පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටුවේවි නම්
ආයෙ නාවත් කම්නෑ ඉතින්

කෝ එදා ඔබ අත පැළැන්දුව
මුදුව කෝ කොහිදෝ
නෑ මගේ සිත අන්කෙනෙක් ගැන
කීවදෝ නැතිදෝ

මාලිගාවක රජ කෙනෙක්වත්
යනවදෝ කැඳවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටුවේවි නම්
ආයෙ නාවත් කම්නෑ ඉතින්
...

පද පේළී - කරුණාරත්න අබේසේකර
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    #ඔබ නිසා මම#
    bebepleure.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනැහුනා
    ඔබ මතක නැතිකරන්නට මට මතක නැති උනා
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා
    වේවා හේතු වාසනා.....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සොයුරෙක් ලෙසින් නම් මට පෙම් කරන්නේ
    තෙපලූ වදන් ඔබේ මතකය රිදුම් දේ
    වරද මා නම් වනු මැනේ මට සමා

    හමුවන්නදෝ ආයෙ සෝ දුකින්
    සමුගන්න නම් කිමද එක් වෙලා
    අමතන්නෙ ඇයි මෙසේ
    රිදවන්නදෝ යලී



    බාන්න
    :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නන්නාඳූනනා කිසිවෙකු වෙනුවෙන්
    ඔබ සිත හඬනු නැතී
    ඔබ හද සොහොනේ මිහිදන් කළ මා
    දැන්නම් අගය නැතී
    ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
    යළි උදාවූ වසන්තේ ලෙසින්
    කඳූළු බිඳූවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
    එන්න ලංවී සදා ආදරෙන්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිම කඳු අතරින් පාවී එන්නේ
    නීල වලාවේ පැහැය දරා
    දඟකාර ඔබේ නෙත්මිණි දල්වා
    බලන්න මා දෙස මදහස පාලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ලොවම එපා වී
    ලොවම කලකිරී
    තැවී දැවී
    හිදිනා වේලේ
    ඔබේ දයබර
    එකම වදනකින්
    මගේ ආත්මය
    සුවපත් වේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතූ සිතුම්
    බොඳවු සිතුවම් බිඳූණු හසරැල්
    සොවින් මා ඒ හෙලු සුසුම්
    ඔබ නොදනී මුළු ලොවම දනී
    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඇස ගැටෙනා දස දහසක් නෙතුමත
    ඔබෙ දෑසම මා සෙවුව තරම්
    ඒ නෙතු කිසිදින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූතරම්
    ඔබ නොදනී මුළු ලොවම දනී
    ඔබ නොදනී මුළු ලොවම දනී
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හන්තානේ කඳු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
    සුසුමක් වී ඉන්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ තාරකා හොරෙන් හිනහෙන සීත රාත්‍රියේ
    නුඹෙ රුව ඇඳී තියේ හද තුළ නිර්මලාවියේ
    වෙන්වෙලා ඉන්නෙපා මගෙ සිත හඬයි පාලුවේ
    නු‍ඹ මගේ ලෝකයට පහණයි නොනිමෙනා රැයේ

    පොත් මිටිය තුරුළු කර ළැම වෙත පා නඟන උදේ
    මා දුටුව රෝස කැකුළයි නුඹ සුරඟනාවියේ
    අද තරහ වෙලා මගෙ පෙම් සිත රිදෙව්වත් මෙසේ
    මා නුඹේ ළඟයි නෑ වෙන්වී ඈතකට ගියේ

    සඳ තාරකා හොරෙන් .................

    මගෙ පෙම් ප්‍රාර්ථනා සයුරට සමකරනු කෙසේ
    කළුවරයි විජිතය ම මට නුඹ නොමැති ලෝකයේ
    පවසන්න වදන් නෑ හද තුළ රැඳුණු ආදරේ
    මගෙ ළඟින් ඉඳන් හිනහෙනු මැන පෙම්බරාවියේ

    සඳ තාරකා හොරෙන් .................


    ගායනය :- ප්‍රින්ස් සංජය
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
    ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා
    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    නළල් මතින් එන දාඩිය පිසදාගෙන විරාමයක
    වීනාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
    සායට මනරම් අත්දිග හැට්ටය තොල් අග හිනාව
    මතුකොට ටොප්හැට් ඇදගෙන ඒරොප්පේ කල්පනව

    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
    බලා හිදී ගම්භිර ලෙස
    දෙකට නැමෙන පරපුර දෙස
    හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
    යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික


    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    සුනිල් එදිරිසිංහ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
    ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා
    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    සුනිල් එදිරිසිංහ

    හරිම ලස්සන සිංදුවක් මචන් :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0


    Lie awake in bed at night

    And think about your life
    Do you want to be different?
    Try to let go of the truth
    The battles of your youth
    'Cause this is just a game

    It's a beautiful lie
    It's the perfect denial
    Such a beautiful lie to believe in
    So beautiful, beautiful it makes me

    It's time to forget about the past
    To wash away what happened last
    Hide behind an empty face
    Don't ask too much, just say
    'Cause this is just a game
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආත්ම ගණනක් ඇවිදින් සංසාරෙ දිගේ
    අපි හමුවී වෙන්වෙන්නැති මේ ලෙසින් ජීවිතේ
    අමතකව නැති හැටී..
    මතකයට එපා එන්නට පවුකාර සිතිවිලී...
    .
     
    Status
    Not open for further replies.