නිවසේදීම පිරිසිදු මී කිරි හදා ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය:-
කිරි ලීටර් 1 ( සම්පූර්ණ යොදය සහිත)
(එළකිරි හෝ මී කිරි ) මී කිරි වලින් හැදුවොත් හොදට හයියට එනව . එළකිරි වුනත් එසේම නැති වුනත් හොදට එනවා .
මුහුන් මේස හැදි 1
(කලින් සාදාගත් මුදවපු කිරි ටිකක්)
මුදවපු කිරි සාදන ක්‍රමය :-
පිරිසිදු භාජනයක කිරි ලිපේ තියලා සාමාන්‍ය රස්නෙක මේ කිරි උතුරවාගන්න ඕනේ.
එක පාරක් කිරි ටික උතුරලා උඩ එනකොට ලිප නිවන්න.
පිරිසිදු කරගත් මැටි හට්ටියක්. (නැත්නම් වීදුරු හෝ ප්ලාස්ටික් වුනත් කමක් නැහැ)
මේ කිරි ටික වත් කරලා නිවෙන්න තියන්න.
ගොඩාක් නිවන්න එපා. ඇගිල්ල දාන ප්‍රමානයට රස්නේ තියෙන්න ඕනේ.
මේ කිරි ටික ලා රස්නෙ ගතියට ආවම (Lukewarm) තමයි පදම හරි වෙන්නේ. දැන් මුහුන් මිශ්‍ර කරන්න.
මුහුන් ටික මිශ්‍ර කරලා යාන්තමින් හැඳි ගාලා හොඳට සුලං නොවදින විදියට හොදට වහලා උණුසුම් ස්ථානයක භාජනය තියන්න.
සාමාන්‍යයෙන් සෙල්සියස් 30ට වැඩි නම් ගොඩාක් හොඳයි.
රාත්‍රියට හදලා තියලා උදේට ගන්න. පැය 12 ක් යනතුරු භාජනය අරින්න එපා. ( හරිනම් පැය හතරකින් සෙට් වෙනවා) මුලින්ම හදනවා නම් පෙර කිව් විදියට හදන්න . සොලවන්න එපා . කෑමට පෙර උදේට ශිතකරනයේ පැය දෙක පමණ තියන්න.
හරියටම හරි යනවා. හදලා බලන්න. පිරිසිදු රස මී කිරි ගෙදරදීම හදා ගනිමු .