අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව..
(මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..)
.
1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව..
2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයෙ ඉදන් 10ට අඩුවෙනව කියල තියෙනව, අසංඛ්‍යයක් කියන්නෙ 1යි බින්දු 140ක විශාල සංඛ්‍යාවක්, මහා කල්පෙකට මෙහෙම අන්තර් කල්ප 256ක් තියෙනව කියල සඳහන්, එතකොට අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ තියෙන මිනිස්සු මේ අන්තර් කල්පෙ හිටිය කියන්නෙ, අන්තර් කල්පයක් අවුරුදු අසංඛ්‍යයට වඩා කීප ගුණයක් වත් වැඩිවෙන්ඩ ඕන කියල හැඟෙනව,එහෙම අන්තර් කල්පත් 256ක්ම තියෙනව කල්පෙට, ඒත් නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘථවිය බිහිවෙලා දැනට ගිහින් තියෙන්නෙ අවුරුදු බිලියන 4 හමාරක් විතරයි, මේක අසංඛ්‍යයත් එක්ක අහසට පොළව වගේ..
3. අටුවාවෙ තියෙන විදිහට අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙච්ච මිනිස්සු හිටිය නන් එහෙම හිටිය කියල පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන්ඩ ඕන නේද, අසංඛ්‍යක් හිටපු අය කෙසේ වෙතත් අවුරුදු 1000ක් වත් ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇටසැකිලි පොසිල හම්බෙන්ඩ ඕන නේද, අසංඛ්‍යයෙ ඉදන් 100 වෙනකන් ආයුෂ අඩු වුණා නන්, අනික පරිමාණවාදෙත් බොරුවෙන්ඩ ඕන නේද, මොකද අවුරුදු 100 ජීවත්වෙච්ච මිනිස්සු පරිණාමනේ වෙන්ඩ ඕන අවුරුදු අසංඛ්‍යක් ,1000ක් ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙන්නෙ වඳුරන්ගෙන් නෙමේනෙ, ( වඳුරන්ගෙන් අර්ධ මානවයින් බවට පත්වෙච්ච වානර මානවයන්ගෙ ඇටසැකිලි හම්බෙලා තියෙනව, මගේ දැනීමෙ හැටියට දැනට අවුරුදු 100,120කට වඩා ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙ ඇට සැකිලි හම්බෙලා නෑ... )