පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
13.gif
නංගී
:rofl: මේ වෙලාවෙ හිතට ආපු සින්දුවලු :rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
නීල වර්ණ මොණර පිලයි
පීත වර්ණ කර අහුරයි
දෑත දරා නුඹ එනවද
සිතුල්පව්ව පොකුණු ඉසව්වේ


ක්ශත්‍රිය මායම් කුමටද
රත්නවල්ලියේ


ආලෙ බැන්ද මුතු දෙපොටයි
කෝල කිකිණි වළලු සැලෙයි
පාන සිනා නුඹ දෙනවද
ඇතුල් නුවර කාචරගාමේ


යෝගාසන මතින් බසිනු
මහසෙන් රජිදේ.....


- රාවන දැහැන -

කොපි පේස්ට්

ඉහි ඉහි....අපි අපිනෙ
 
Jan 15, 2009
9,238
368
0


දිය බෙරලිය දළු නෙලන්න ගියදා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ

හේලංකඩ යට හීතල හෙවණේ
අමල් බිසෝ ගැන කතා කියාදී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
නිවන්පුරේ ගිය පෙම්බර කිරි අම්මේ

වැලිපිල්ලෑවේ උඹේ නමින් තව
ඉද්ද පිපෙනවා හැන්දෑවේ
ගරාවැටී ගිය බුලත් පණ්ඩලම්
කඳූළු සලනවා සංකාවේ

දිය බෙරලිය දළු නෙලන්න ගියදා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ

වියන් ඇඳේ මා තනිව නිදද්දී
නුඹේ සුවඳමයි දැවටෙන්නේ
අනෝතප්ත විල් තෙරේ ඉඳන් නුඹ
හිනාවෙයන් මට කිරි අම්මේ

දිය බෙරලිය දළු නෙලන්න ගියදා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ


හේලංකඩ යට හීතල හෙවණේ
අමල් බිසෝ ගැන කතා කියාදී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
නිවන්පුරේ ගිය පෙම්බර කිරි අම්මේ......



 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
ඳුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

අකීකරු හිතේ මල් පෙති කඩා ඉහිරවා
සුවඳ සිබින්නට ඉස්සර කඳුළු දිය පුරා
කඳුලු දිය මතින් පාකර
හැඩුම් දී සුසුම් පොදි බැද
තාරකාවියේ කියන්න හඩන කාරණා

තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
ඳුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

අරුංන්ගල් සලා කීදේ නොඅසනා සිතින්
කඳුලූ විල් තෙරෙට බොරදිය ගලා එයි සැනින්
රත් නුවන් අඟින් බලන්න
ආදරේමදැයි අසන්න
තාරකාවියේ කියන්න හඩන කාරණා

තුන් සිතින් හැඩූ කඳුළු නෙත් තුඩින් ගලා
ඳුක් කතා කියයි ඔබේ දෙකම්මුල් පුරා
තාරකාවියේ කියන්න හඩන කාරණා
තාරකාවියේ කියන්න හඩන කාරණා.....

-KRISHANTHA ERANDAKA-


ආයෙත් ඇහුවා
තුන් සිතින් : ක්‍රිශාන්ත එරන්දක
Thun sithin Krishantha
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වදිනවලු

පිම්මෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වදිනවලු
පව් පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ
නා ඩෙන ඩෙන ඩෙනෝ

~ රන්වල ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මීදුම් දුමාරයේ..
සීත හැන්දෑ යාමේ...
සිහින ඇන්ද සා නොවේ
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා මල් බිගුන්ටත් හොරා....
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ

වළාවකින් වැඩ දමා කූඩාරමක් එහි තනා.
ආශා නැතිද... මාත් එක්ක තනිව ඉන්න...
කොල පාට හැළුනු ඈත නිම්නයේ


DL : මීදුම් දුමාරයේ..
කසුන්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දූ...විලි ..දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලෝලියේ
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලෝලියේ

වෙණ වයනා මිනිස්සුන්ට වීනාවක් ගෙනත් දෙන්න
වෙණ වයනා මිනිස්සුන්ට වීනාවක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලෝලියේ
ගීගයනා මිනිස්සුන්ට පැන් තළියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලෝලියේ

-- ප්‍රදීපා ධර්මදාස --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිච්ච මල් වඩම් බඳ වට
පිච්ච මල් සළුව හිස පිට
පිච්ච මලේ මං දුන්හිඳ කුමාරිකාවී
නමුණුකුළට බාලේ පෙම් බැන්ද කුමාරී

-- නිරෝශා විරාජිනී --
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අන්න බලන් සද රන් තැටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද ශෝක තැවුල් නිවනා


~ කුණ්ඩල කේශි ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෛවයේ සුලි සුලගේ වෙලී
    ජීවිතේ පැතු පැතුමන් සිදී
    මා කෙරේ බැදි සෙනෙහේ බිදී
    ඇය යාවී ඇදී ඇය යාවී ඇදී

    වාලුකා මිරිගුවෙන්
    මං මුලා වූලෙසින්

    ටී.එම් ජයරත්න

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පොළොව උසුලන දෙවියනේ
    අහස උසුලන දෙවියනේ
    මුහුද උසුලන දෙවියනේ
    නැගෙන ඉර හද දෙවියනේ


    ~ කුවේණි ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතල වතක්
    විටකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්
    හිත මහ පුදුම තැනක්

    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතල වතක්
    විටකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්
    හිත මහ පුදුම තැනක්

    අනුන් ළඟම දැවටී හිත ඉතිං මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතල වතක්
    විටකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්
    හිත මහ පුදුම තැනක්

    ♣ සුනිල් එදිරිසිංහ ♣

    සිංදුව ඕනි නම්

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පානා සෙනෙහස ඇල්මෙන් විද ගෙන ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහෙන සිත වාවාගෙන අදුරෙම මම ඉන්නම්
    විසඝොර සර්ප විමනේ තනිකමක් නැත්ද ළදුනේ
    විසඝොර සර්ප විමනේ තනිකමක් නැත්ද ළදුනේ

    සත් පියුමන් මත් නුබ අඩ සඳකි
    ගැස්සෙන නුබේ ළැම මට මල් දමකි
    සත් පිරිවර මැද කුමට වඩින්නේ
    ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ

    නානා
    පිට දුනු හී මානා ගෙන
    නුඹට මසිත පිදුවත්
    සේනා මොකටද නුඹෙ ඔය උණුහුම
    වෙන කෙනෙකුට නොම දෙන්

    නුඹ මංද්‍රි දේවි වේනම් වෙස්සන්තර මම වෙන්නම්
    සුන්දර නෑ එය එතරම් සොදුරිය දැන් හිතන තරම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අන්ධකාරෙන් දුරාතීතේ
    අන්ධකාරෙට අනාගතයේ
    රැගෙන යාමට කතා පුවතක්
    අන්ධකාරේ සිට කියන්නේ


    බොහෝදේ සිදුවූ අතීතේ
    වැළලිලා ඇත අන්ධකාරේ
    පොලෝ පස් යට උනුන් කදුලැලි
    ලෙයත් දහදිය එකට මුසුවී


    ~ විජේරත්න වරකාගොඩ & හෙන්රි ජයසේන - කුවේණි ~
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ.........................
    අද නෑ තාරකාවී අදුරෙන් වැසී ගියේ..


    සුදු වැලියට අද සැතපීලා
    ඝන අදුරින් ලෝකයවැසිලා
    ඉවසා ගන්නේ කෙළෙසද මා
    යළි නෑ .........
    යළි නෑ ආයේ එන්නේ වෙනදා වගේ සදා

    -- වේරලියද්ද --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    අන්ධකාරෙන් දුරාතීතේ
    අන්ධකාරෙට අනාගතයේ
    රැගෙන යාමට කතා පුවතක්
    අන්ධකාරේ සිට කියන්නේ


    බොහෝදේ සිදුවූ අතීතේ
    වැළලිලා ඇත අන්ධකාරේ
    පොලෝ පස් යට උනුන් කදුලැලි
    ලෙයත් දහදිය එකට මුසුවී


    ~ විජේරත්න වරකාගොඩ & හෙන් රි ජයසේන - කුවේණි ~
    මේකෙ mp3 එක නැතුව ඇති නේද..:nerd: real player version එකනේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් සමනලයෝ
    පුන්චි කැකුලියෝ
    දේදුන්නේ නැගිලා
     
    Status
    Not open for further replies.