පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා
ළඟම ඇතේ දුරක නැතේ
ළඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත
ඇස් ඉදිරියෙ උඹ ළඟ
ඇස් ඉදිරියෙ උඹ ළඟ

අතීතයේ ඉස්ටෝරුව එදා ඉඳන් මම
නිදි මර මර මුරකොට බහිරව බිළිපුද කොට
රැක ගත්තේ නුඹළට
රැක ගත්තේ නුඹළට

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙළිසෙල්ලම් දැක තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට
හොඳ තෑගි දියන් මට

යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා
ළඟම ඇතේ දුරක නැතේ
ළඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ..

- රොඩ්නි වර්ණකුල
 
  • Like
Reactions: EPCO

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට වෙන්න
වීසි කලෙමි හදේ තිබුණ ආදරයයි කරුණාවයි
කාටවත් නොදී
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුනත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත
    අද මා පමණයි
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ //
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ පදවැල් මා මෙලෙස අකුරු කරන්නේ අප අතරින් සදහට සමුගත් සෙනෙහෙබර ලයාන්විතයා "අබේ අයියාට" උපහාරයක් වශයෙනි..

    ඔබට සසර කෙළවර අමා මහ නිවන් සුව!!

    කල්පනා ලොව මල් වනේ

    සිහින රජ දහනේ
    ආදරේ..ආදරේ.....

    නීල අහසේ තාරකා සේ

    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී......

    මා වටා සහසක් යුගත් පා

    ඈ රුවින් පිලිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ
    සුදු මීදුමින් දැවටී එතීලා.....

    ~අබේවර්ධන බාලසූරිය~
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අම රස පෙම් රසයෙන් කැලතෙම්
    ඔබ නැති නම් මිහිපිට නැත මං....

    සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා

    ඔබ දැකුමෙන් සිත උමතු වුනා
    මා ජීවත්වන බව මට දැනුනේ
    ඔබෙ හද සැලෙනා රාවෙන්.......

    සුපිපුණු මල් නටුවෙන් ගිලිහී

    මද සුලඟින් ඔබ වෙත පැමිණී
    ඔබ පා මත විසිරි පරවෙන්නට
    මට ඉඩ දෙනු මැන මතුදා...

    ~ශ්‍රීමතී තිලකරත්න~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Vaada raha
    Vaada raha pyaar se pyaar ka
    Ab hum na honge judaa
    Yeh meri dhadkanein sun raha hai khuda
    Chaahe tumhe kis kadar mera dil
    Tumko nahin hai pata
    Yeh meri dhadkanein sun raha hai khuda


    :love::love::love::love::love:


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිණි කැටක් දිලේ
    හිරු රැසක් වැදී
    නෙතු පියා ගන්න ඔබගේ
    බොඳ වාළකුළින්
    නෙක දූලි තුඩින්
    හිරු නිවිය හැකිද අහසේ


    මිණි කැටක් දිලේ
    හිරු රැසක් වැදී
    නෙතු පියා ගන්න ඔබගේ
    බොඳ වාළකුළින්
    නෙක දූලි තුඩින්
    හිරු නිවිය හැකිද අහසේ

    නා දෙදළු සැලී
    මුවකමල පෙනී ඔබගේ
    දක්වලා දසන් එමුවේ
    නොම එළිය කරන්
    දස අතම ලොවේ
    මට එයම පමණි ඇත්තේ

    හදේ ගිමන් නිවා
    දිවියේ සරතැසද මකා
    සිසිලසක් දෙමින් මනසේ
    හද අඟුළු දමා නුඹ එතුළ හොවා
    රැක ගනිමි නුඹව නිතිනේ
    රැක ගනිමි නුඹව නිතිනේ
    රැක ගනිමි නුඹව නිතිනේ........


    -අංජු-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිය ගැට මුදුනින් පිටුපා යන කොට ආපහු හැරී බලා....
    හිනැහුනේ මටයි...
    හිනැහුනේ මටයි...
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි
    උඩ මහ මළුවේන් වැදගෙන එනකොට යන්නට ඉඩ හැරලා ..
    අත වැනූවෙ මටයි..
    අත වැනූවෙ මටයි
    හිමි කාරයා මමයි..ඒ මගේ මලයි..ඒ මගේ මලයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    එතෙරා වෙමින් සිප් සයුරද පිරිසිඳ
    සපුරා නොමින් කඩු දුනු හී ශිල්පද
    එතෙරා වෙමින් සිප් සයුරද පිරිසිඳ
    සපුරා නොමින් කඩු දුනු හී ශිල්පද

    පතුරාලමින් රඟහල තුළ අණසක
    රඟ දෙමි සබේ දැන එනු මගේ තෙද බල

     


    පෙම් රජදහනේ ..අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ

    එදා පටන් පෙම් බැඳී
    හැඬූ පෙම්වතුන් නෙතින්
    මහා කඳූලූ ගංගා......
    මැවුණා ලොවේ

    එවන් නදී තීරයේ මා තනිවමයි මා අසරණයි

    ගසේ එතෙන මල් ලතා
    මියෙන පෙම් සුසුම් නොවේ
    පාළු වෙරළ අයිනේ නාඬන් ඉතින්

    එවන් නදී තීරයේ ඔබේ පිළිරුවේ....
    රූසිරු මැවේ

    පෙම් රජදහනේ .අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ
    කොහේද මා යන්නේ...

     
    Last edited:
    • Like
    Reactions: sandun thilaka

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2q8vypw.png
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    රැලකින් තනිවී වන මැද සරනා
    කැකුළු තුරුණු යාමේ
    ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ
    මට ඔබගේ ප්‍රේමේ

    හබල බිඳීගොස් පෙරළුනු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසා දී ගොඩගනු රිසියෙන්
    වෙහෙසෙන මියුලැසී

    තුඩ තුඩ තබමින් නෙක නෙක පළවැල්
    කවා පොවා සනහා
    පෙරුම්පුරනවද මතු බුදුවන්නට
    මට දී රැකවරණා


    -අබේවර්ධන බාලසූරිය
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    චුට්ටං බට්ටිච්චා
    දං ගෙඩියක් දැක්කා
    ඒක ලඟට පැන්නා
    චුට්ටි හොටෙන් ඇන්නා
    ඩිංග ඩිංග කෑවා
     
    • Like
    Reactions: Amalka101

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

    දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනෙයි
    අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසෙයි


    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමනි සිටින්නේ


    -අබේවර්ධන බාලසූරිය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගඟබඩ වස්දඬු රාවය ඇයිදෝ
    ගමතුල එළියාක් අළුතින් ඇයිදෝ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    හිනි මං බඳිනු බැරී
    පොළවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමී...

    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාද අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකී....

    සුනිල් එදිරිසිංහ-දීපිකා ප්‍රියදර්ශණී
     
    • Like
    Reactions: amila_90210
    Status
    Not open for further replies.