔය මහත්තය මේ පැත්තෙන් ගිරවට ගාන කියලා ඉල්ලන කොට, ඔයාගෙ අනෙක් පැත්තෙන් ඉඳගෙන කේවල් කර කර ඉල්ලුවෙ ඔය ගිරවම තමයි. වෙන්දේසිකරු පිළිතුරු දුන්නේය.

බල්ලෙක් මිලට ගැනීමට පැමිණි අයෙක් මේ බල්ලා ස්වාමියාට විශ්වාසවන්ත සතෙක්ද? යනුවෙන් බල්ලාගේ අයිතිකරුගෙන් ඇසුවේය
"ඔහේ පිස්සු කතාකරනවද? ඌ කොයිතරම් විශ්වාසවන්තද කියනව නම් මම මීට ඉස්සර තුන්වතාවක්ම ඌ විකුණුවා ඒ තුන් වතාවේම ඌ ආපසු මා සොයාගෙන ආවා" අයිතිකරු මඳ සිනහවක් පාමින් කියාගෙන ගියේය.

ගුරුතුමා: ඔබ දාගෙන ඉන්නෙ අරුම පුදුම මේස් කුට්ටමක්නෙ. එකක් කොළ පාටයි. අනෙක රතු තිත් සහිත නිල් පාටක්.
ලකී: ඔව්. ඇත්තටම ඒක පුදුම තමයි. මේ වගෙම තවත් ජෝඩුවක් ගෙදර තියෙනවා

~~දිවයින~~