ඉඩමක් තියෙනවා, ඒක ලියලා තියෙන්නෙ ඒ අන්කල්ගෙ පුතාට සින්නක්කරයට total free. හැබැයි ඉඩමේ වටිනාකම දාලා තියෙන්නෙ ලක්ශ 5ක් කියලා ලියන වෙලාවෙ. පර්චස් 10ක්ද කොහෙද ඉඩම. ඉඩමෙ පර්ච් එකම ලක්ශ 3ක් විතර වටිනවා.
මුද්දර ගාස්තු අඩු කරන්නලු එහෙම කලා කියන්නෙ.
මේකට කේස් එකක් ඇදෙන්න පුලුවන්ද?
මම අහන්නෙ මොකද එයාම එයාගෙ අනිත් පුතාට තෑගි ඔප්පුවක් ලියලා තියෙනවා. ඒකෙ මුද්දර ගාස්තු අඩුවෙන් ලියලා කියලා කේස් එකක් ඇවිත් අවුරුදු 3කට පස්සෙ. මුන් දැන් බයේ ඉන්නෙ අර ඉඩමටත් කේස් වෙන්න පුලුවන්ද කියලා.
තාත්තානෙ පුතාට සින්නක්කර දීලා තියෙන්නෙ. ඉඩම දීලා තියෙන්නෙ නිකන්, ඒත් ඔය මුද්දර ගාස්තු අඩුවෙන් දැම්ම එක කේස් එකක් වෙයිද?