අහස් අග ලතු දියර තවරා
දවස බැස යන වෙලාවේ
සයුර රළ මත නැලවි නැලවී
වෙරළ වෙත ඔබ ගලා ඒ
හිරුහු ගිය මග අනුව ඉරබටු
තරුව පැල අහසින් බසියි
හැමට රහසින් පෙනී නොපෙනී
ඔබේ ඇස් මට ඉඟි මරයි
අහස් ගඟ බඩ හිමව් කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන
මා නිදන කුටියට පෙනෙන සේ
දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක සෙනග අතරේ
මහා තනියක් මට දැනේ
මහගම සේකර(නොමියෙමි කාව්ය සංග්‍රහය )
දවස බැස යන වෙලාවේ
සයුර රළ මත නැලවි නැලවී
වෙරළ වෙත ඔබ ගලා ඒ
හිරුහු ගිය මග අනුව ඉරබටු
තරුව පැල අහසින් බසියි
හැමට රහසින් පෙනී නොපෙනී
ඔබේ ඇස් මට ඉඟි මරයි
අහස් ගඟ බඩ හිමව් කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන
මා නිදන කුටියට පෙනෙන සේ
දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක සෙනග අතරේ
මහා තනියක් මට දැනේ
මහගම සේකර(නොමියෙමි කාව්ය සංග්‍රහය )
