නැව් වාරයක් - Busy Port

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2yl4w86.jpg
 
  • Like
Reactions: nir25

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Kaviyek ge hitha hamavitama awadiyen neda kiyala hithuna mata meka dakkama. Hari apurui mdee mewage deyakata oyage hitha avadi una eka harima lassanai. Kothanath, koi deth, kaviyek ta rasa vidinna puluwan kiyala mata hithenwawa.:)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නිර්මාණයෙ කියවන වචනවලට වඩා යටි අරුතක් මේ තුල තියෙනවා කියලයි මට හිතෙන්නේ...

ඔබේ නිර්මාණහෑකියාව ඉතා විශිෂ්ඨයි...

සුබ පැතුම් සහෝ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට හිතෙන්නේ ජිවිතයේ එක් මංසලකදී අපි විවාහ දිවියට පාතැබුවායින් පසු හැම දුකකටම, සතුටකටම හා අභියෝගයකටම එඩිතරව මුහුන දෙමින් මේ සංසාර චක්‍රය ගෙවා දමන අයුරක් ගැඹුරින් මෙහි ගැබ් වී තියෙනවා කියලයි.. විවාහයට මුහුන දීම හරියට එක වරායක නැවතුනා වගේ හා දොඹ්කරය හරියට පවුල් බර කර පින්නා සිටින පවුල් යන්ත්‍රය වශයෙන් තමයි මං දකින්නේ....

කවදත් වගේ ගැඹුරු අරුතක් අපට දෙන සාර්ථක නිර්මානයක්...

සහෝදරයා අර්ථය කුලු ගන්වා ලියන නිර්මානයන්හී ලොකු කුසලතාවයක් දක්වනවා....

ඔබට ජය...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිර්මාණයේ දී දැරූ අදහස

මෙම නිර්මාණයේ දී මා දැරූ අදහස:

වරායක ජැටිය යෝධ නැවකට නැවතුම් පලක් සකසයි. නැවක් වරායට සේන්දුවෙන වීමෙදී අතිවන විශාල ඝට්ටනයට උරදී, රුදුරු රළ නිසා ඇතිවෙන පැද්දෙන නැවේ හැප්පුම දාරාගෙන, ලබා දෙන්නෙ අතිවිශාල සේවයක්.

නැව ජැටියට ලඟාවෙන්නෙ ගෙනෙන බඩු බා තවත් තොග පුරවා ගෙන පිටත් වෙන්න. යෝධ නැවේ මෙම අධිෂ්ඨානයන් සපුරන්න දොඹකර (crane)ඔසවන්නේ අසීමිත බරක්. නැවකින් ගෙනෙන තොගය බා ගුදම් (store) ගනනාවක් පුරවනවා. ආයෙත් දොඹකරයම ගුදම් ගොඩාක් හිස්කර පුරවන්නේත් එකම නැවක්.

නැවේ අරමුණ සියල්ල උරදෙන ජැටි හා බැඳී ලඟ ඉන්නවත් උපකාර කල දොඹකර සෙවනේ රැදෙන්නවත් තමා පුරවන්න හිස් වූ ගුදම් වනන්නවත් නොවෙයි නේද. අරගෙන තොග ඒ යෝධයා යයි ගමන්... දිගු ගමන්. තම ස්වාමියා නැව් සමාගම ට සේවයකරන්න.

නැව පිටත්වූ පසු නැව ඇතිකල හැප්පුම, දොඹකර වලින් ඇතිකල පීඩනය හේතුවුන් ඉරිතැලුන ජැටිය අලුත් වැඩියාවට (maintenance) ලක්වෙනවා.

නැවත එන නැව ආයෙත් කරන්නෙ හැප්පි ඉරිතැලීම, ගොඩබෑම, පැටවා ගැනීම, පිටත්ව තම අරමුණ කරා ගමන් කිරීම. එකම චක්‍රය...

මෙ සිදුවීම අද අප සමාජය මුහුන දෙන දේශපාලන පරිසරය පෙන්වන්නේ නොවේද?

නැවක් මෙන් නොවුනත් චුට්ටක් ගෙනත් බෙදා වැඩියෙන් පටවාගන්න පොරකන්නෙ යෝධ විමන් ලෙකු ගමන් යන්න සත්සමුදුරු තරණය කර. ඒවා පුරවන්න දඟලන දොඹකර ලස්සනට ග්‍රීස් වෙනවා වාරයේදී. නැව් හා දොඹකර එක්ව කර වින්නැහියෙන් ඉරිතැලුන සමාජය - ජැටිය; මෙ දෙපිරිසටම සෙවන දෙන්නෙ උරදෙන්නේ නෙදැනුවත්ව ම නොවේ. එයයි පව. නැව් පිටත් ව ගිය පසු ඉරිතැලුන අතරමන් වූ සමාජය පෑහී පුරුදු සේ ජීවිකාව ගෙනියන්න උත්සාහ ගන්නා කලක ආයෙත් ජැටියට සේන්දුවන නැව අලුත් කරයි පිපිරීම - ඉරිතැලීම නැවතත්.

පුරවන්න නැව් දොඹකර, ජැටි බරටම වැඩ. ඒත් ගුදම් (ආථිකය) හැමදාම හිස්, මන්ද යත් නැවවෙනුවෙන් රැස්කල දෙයත් නැවෙන් ගොඩබාන දෙයත් ගුදම් තුල රඳවා තබන්න බැහැ.

ඉතිං සොයුර සොයුරිය මෙ නිර්මාණය මීට වඩා වෙනස් අදහසක් ඔබට ගෙනාවා නම් ද මා සතුටු වෙනවා. නිර්මාණය විවිධ කෝණයන් වලින් බලන්න අර්ථ දක්වන්න තරම් සමත් නම්...
 
Jul 24, 2008
1,633
33
0
apuru nirmanayak.. sameepa bawak danuna.. gedarath me wage thamai kiyala danuna..oba viyangayen eka thamai kiyanne atte kiyala hitenawa..apurui saho.. subapatum obata!!!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
Kaviyek ge hitha hamavitama awadiyen neda kiyala hithuna mata meka dakkama. Hari apurui mdee mewage deyakata oyage hitha avadi una eka harima lassanai. Kothanath, koi deth, kaviyek ta rasa vidinna puluwan kiyala mata hithenwawa.:)
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා සටහනට
නිර්මාණයේ දී මා දැරූ අදහස 2වන පිටුවේ පළකළා.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සසර දුක එක දිගට ව්ඳිනව වගේ මට මේ කවිය දැනුනෙ..

නියමයි:)
එක්තරා විදියක... ඔබ හරි.

බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා අදහසක් එක් කලාට.

නිර්මණයෙන් ගෙනා අදහස 2වන පිටුවෙ පලකල කර ඇත.