නොමැන්ඩි වෙරළ එදා සහ අද

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නොමැන්ඩි වෙරළ එදා සහ අද

    GwcFIzS.jpg

    දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා බටහිර යුද පෙරමුණ නිර්මාණය කලේ ප්‍රංශයේ නැගෙනහිර වෙරළේ නොමැන්ඩි නම් ප්‍රදේශයට ගොඩබැසීමත් සමගයි.මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි ඉතිහාසඥයින්ගේ මතය.1944 ජූනි මස 06 වනදා නොමැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදාව සෙබලුන් 156,000ක් පමණ ගොඩබසින ලදි.මෙවැනි උභයචර මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව හිට්ලර් ඇතුලු නාසි හමුදා දැන සිටියද ඔවුන් අනුමාන කල ප්‍රදේශයෙන් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැස්සේ නැත.ඒ වෙනුවට නාසීන් නොසිතූ ස්ථානයකින් ඔවුන් ප්‍රංශයට ලගාවිය.මෙම ගොඩබැසීමේදී මිත්‍ර හමුදාවන්ගේ 10,000ක් පමණ මියගිය බවත් සටන් වලදී ජර්මන් සෙබලුන් 9,000 පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් සඳහන් වේ.

    hOSjpk6.gif

    මෙම ආක්‍රමණයෙන් වසර 70 කට පසුව රොයිටර් පුවත්පතේ ඡායාරූප ශිල්පී ක්‍රිස් හෙල්ගර්න් විසින් එම ප්‍රදේශය ඡායාරූපගත කර 1944 වසරේදී ලබාගත් ඡායාරූප සමග මෙලෙස සංසන්දනය කර තිබේ.




    එදා:1944 ජුනි 6 වෙනිදා එක්සත් ජනපද හමුදාවන් නොමැන්ඩිහි ඔමාහා වෙරල තීරයට ගොඩ බසින ලදි.

    1rqzNlj.jpg


    අද: 2013 වසරේ අගෝස්තු වේදී සංචාරකයන් පිරිසක් ඔමාහා වෙරල තීරයට එක්ව සිටි අයුරු​

    z6hyP3L.jpg





    එදා:එක්සත් ජනපද හමුදා සෙබලුන් එංගලන්තයේ Weymouthහි සිය යාත්‍රා වෙත ගමන් කරමින්.මෙම තොටුපොල නොමැන්ඩි ගොඩබැසීමට යාත්‍රා පිටත් කර යැවූ එක් ස්ථානයකි.​

    GFetxfb.jpg



    අද:2013 ජූලි මාසයේදී Weymouth වෙරළාරාශ්‍රිතව ඇවිදයන සංචාරකයන්

    futSnrI.jpg





    එදා:මිත්‍ර හමුදාවල ඉහළම අණදෙන නිලධාරියා වූ ජෙනරල් Dwight D. Eisenhower විසින් ග්‍රීන්හැම් ගුවන් හමුදා කඳවුරේදී හමුදා පැරෂූට්කරුවන් පිරිසක් අමතන අයුරු.මොවුන් නොමැන්ඩි ප්‍රදේශයට හමුදා ලඟාවීමට පෙර ගුවනින් ගොඩබසින ලදි.

    XoLk3Wj.jpg



    අද:පැරණි ග්‍රීන්හැම් ගුවන් කඳවුරට යන බොරළු පාර 2013දී දිස්වූ අයුරු

    QqLctnz.jpg





    එදා:සතුරු ප්‍රහාර නිසා සිය යාත්‍රා ගිලී යෑමෙන් පසුව සහෝදර සෙබලුන්ව ඔමාහා වෙරළ තීරයට රැගෙන එන ඇමෙරිකානු සෙබලුන්​

    YTowAeS.jpg



    අද:ඔමාහා වෙරළ තීරයේ සිටින සංචාරකයෙක් -2013

    o3yF0lo.jpg






    එදා:ප්‍රංශයේ Utah වෙරළ තීරයට ගොඩබැස්ස ඇමෙරිකානු සෙබලුන් La Madeleine ආසන්නයේ තිබෙන කොන්ක්‍රීට් තාප්ප වලට මුවා සිටින අයුරු

    zsYLmmL.jpg



    අද:Utah වෙරළේ ඉතිරිව තිබෙන කොන්ක්‍රීට් තාප්ප මතින් ඇවිද යන සංචාරකයන් පිරිසක් -2013

    g62H7Gy.jpg






    එදා:ඇමෙරිකානු අතිරේක බල ඇණි ඔමාහා වෙරළට ගොඩබසින අයුරු

    dRB1sDs.jpg



    අද:ඔමාහා වෙරළ තීරය 2013 වසරේ දිස්වූ අයුරු

    mnSsytz.jpg






    එදා:ප්‍රංශයේ ජූනෝ වෙරල තීරයට ගොඩබැස්ස කැනේඩියානු සෙබලුන්ට යටත්වූ ජර්මන් යුද සිරකරුවන්

    gEIZM0p.jpg



    අද:ඉහත ඡායාරූපයේ දැක්වෙන Juno වෙරළ 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු

    YnJZhRG.jpg






    එදා:බෝම්බ දමා විනාශ කල බංකර් සෝදිසි කරන ඇමෙරිකානු සෙබලුන්

    wcUM1z4.jpg



    අද:ඉහත දැක්වෙන බංකරය අසල සිටින සංචාරකයෙක් - 2013 අගෝස්තු

    UJuqIsg.jpg






    එදා:නොමැන්ඩි ආක්‍රමණයේදී අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන් .ඔවුන් ප්‍රංශයේ Nonant-le-Pinහි කඳවුරක රඳවා ඇති අයුරු - 2013 අගෝස්තු

    Hu9Gy8t.jpg



    අද:මෙම ප්‍රදේශය අද ගොවිපොලකි.

    F5v9KuW.jpg






    එදා:ප්‍රංශයේ ඔමාහා වෙරළ අල්ලාගත් ඇමෙරිකානු සෙබලුන් ජර්මන් බංකරයක් අසල සිටින අයුරු - 1944 ජූනි 7

    yOPsr4D.jpg



    අද:එම ජර්මන් බංකරය පසුකර ඇවිද යන සංචාරකයන් දෙපලක් - 2013 අගෝස්තු

    kcpDB8z.jpg






    එදා:ජර්මන් බංකරයක් පසුකර යන ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු අතිරේක භට පිරිස් - 1944 ජූනි 18

    hjIkVGZ.jpg



    අද:ඉහත දැක්වෙන බංකරයට ඉහළ මාර්ගයේම ගමන් කරන සංචාරකයන් පිරිසක් - 2013 අගෝස්තු

    gntLFvz.jpg






    එදා:බ්‍රිතාන්‍ය යුද ටැංකියක් පෙරටු කරගෙන ගමන් කරන ප්‍රංශයේ ගෝල්ඩ් වෙරළ (Ver-sur-Mer)තීරයේ වෙත ගොඩබැස්ස බ්‍රිතාන්‍ය හමුදා

    57cjEbR.jpg



    අද:එම මාර්ගය වර්තමානයේ දිස්වන අයුරු

    GesFxH6.jpg






    එදා:ප්‍රංශයේ වෙරළ තීරයේ ගොවිපොළ භුමියක සිටිමින් සටන් සැලසුම් කරන ඇමෙරිකානු සෙබලුන්.කාලතුවක්කු ප්‍රහාර නිසා මියගොස් සිටින ගවයන් පසෙකින් සිටියි.

    wEQwiOF.jpg



    අද:ගොවිපොල භූමිය 2013 වසරේ දිස්වූ අයුරු.ඇමෙරිකානු හමුදා එදා මෙම ගොවිපොළට එද්දී 19 හැවිරිදි තරුණයෙක් වූ දැන් මෙම භූමිය අයත් පුද්ගලයාද මෙහි දැක්වේ.

    bHALuvM.jpg






    එදා:ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා Du Marche නගරය අල්ලා ගන්නා ලදි.එහිදී මිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක්ද පසෙකින් දැක්වේ.

    nOAaPab.jpg



    අද:ඉහත දැක්වෙන ගොඩනැගිල්ල 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු

    fjiHltS.jpg






    එදා:ප්‍රංශයේ Carentanහි මාර්ගයක ජර්මන් Kubelwagen රථයකින් ගමන් කරන ඇමෙරිකානු පැරෂූට් භටයන් පිරිසක්

    Nz6PS9A.jpg



    අද:ඔවුන් සිටි වීදිය 2013 ජූනි මාසයේ දිස්වූ අයුරු

    qkUuk1o.jpg






    එදා:1944 ජුනි මාසයේදී Juno වෙරළ තීරයට ගොඩබැස්ස කැනේඩියානු හමුදාවේ කැමරාවකට හසුවූ වෙරලට කඩා වැටී තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානයක්

    GDUrLlC.jpg



    අද:එම වෙරළ තීරය(Juno) අද වන විට සංචාරක පාරාදීසයකි - 2013 ජූලි

    gImnEXf.jpg





    එදා:ප්‍රංශයේ Caen වෙතින් ජර්මන් සෙබලුන් පසුබැසීමෙන් පසුව 1944 ජූලි මාසයේදී Rue Saint-Pierre වෙත ලගා වූ කැනේඩියානු සෙබලුන් විනාශ වී ගිය ගොඩනැගිලි අතරින් මුර සංචාරයේ යෙදෙන අයුරු.

    t5AG84n.jpg



    අද:Rue Saint-Pierre ප්‍රදේශය අද දිස්වන අයුරු - 2013 අගෝස්තු


    bSMBPEA.jpg




    D-day - Movies Documentaries & Games



    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Saving Private Ryan



    මේ film එක ගැහුවේ ඔය එක war seen
    එක අල්ලලා. බලපු සිරාම film එකක් :yes: