පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳගලා සිපගනී ඔබේ මුව
    එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳගලා සිපගනී ඔබේ මුව

    එපා සුසමන් සලා රිදවන්න ඔබේ හද
    එපා සුසමන් සලා රිදවන්න ඔබේ හද
    සියොත්කැල ගී ගයා සතපවයි ඔබේ සිත
    සතපවයි ඔබේ සිත..

    ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ඔබේ හදපුදසුනේ හිමි කුමරු එනතුරා..
    හිමි කුමරු එනතුරා..


    ~ආත්මා ලියනගේ~

    mmm nice song :yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා.....පූජා වේවා...........

    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා.........

    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා...... පූජා වේවා!!!!!!!

    ගායනය-පණ්ඩිත් අමරදේව
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සඳ තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    ගණ දෙවිදුන් මට දන්දුන්
    මගේ නුවන නුඹ අරගන්
    පතිනි මවුන් මට රැකදුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    සඳ තරු මල් ...................

    ඇල දොළ ගං මට දන්දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන්දුන්
    නෙතේ සිසිල නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    සඳ තරු මල් ...................


    ගායනය :- අතුල අධිකාරි හා සමිතා එරන්දතී මුදුන්කොටුව

    Thanks Macho!

    +Rep
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත සිට ආ සුවඳක්
    මාව සිප ගත් මොහොතක්
    තාම පුදුමයි සිතටත්
    ඒවී සොයුරා එතී
    සීත පවනක් විලසින්
    කීවෙ මාවෙත ඇවිදින්
    ආදරයයි ඔබ රහසින්
    ආදරේ සොයලා ආවාද
    ආදරේ කියලා කීවාද
    සිහිනයක් වාගේ මේ උන දේ
    ආවා සොයා
    මාගේ ලොවේ ඉන්න
    පෙම්වන්තයෙක් වීලා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංසාරේ ආලෙසිනා
    සෘංගා‍රේ යාකෙරුනා
    පිනි යායේ සැරිසරලා..
    වරු ගානේ කොඳුරමිනා..
    හිත අස්සේ ඈ රැඳුනා..
    හිත මානේ පිණි ඉසිනා..
    නෙතු යායේ ඉඟි වසිනා..

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Denuwan wasu Rathriye

    5chs0o.jpg
     
    • Like
    Reactions: coolnishan

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
    සක්විති රජුන් හමුවේ නැත හිස නවා:rofl:
    සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා:P:P:P
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ මල් යැයි ඈදී
    අයියේ මගේ ගන්නැයි ගියේ මං
    :oo::oo:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක

    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී..

    හෙට දිනක් පෙර මඟක් අරමුක් නැති ගෙවෙන දිවියේ
    ඉසිඹුවක් ලෙස හෝ..
    ගෙවුණු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමාගිය මියුලැසී..

    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී..

    හිනැහෙමින් වැලපෙමින් තුටුසිතින් පෙම් ‍පිරූ සමයේ..
    සලකුණක් ලෙස හෝ..
    පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්..
    මා හැරදමාගිය මියුලැසී..

    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමාගිය මියුලැසී..

    ~අසංක ප්‍රියමන්ත~
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    දිලි දිලි දිලිසේවි මා දෑසේ ආලොකේ
    කව්දෝ මාන බලන්නේ ඔබ ළග මා ඉන්නේ ..
    හිතවත මේ ලොකේ බොරුවෙන්ද ජය ගන්නේ:yes:
    සතුරා සමඟ සිනා සී මිතුර සේ ඉන්නේ...:angry::angry::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙළා නොගත්තේ මගෙ බෝසත්කමට
    හැරගිය දිනේ ආවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී සිත අද්දරට

    විස්මිත ගමට අදහන්නට බෑ තව ම
    මා හර දමා නුඹ ගිය මග ගැන අරුම:love::love:
    සතු කර ගන්න මුල් පෙම නොපි¥ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකට ද දුක් ගී කල්පනාවන්:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්

    තඹ පිත්තල පාටට අමු යකඩෙන් හදපු මාල
    ගැලපෙන්නැති කවියට මුමණයි උන් හදපු තාල
    පණ දෙන්නට වාගෙයි කථා කරන වහසි පාට
    බැලුවොත් එන්න හදයි හැමදාමත් ගාට ගාට

    ලස්සන මාල ගිරව් .....

    තේරෙන බහක තියෙයි චාටු කථා රෝස පාට
    පීදෙන මලට ඇදෙයි රඟන ඹබරු පහුවදාට
    තනිකඩ කිරිල්ලියක් බිම වැටෙන්නෙ නටපු දාට
    මේ ටික අපි සිතන්නෙ නෙත කඳුළැලි පිරුණු දාට

    ලස්සන මාල ගිරව් .....


    ගායනය :- ජයසිරි අමරසේකර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාල ගිරා ගෙල - මාල පොටක් බඳු
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල් - පාට නෙලා ගෙන
    රුව දිලෙනා ලීලේ...

    වතු සුදු මල සේ මා
    වත රූසරු බෝමා
    කෝළ කෝමළ වරුනේ
    සිත බැඳුනා ළඳුනේ..

    මාල ගිරා ගෙල..

    කදිම උවම් යොදලා
    කවි සීපද ගොතලා
    හීතල දුරුතු මහේ
    කියමුද අපි ළඳුනේ

    මාල ගිරා ගෙල..

    කෙකටිය සුදට සුදෝ
    හිරිමල් කැකුළු මුවින්
    ටිකිරි හිනා බිංදු
    මට දෙනවද ළඳුනේ

    මාල ගිරා ගෙල..


    ~ටී.එම්. ජයරත්න~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මන මාල ගිරව්
    මනලෝල ගමන් එති
    කෝළ නොවෙන් යෞවනියේ
    සිත ආදර බස් පවසන්න හිතයි මට
    අමනාප නොවෙන් මියුලැසියේ :rolleyes:
     

    hrukmal

    Member
    May 5, 2011
    55
    0
    0
    Colombo
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    296447_508178002542834_958375439_n.jpg


    "සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!

    අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
    ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලස්සන දවසක මා ඔබ වෙනුවන් සිටියා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුණා
    ඔබගේ හදවතටයි ආදරෙ කරන්න සිතුණේ
    මාගේ මුළු හදින්

    ඔබගේ අදරයම මා සිත මන්මත් කෙරුවා
    ඔබගේ හදවත තුල මට ඉඩ ඇතිදෝ සිතුණා
    මාග ජීවිතයම සිහිනෙකැයි සිතුණා
    සිතේ ආදරන්

    සුන්දර සිහිනකැයි මා තනිවීලා ගියේ
    ඔබමයි ඒ සිහිනය මාගේ කුමරිය වූයේ

    ලස්සන දවසක මා ......
    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන්දනාවන් කරනු ඇයි ඔබ මගේ සෙනෙහසට
    කවුරු කොයි ලෙස වදන් කීවත් ආදරෙයි මට ම
    කිසි දිනෙක නෑ කඳුළු දී මට හිනහෙනවා ළඟම
    ඇයි ද ඔච්චර පෙම් කරන්නේ මගේ මේ හිතට

    නෙත් කෙවෙනි ළඟ කඳුළු හංගා මට හිනා දෙනවා
    සියක් දහසක් වැරදි දැක්කත් මට සමා දෙනවා
    තරහ වූවත් තරහ නැති ලෙස සිත ම සඟවනවා
    සඳක් සේ ඔබ පහන් සිතුවිලි මට ගෙනත් දෙනවා

    වන්දනාවන් ......................

    දරුණු සිත ළඟ සඳුන් මල් ගෙන තියා අතුරනවා
    මගෙන් රිදුමන් කොතෙක් වින්ඳද එයත් ඉවසනවා
    මලක් වී ඔබ මගේ නෙතට ම සුවය විහිදනවා
    මට වඩා ඔබ මටත් ආදරෙ කරන් හිනහෙනවා

    වන්දනාවන් ......................


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුවෙවත් නැති දවසක...හිතන්නැතුවම ලං වුනා...
    අතීතේ දුර ඈතක... ආදරේ මග වැරදුනා...
    අපි අපිම අද ආ‍යෙම...හමුවුනා ඒ පාරෙම...


     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තව එකම එක වරක් පරදින්න දිනුමදි
    දිනවන්නෙමි ඔබ ජිවීතේ පුරා
    තව එකම එක වරක් දිව එන්න මා සොයා
    රිදවන්නෙ නෑ ජිවිතෙ පුරා

    ඔබ දුටුව මුල් දිනේ
    හද බදුනු තුරු මා සෙනේ
    බිදලන්න බෑ ප්‍රියෙ කිසිදා
    එ නිසයි හදේ වෙදනා

    තව එකම එක වරක්...

    අවද වෙන්න ගතින්
    සමුගන්න බෑ සෙහෙ සිතින්
    සිදලන්න වේදන මහදේ
    ඔබටයි මගේ අදරේ

    තව එකම එක වරක්...:love:
     
    Status
    Not open for further replies.