අන්න ඕක තමයි මම අහන්නේ, බුද්ධරාජ කල්කය ශරීරය ඇතුළේ වැඩ කරන්නේ කොහොමද, "ශරීරය ලෙඩ කරන ජීවියා (බැක්ටිරීයා,වෛරස්,ෆන්ගස් මෙකී නොකී) හැදෙන මාධ්‍යය විකෘති කරලා ඒක විනාස කරල දාන්නේ" කොහොමද කියන එක ගැන විස්තරයක් කොහෙන්වත් හොයාගන්න නෑනෙ.
දැන් මම කිව්ව Aplenzin, ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒක ස්නායු පද්ධතියට බලපාන්නේ කොහොමද, norepinephrine - dopamine Reuptake එක බ්ලොක් කරන්නේ කොහොමද, (reuptake inhibitor Mechanism of action) ඒක බ්ලොක් කරන එකෙන් විශාදය පාලනය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ පර්යේෂණ වාර්තා එක්ක පැහැදිලි කරලා තියෙනවනේ, නමුත් සිංහල වෙදකමේ ඔය විශාදයට හේතුව කියපු නිගමනයට එළඹුණේ කොහොමද, විශාදයට හේතුවන බඩවැලේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ රසායනික ද්‍රව්‍ය හිඟ වීම reverse කරන්න සිංහල වෙදකමේ අදාළ බෙහෙත උදව් වෙන්නේ කොහොමද, ඒ අදාළ බෙහෙතේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, බුද්ධරාජ කල්කයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද, කියන දේවල් පැහැදිලි කරලා නෑනේ, එහෙම වෙනවා කියල කියන කට වචනය පිළිගන්න නේ වෙන්නේ...