නයෙක්ගෙන් 99න් බේරුණා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ නං මහ මෝඩ රිලවෙක්.:angry::angry: නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????:angry::angry: මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......

    මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්‍රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
    :baffled:

    Linda
    පට්ට කමෙන්ට් එක............
    අරූ ගේ කලිසං,ජංගි බිම...........:rofl::rofl::rofl:

    පරිස්සමෙන්...තේරුණාද? මමත් කැමති නැ සත්තු මරනවාට...නමුත් අපේ ගෙදර ඉස්සරහ (මගේ පරිපාලනය යටතේ ඇති රාජ්‍යයක් වූ) රුක්අත්තන ගහේ බෙන වල ඉන්න කුරුළු පැටව් කන්න ඇවිත් මමත් දුන්න බුවෙකුට සෙත්ත පෝච්චි වෙන්නම.....අඩි 9-10 විතර එකෙක්ට.....
    කරන්න දෙයක් නෑ....මගේ පොඩි උන් දෙන්න මට වටිනවා..........
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    කවදාවත් නයෙක්ට ගහන්න එපා, නයි කියන්නෙ පූජනීය සත්ව කොට්ටාසයක්, එයාල නිකන් ආවට ගියාට දෂ්ට කරන්නෙ නැහැ, ඔයා නයාට ගහපු එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි යාලුවා.:confused:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට කමෙන්ට් එක............
    අරූ ගේ කලිසං,ජංගි බිම...........:rofl::rofl::rofl:

    පරිස්සමෙන්...තේරුණාද? මමත් කැමති නැ සත්තු මරනවාට...නමුත් අපේ ගෙදර ඉස්සරහ (මගේ පරිපාලනය යටතේ ඇති රාජ්‍යයක් වූ) රුක්අත්තන ගහේ බෙන වල ඉන්න කුරුළු පැටව් කන්න ඇවිත් මමත් දුන්න බුවෙකුට සෙත්ත පෝච්චි වෙන්නම.....අඩි 9-10 විතර එකෙක්ට.....
    කරන්න දෙයක් නෑ....මගේ පොඩි උන් දෙන්න මට වටිනවා..........

    කිඹුලෝ, උඹ ඉන්නේ මාලබේ ද බන්?
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවදාවත් නයෙක්ට ගහන්න එපා, නයි කියන්නෙ පූජනීය සත්ව කොට්ටාසයක්, එයාල නිකන් ආවට ගියාට දෂ්ට කරන්නෙ නැහැ, ඔයා නයාට ගහපු එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි යාලුවා.:confused:
    :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පට්ට කමෙන්ට් එක............
    අරූ ගේ කලිසං,ජංගි බිම...........:rofl::rofl::rofl:

    පරිස්සමෙන්...තේරුණාද? මමත් කැමති නැ සත්තු මරනවාට...නමුත් අපේ ගෙදර ඉස්සරහ (මගේ පරිපාලනය යටතේ ඇති රාජ්‍යයක් වූ) රුක්අත්තන ගහේ බෙන වල ඉන්න කුරුළු පැටව් කන්න ඇවිත් මමත් දුන්න බුවෙකුට සෙත්ත පෝච්චි වෙන්නම.....අඩි 9-10 විතර එකෙක්ට.....
    කරන්න දෙයක් නෑ....මගේ පොඩි උන් දෙන්න මට වටිනවා..........

    :frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    atrhpx.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කවදාවත් නයෙක්ට ගහන්න එපා, නයි කියන්නෙ පූජනීය සත්ව කොට්ටාසයක්, එයාල නිකන් ආවට ගියාට දෂ්ට කරන්නෙ නැහැ, ඔයා නයාට ගහපු එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි යාලුවා.:confused:
    :P:Pnayek kewma threi:baffled:kochra pujaniyada kiyala:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිර^නයා, ! පයි නතිරණ, ! page 20 balanna, කෙප්ප.., නයි පතිරණ, පතිරණ කොලුකාරයා, පතිරණ පුක්සිඹා, පතිරණ සාලයා, පතිර-නයා_, මන්තර පතිරණ, honest kiler ජොකියා, honest killer කුඩුකාරයා, pathirana = sayu, pathirana hoda kolla, r.pathirana මානසික ලෙඩා, sayu

    :(
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    උඹේ නයා අනුන්ගෙ බෙනවලට රිඟන්න දඟලනවලු, පරිස්සමෙන්. දල කැඩුනොත් පෙනෙන් වැඩක් නැහැ..

    nayek unama welawe hatiyata onama beneekata ringanna puluwan enna one benee ube newei nam aulak naane
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    . Mea video eke vage diga pollak aragena nayage uda hariyen pollen thada karala alla ganna. Ehema thada karala allagena inna gaman thawa kenek goniyak wage loku bag ekak hari eka patthak wahapu slon batayak wage ekak Nayage head eka kittuwata genna. Nayawa s lon bate kata athulata ganna try karana gaman nayage bella pollen thada karan inna kenata kiyanna polla tikak burul karanna kiyala . Naya goniya or s lon bataya athulata ringanawa atha. slon bataye or goniye kata wasa Jungle ekakata gihin slon bataye or goniye kata arala jungle ekata nayawa muda harinna. Ehema nathnam VANA JIVI office ekata bara denna. SIYALU SATTWAYO SUWAPATH VETHWA, NIDUK VETHWA,NIROGI VETHWA, DUKIN MIDETHWA.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තවත් එකක් හම්බුනා මේකත් පට්ට :D

    http://dinukajayakodi.blogspot.com/2013/05/blog-post_13.html
    විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා.....



    තවත් විභාගයක් ඉවරය.විභාගෙට සර්පයෝ දෙන්නෙක් තියලා තිබ්බේය.මට එකෙක්වත් අඳුරගන්ඩ බැරි විය.කුණකටුවාගේ නහය පොඩ්ඩක් ඉස්සිලා තියෙනවාය.හිටපු එකාගේ නහය ටිකක් ඉදිමිලා තිබ්බ නිසා මම ඌ කුණකටුවා යැයි ලිව්වත් පස්සේ ඒකා තිත් පොළඟා යැයි දැන ගත්තෙමි.ඒකා වීදුරුවට ගහලා නහය ඉදිමිලා වෙන්ඩ ඇතිය තිබ්බේ.කරන්ඩ දෙයක් නැත.අනිත් එකානං දැකලාම නැත.ඒකා විස නැති එකෙක්ලුය.සර්පයෙක් දැක්කාම මේකා විස ඇති එකෙක්ද නැති එකෙක්ද කියලා මිනිස්සු හොය හොයා ඉන්නේ නැත.හොඳ අමු පොල්පිත්තකින් අභාවප්‍රාප්ත කර පස්සේ කෝටු කෑල්ලක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය කරනවාය.මේ මරණ පරීක්ෂණයට අහල පහල සියල්ලෝද එකතු වෙති.එක එකා කියන්නේ එක එක නම්ය.වෙලාවට සර්පයින්ට සොහොන් කොත් හදන්නේ නැත,නැත්තං යෝජනා කරා ඔක්කෝම නම් ටික ලියන්ඩ ලොකු සොහොන් ඵලකයක් ඕනෑ වෙනවාය.කෙසේ නමුත් අන්තිමට ගමේ වයෝවෘධ සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් ඇවිත් අවසාන නිගමනය දෙනවාය.

    'අහරකුක්කෙක් බොලව්!!! අහිංසක සත්තු මරන්ඩ කළිං පොඩ්ඩක් හොයලා බලන්ඩ එපාද?'

    එහෙම කිව්වාට ඒකා අහරකුක්කෙක් නොවී පොළඟෙක් උනානම් සහ ඒකා කාට හෝ දෂ්ඨ කළානං ඒ නාකි කටිං ම මෙහෙම කියනවාය.

    'පොළඟෙක්නෙව යකුනේ.උඹලා මූව දැක්ක ගමං මරන්නැතුව අහවල් එකක් කොළාද?'

    ලංකාවේ උඝ්‍ර විෂ ඇති සර්පයෝ ඉන්නේ හයක් විතරය.

    1. නයා
    images


    2.තෙල් කරවලා
    02tvCommon_Krait__S_824501g.jpg



    3.මුදු කරවලා
    z_p14wild04.jpg



    4.තිත් පොළඟා

    images


    5.වැලි පොළඟා


    6.කුණකටුවා
    Hump+nosed+Pit+Viper+03.jpg



    මීට අමතරව පළා පොළඟා, මාපිලා වගේ උන් මඳ විෂ සහිත උන්ය.මුහුදු සර්පයෝ ගොඩක් උන් උඝ්‍ර විෂ උන්ය.නමුත් අපි බොහෝ දෙනෙක් පුරුද්දක් විදිහට මුහුදු යන්නේ නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැත.අනික මුහුදේ ඉන්න වෙලාවක ඒකෙක් කෑවොත් විෂට කෙසේ වෙතත් මුහුදේ ගිලිලා මැරෙන නිසා කොහොමත් කතා කරලා වැඩක් නැත.


    සර්පයෙක් කෑවාම මොකද කරන්නේ කියලා බලන්ඩ කළිං සර්ප දෂ්ඨනවලින් ගැලවිලා ඉන්නේ කොහොමද කියලා බලමු.අංක එක සර්පයෙක් දැක්කොත් සෙල්ලං කරන්ඩ යන්ඩ එපා.මොකද අපේ කට්ටිය දැං නයි නළඟන කරන විදිහට නයි සුරතල් කරන්ඩයි නයියා නටවන්ඩයි ගිහිල්ලා නිකං අපරාදේ නයි විෂ ශරීරගත කරගෙන ස්වර්ගස්ථ වෙන්ඩ ඉඩ තියෙනවානේ.කොටිංම කිව්වොත් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.ඊළඟට ගෙදර ඉස්සරහා පැත්ත අස්පස් කරනවා වගේම කුස්සිය පැත්ත පිළිකන්න පැත්ත අස්පස් කරලා තියාගන්නවානං ඔය කුණුගොඩවල් අස්සේ රිංගං ඉන්න කුණකටුවෝ එහෙම බෝ වෙන්නේ නෑ.

    අනික තමයි රෑට, ගොම්මං වෙලාවට එළිමහනේ යන එනකොට මොකක් හරි හොඳ එළියක් අරගෙන යන්ඩ.අනික තමයි ඔය මොකක් හරි පොඩි අතු කෑල්ලක් අරගෙන බිමට ගගහා සද්ද කර කර ගියොත් ඔය සර්පයෝ ගොඩක් උන් මග ඇරලා යන්ඩ යනවා.ඔය පරණ තරහා කාරයෙක් වගේ හිටියොත් ඇරෙන්ඩ ඉතිං අවුලක් නෑ.ඒ වගේම ඔය ගස්බෙන හුඹස් අස්සට අත දාන්ඩ යන්ඩ එපා.ඒ වගේම ටිකක් කැලෑ හරියක වැඩක් කරද්දි උස බූට් දෙකක් දාගන්ඩ පුළුවන්නං හොඳයි.
    ඔය උඩ කියපු ඔක්කොම වගේ කිව්වත් නැතත් කවුරුත් කරන දේවල් තමයි.ඒ උනත් ඔන්නොහේ ඒකත් කියලම හිටියා අපිටත් එහෙම කියලා දුන්න හින්දා.

    දැං ඔය ක්‍රියාමාර්ග මොනවා ගත්තත් හරිගියේ නැතුව කොහොම හරි සර්පයෙක් කෑවමයි කියමුකෝ.එතකොට මොකද කරන්ඩ ඕනේ.

    සර්පයා දෂ්ඨ කරපු මනුස්සයාව පොඩ්ඩක් සනසලා බය නැති කරන්ඩ ඕනේ.පුලුවන්නං සර්පයාව අල්ලගෙන හරි මරලා හරි ගේන්ඩ හෝ අඩුම තරමේ අඳුරගෙනවත් තිබ්බොත් හොඳයි.හැබැයි සර්පයාව අල්ලන්ඩ ගිහිල්ලා තව දෙතුන් දෙනෙක් සර්ප විෂෙන් සංතෘප්ත වෙන්නැතුව මරලා ගෙනාවත් කමක් නෑ.හැබැයි ඒකාව අඳුරගන්ඩ බැරිවෙන විදිහට චප්ප කරලා 'සර්ප චට්නියක්' කරලා නං ගෙනල්ලා වැඩක් නෑ.බටහිර වේවා සිංහල වේවා මොන වෛද්‍ය ක්‍රමේට උනත් ප්‍රථිකාර කරන්ඩ නං සර්පයා මොකාද කියලා දැනගන්න එක වැදගත් නේ.හැබැයි සිංහල ක්‍රමේට සර්පයා අඳුරගන්ඩ ඔය දූත ලක්ෂණ එහෙම බලන්ඩ පුළුවන්.ඒත් බටහිර එහෙම ක්‍රම නෑ.නිකං හිතලා බලන්ඩකෝ ඉස්පිරිතාලෙට ලෙඩා අරං එන සෙට් එකේ එකෙක්ට ඩොකා කණේ පාරක් දීලා බැලුවොත් මොකද වෙන්නේ කියලා.දූත ලක්ෂණවලිං සර්පයා අඳුරගන්න එක කෙසේ වෙතත් අතක් පයක් කඩා ගන්නැතුව බේරුනොත් ඒ ඇති.


    ඒක හින්දා බටහිර ඈයින්ට සර්පයා අඳුරගෙන ප්‍රථිකාර පටං ගන්ඩ සර්පයා දැක්කොත් ලේසියි.විශේෂයෙන් සර්පයාගේ ඔළුව ඌව අඳුනගන්ඩ වැදගත් වෙනවා.ඒක හින්දා ඔළුව වැඩිය පොඩි කරන්නැතුව ගෙනාවොත් (මං වගේ නැතුව හොඳට සර්පයෝ අඳුරගන්ඩ පුළුවං ඩොකෙක්ට ) ඒක ප්‍රථිකාර ඉක්මනට පටං ගන්ඩ ලොකු උදව්වක් වෙනවා.


    හරි දැං අපි ආයෙත් සර්ප දෂ්ඨනයට ලක්වූ අසරණයා දෙසට හැරෙමු.


    මේ මනුස්සයාගේ බය නැති කරලා ඒ දෂ්ඨ කරපු තැන අවට තියෙන ඇඳුම් ආභරණ ඉවත් කරන්ඩ ඕනේ.මොකද අතක් වගේ තැනක් සර්පයෙක් කාලා ඉදිමුනොත් ඔය ඔරලෝසු, වළලු වගේ ඒවා හිර වෙන්ඩ පුළුවං.ඇස්ප්‍රීන්, කෝපි , මත්පැන් වගේ දේවල් දෙන්ඩ එපා.තුවාලෙන් විෂ උරන්ඩ යන්ඩ එපා.ඒ වගේම විෂ පැතිරීම වළක්වන්ඩ කියලා කාපු තැනට උඩින් තදට තිරිංග දාන්ඩ යන්ඩත් එපා.දෂ්ඨ කරපු අත හෝ කකුල වැඩිය හොල්ලන්නේ නැතුව ඉක්මනට ළඟම තියෙන ඉස්පිරිතාලෙට ගෙනාවොත් හොඳයි.


    සර්ප විෂට සිංහල වෙදකං හොඳයි කියන එකට මම එකඟ නැත්තේ නෑ. (මගේ සීයාත් සර්ප වෙදෙක් තමයි.ඒත් සීයා අපේ තාත්තත් කුඩා කාලෙදි නැති වෙලා නිසා මට ඒ විශයය ගැන අත්දැකීමක් ලබාගන්ඩ බැරි උනා.මොනවා කරන්ඩද අවාසනාව තමයි ) නමුත් ගැටළුව තියෙන්නේ මට දැං ඉන්න වෙද්දු අවිස්වාස වීම.ඒ අයගේ ප්‍රමිතිය මනින්ඩ ක්‍රමවේදයක් නැති වීම.ගොඩක් පාරම්පරික රහස් වෙදකම් ඒ පරම්පරා එක්කම වැළලිලා ගිහිං තිබීම.


    බටහිර ඩොකාලා අතරෙත් මේ අවුල් නැත්තේ නෑ.පත්තරේ තිබ්බේ දොස්තරලා සෑහෙන ගොඩක් හොර උන් කියලා.ඒ උනාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල හොර උන් නෑ.හැබැයි මම වගේ කම්මැලි හොර තක්කඩිනං ඉන්නවා තමයි.ඒත් වැඩේ තියෙන්නේ මොකක් හරි දෙයක් ගොඩ දාගන්ඩ ඒ ගැන දන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්නවනේ.ඩොකා දන්නැති උනත් නර්ස්ලා හරි දන්නවනේ මොකක්ද කරන්ඩ ඕනෑ කියලා.ඒ හින්දා මම කියන්නේ ඉස්පිරිතාලෙට එන්ඩ.සර්ප දෂ්ඨනයට බටහිර වෙදකම පරිපූර්ණ නෑ.හැබැයි මොනවා හරි කරලා හරි ලෙඩා ගොඩදාගන්ඩ පුළුවං.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    නයි නිකන් ගහන්නේ නැ බන්.. ඌට අනතුරක් උනොත් තමා ගහන්නේ..

    හබැයි පොලොන්ගු නම් වෙනස්.. ඔය ආපු එකා පොලගා උනානම් මෙලහට බොලාට බඩු බනිස්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යාළුවා;16016686 said:
    ගූගල් එකේ නයියා කියල ගහද්දි පට්ට එකක් හම්බුනා. බලපල්ලා :rofl::D
    අර අශ්මි කියල තිබ්බ බෝතල් කතාව තමා :dull:
    http://ctkumara.blogspot.com/2012/11/blog-post_4.html
    http://www.elakiri.com/forum/showthread.php?t=1506229
    ලින්ක් දෙකේම එකම එක තියෙන්නෙ. :)
    ----Meke thiyena vidiyata polla kelin allagena thada karanna ona naha . Diga pollak gatthoth athin idagena polla polowata samantharawa aragena Nayawa thada kara ganna puluwan. Atha kota safety eka hodai.