hi
කැලණියෙන් අතුරුදන් වූ දැරිය මාරවිලෙන් හමුවෙයි
May 11, 2010 02:46 pm
පසුගිය 09 වන දින කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණ අතුරුදහන් වූ කුඩා දැරිය මාරවිල පොලීසිය විසින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
ඒ අනුව 09 වන දින පස්වරුවේ මාපියන් සමඟ පැමිණි එම දැරිය බෝධි පුජා කටයුතු සිදුකරන අතරතුරදී අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. මෙම දැරිය සොයා ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ඊයේ දිනයේ පොලිසීය විසින් නිවේදනය කර තිබුණි. ඒ අනුව අද මාරවිල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම දැරිය සොයා ගැනිමට හැකිවිය.
නිමන්සා මාපලගම නැමැති අතුරුදන් වු දැරිය අවුරුදු දෙකහාමාරක් පමණ වන බව වාර්තා විය. මාරවිල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
www.adaderana.lk