පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ

හිරුයි සඳූයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ.

පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ
.

~ මිල්ටන් මල්ලවාරච්චි ~


 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fzlhmt said:
    පෙරවදනක් නැතී............
    අප පෙම් පුරාවතට..
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්.......
    :(

    උඹටනම් බොහෝම බරපතල ප්‍රශ්නයක් මචං තියෙන්නෙ:)

    ඔබට වරම් නැති
    මටද වරම් නැති
    සෙනෙහස කොතනද සැඟව ගියේ
    ............. ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ:)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Zeus said:
    උඹටනම් බොහෝම බරපතල ප්‍රශ්නයක් මචං තියෙන්නෙ:)

    ඔබට වරම් නැති
    මටද වරම් නැති
    සෙනෙහස කොතනද සැඟව ගියේ
    ............. ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ:)

    ආදරය සුන්දර වරදකී;) \මොනවා කරන්නද බං
    ලයිෆ් ඉස් සච්:) :(
     
    Jan 15, 2009
    9,238
    368
    0


    හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේ
    පිසලන්න මගේ තනි නොතනිය හෙවණ වගේ
    නේක ජාති සංසාරේ
    නේක ජාති සංසාරේ

    ගරා වැටුණු නගර කොනේ
    හඬා වැටුණූ මට නුඹගේ
    සිනා පොදින් දැනුණූ සුවේ
    ජාති ජාති සංසාරේ
    ජාති ජාති සංසාරේ

    හිතේ ඉඩට පාර බැඳන්
    කුමක් කරම් කොටුවුනු මං
    හමුවෙන්නැයි පතනු මිසක
    ජාති ජාති සංසාරේ
    ජාති ජාති සංසාරේ......



     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නෙතු කදුළු ව්ලින් බොරු නොකර හිදින්
    මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවද මුවින්

    සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
    කොයිදින්ද සිතේ අනුරාග හැඟුම්
    කෙලෙසින්ද නඟේ පෙම් පත් ලිව්වේ
    මුදු සිනිදු අතින්

    පාසල් සෙවනින් සමුගන්න කලින්
    සිත මන්ද නඟේ අදුරේ මෙතරම්
    අවලාද හඩින් ගම්මානෙ පිරේ
    දැන් හොදද ඉතින්

    ~කරුණාරත්න දිවුල්ගනේ~
    :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අන්ධකාරෙන් දුරාතීතේ
    අන්ධකාරෙට අනාගතයේ
    රැගෙන යාමට කතා පුවතක්
    අන්ධකාරේ සිට කියන්නේ


    බොහෝ දේ සිදුවූ අතීතේ
    වැලළිලා ඇත අන්ධකාරේ
    පොලෝ පස් යට උනුන් කදුළැලි
    ලෙයත් දහඩිය එකට මුසුවී

    .....
    අන්ධකාරෙන් දහස් වසරෙක
    මෝහයෙන් තව දහස් වසරෙක
    මානයෙන් යලි පන්සියක් කල්
    වසා සැගවූ මුත් කුවේණිය......


    ~හෙන්රි ජයසේන & විජේරත්න වරකාගොඩ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:
    සුභ උදෑසන‍ක් :)

    oh සමාවෙන්න ඕනෙ ඉබි යාළුවා මන් දැනුයි දැක්කෙ...... නිදිමතට ඇදට දිව්වා......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    m3pium said:
    Preethiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii after 4years walata passe man mage aasama song eka hoya gaththa........ Man me jpg eka edit kale meeta 4years walta kalin........ A radio eken me song eka ahala............Adai man me song eka hoya gaththe.......

    Man EK Ekata Awe Me song eka illanna........Eth man Dakka man wagema godak aya me song eka illala thibba..........Menna A song eka hoyanna awa mamama ada methenta post karanawoooooooooo



    28l6nlt.jpg


    Lassana Niliye-Iman Perera
    Soyagathimi................
     
    Last edited:
    • Like
    Reactions: Aarya

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තුසර බිංදු සිහිනයේ දිනක ආ ප්‍රියාවියෙ
    අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
    සිහින මන්දහාසිනි නුදුටු පෙම් සුභාෂිණී
    අප නමින් උදාවිණි පෙම් වසන්තේ

    ක්ලැරන්ස් විඡේවර්ධණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන දෙපා නැමැද ඇසුවා
    සවනක් බුදුරැස් පිරිනිවනට පෙර පහනට තුති පිදුවා

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    තවම සිහින මැද කුසිනාරාවට යන මං මා සොයනා
    අඳුරු මගම මිස දිවි තුති පුද කල පහන අසල නැතුවා

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    ~රාවන දැහැන~

     
    Last edited:
    • Like
    Reactions: Aarya

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවියක්ය නුඹ මට
    පන්හිදෙන් ලියැවෙනා
    සිතුවමකි තෙලිතුඩින්
    හැඩවෙවී මතුවෙනා
    බිදකි පිනි සිසිල් මෙන්
    හිරු දුටොත් වියැලෙනා
    දහසකුත් අතරින්
    ගනුබැරිය ඔබ සොයා
    :shocked:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇයි කළේ

    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ........
    අත හැරියත් ඔබ මගේ අතින් මට දෙනුනෙ නෑ......
    විලවුන් තවරා ඔබ ලන් වූවත් මට සුවද නෑ..........
    මිතුරියන් අතරෙ මා ගැන කිව්වට මම තරහ නෑ.......
    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ........
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කළේ
    කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබහට එය වැටහුනේ


    ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ.........
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ.............
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ...........
    ඔය මොනාව වුනත් ඔබ දුන් සැමදේ යළි දෙන්නේ නෑ...

    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කළේ ......
    කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබහට එය වැටහුනේ

    නැතිදෝ ඔබහට එය වැටහුනේ


    thanks Zeus & Geeth reposte වෙන්න ඕන :)

     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්...
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙතු අවදියෙන්.......
    සොඳුරු ආදරේ මිහිර සොයන්නට අප සිත් එක් වේවී........
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී.......

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි.....
    වෙරල දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි .....
    යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ.....
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ....

    මා සුන්දර සිහිනයක් මැව්වා..........
    අප වටකර සිහිනයක් මැව්වා.......
    ඔබ මගෙ කර සිහිනයක මැව්වා........
    ප්‍රියාදරියේ.............


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fzlhmt said:
    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්...
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙතු අවදියෙන්.......
    සොඳුරු ආදරේ මිහිර සොයන්නට අප සිත් එක් වේවී........
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී.......

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි.....
    වෙරල දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි .....
    යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ.....
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ....

    මා සුන්දර සිහිනයක් මැව්වා..........
    අප වටකර සිහිනයක් මැව්වා.......
    ඔබ මගෙ කර සිහිනයක මැව්වා........
    ප්‍රියාදරියේ.............


    හා හා ජයවර්ධනයන්ගේ සිංදු ටික මරනවා වගේ ;)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    amila_90210 said:
    හා හා ජයවර්ධනයන්ගේ සිංදු ටික මරනවා වගේ ;)

    සිරා සින්දු ටික නේ බං
    මරන්නේ නැතුව කොහොමද ;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යමි යන්ට දැන් මම හැර රාජචරිතේ
    පරදා මෙවන් රුපු සේනාද විගසේ
    යමි යන්ට දැන් මම හැර රාජචරිතේ
    පරදා මෙවන් රුපු සේනාද විගසේ

    එතෙරා වෙමින් සිප් සයුරද පිරිසිඳ
    සපුරා නොමින් කඩු දුනු හී ශිල්පද
    එතෙරා වෙමින් සිප් සයුරද පිරිසිඳ
    සපුරා නොමින් කඩු දුනු හී ශිල්පද

    පතුරාලමින් රඟහල තුළ අණසක
    පතුරාලමින් රඟහල තුළ අණසක
    රඟ දෙමි සබේ දැන එනු මගේ තෙද බල
    රඟ දෙමි සබේ දැන එනු මගේ තෙද බල

    පැන සර විකුම් නද පාමින සිතුලෙද
    පුද දෙමි තොසින් සත වෙත නව නළු රස
    ඔළමොල නොවෙන් එකසර කෙසරිඳු මම
    ඔළමොල නොවෙන් එකසර කෙසරිඳු මම
    රඟ දෙමි සබේ දැන එනු මගේ තෙද බල
    රඟ දෙමි සබේ දැන එනු මගේ තෙද බල

    යමි යන්ට දැන් මම හැර රාජචරිතේ
    පරදා මෙවන් රුපු සේනාද විගසේ
    යමි යන්ට දැන් මම හැර රාජචරිතේ
    පරදා මෙවන් රුපු සේනාද විගසේ


    ~රොඩ්නි වර්ණකුල~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    fzlhmt said:
    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්...
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙතු අවදියෙන්.......
    සොඳුරු ආදරේ මිහිර සොයන්නට අප සිත් එක් වේවී........
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී.......

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි.....
    වෙරල දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි .....
    යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ.....
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ....

    මා සුන්දර සිහිනයක් මැව්වා..........
    අප වටකර සිහිනයක් මැව්වා.......
    ඔබ මගෙ කර සිහිනයක මැව්වා........
    ප්‍රියාදරියේ.............


    11.gif

    ඒත් මේක කොල පාටින්ම ලිව්වෙ ඇයි:P
     
    Last edited:
    Status
    Not open for further replies.