පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා

ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්


 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සුළඟක් වාගේ ඇවිදින් ගියදා
දේදුන්නක් සේ පෙනිලා ගියදා
අප්පච්චී මම හොඳටම හැඬුවා
මගේ කඳුළු ඔබ දුටුවද මන්දා...

ඔබේ ආදරේ අහිමිව ගියදා
අපේ පැතුම් පොදි සුළගට ගියදා
අප්පච්චී මම හොඳටම හැඬුවා
මගේ කඳුළු ඔබ දුටුවද මන්දා...

ඉස්කෝලේ අපි යන එන සැමදා
මග තොටදී ඔබ වැනි අය දුටුදා
අප්පච්චී මම හොඳටම හැඬුවා
මගේ කඳුළු ඔබ දුටුවද මන්දා...:(:(


තරනි අනුරා කාරියවසම්
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොඳුරුයි සැමදා අපගේ මේ ආදරේ
    සිහිනෙන් දුටුවා මගෙ මැණික මල් මාවතේ
    අතැඟිලි අල්ලා ඉන්නා විටදී අපි ආදරෙන්
    සෙනෙහෙන් බැඳුණා පෙරදා මෙන් මල් මාවතේ

    හීසරයක් බඳු ඔය ලස්සන ඒ නිල්මිණී
    ආදරයෙන් සැරසුවනම් මේ රන්මලී
    සිහිනෙන් ඇවිඳින් ඉන්නා විට දී මට ළංවෙවී
    කෝමළ හසරැලි පෑවා මතක ද මගෙ සුන්දරී

    ඔබ පෑව ඒ සෙනෙහෙ මට වාසනා
    සඳපානේ මා හා තුරුළේ සිනා
    මල් මල් සිනහා පානා රන් මගෙ සඳවතී
    ඔය දෙතොල මට නොවෙද රස කල්පනී

    සොඳුරුයි සැමදා අපගේ ................


    ගායනය :- ගයාන් මධුෂංක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඈත රටක සිට අමතමි
    සොඳුරු සදෑවෙ

    තනිය මකාගන්නයි ගී පදවැල් ලීවෙ
    සිතක පැතුම හද පුරවා සිත සමීරේ

    මා සිතුමන් මුසුවේවි මද නළ අතරේ

    මං බොලඳවියේ බැඳී ආලෙ
    ඔබ හාආදරයෙන්

    කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
    ඔබ හාආදරයෙන්

    -ෂර්ලි -
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
    හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ

    එදා ඔයා මගේ හිතයි අරන් ගියේ
    ඒත් නොදී ගියේ ආදරේ ඔබේ
    පවන් රොදින් කියා එවන්න
    ආදරේ ඔබේ

    ඉතින් කියන්න ආදරේ .............

    නුවන් තාරුකා දිලී සිනාසුනා
    ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා
    සිතින් හඬා හඬා වැටී
    පැතුම් සිනාසුනා

    ඉතින් කියන්න ආදරේ .............


    ගායනය :- ශර්ලි වෛජයන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ තරම් විසල් අහසක්...
    තරු වලින් වසන්නට බෑ
    ඒ වගෙයි මගේ හැගුමන්
    තරු වලින් ගනින්නට බෑ....
    නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්
    ඒ නිසා ඒවගේ අහසක් වෙන්නෙපා ඔබත්....

    එකින් එක නෙලා කඳුලැලි
    රකිනවිට ලෙසින් සිළුමිණි
    පලක් වෙද කියා නොඅසනු
    මැනවි යලි ඉතින්...
    මගේ කඳුළු මට හිමි නැති
    තරම් පිනැති නම් ඉපිලෙමි
    ජීවිතය දකින්නේ මම ඒ කඳුළින් නම්
    එය ආදරයම නම්...

    පහන් තෙර සොයා දළුලන
    පහන් වැටි වෙලාගෙන එන
    රැයේ සුවඳ මා හඩනවන
    කරුණ මට කියන්....
    ඔබේ නෙත් දිහා නොබලමි
    මගේ නෙත් වසා පවසමි
    ආදරය විදින්නේ මම ඒ සුවඳින් නම්
    ඒ ජීවිතයම නම්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳට වඩා මම ආදරෙයි
    හිරුට වඩා මම ආදරෙයි
    මටත් වඩා මම ආදරෙයි
    ප්‍රේමවන්තියේ

    ඈත ගව්ගනන් දුර සිට
    ඔබ සොයාන ආවේ මම
    සසරේ පැතූ හින්දමයි
    හැරයන්නෙපා දුක්දෙන්නෙපා
    මගෙ ජීවිතේ ඔබ තමයි

    සඳට වඩා ..............

    සිතේ පහන් දල්වාගෙන
    ඔබේ නමට පූජාකර
    පැතුවේ මගේ වෙන්නමයි
    හැරයන්නෙපා දුක්දෙන්නෙපා
    මගෙ ජීවිතේ ඔබ තමයි

    සඳට වඩා ..............


    ගායනය :- රොෂාන් ‍ප්‍රනාන්දු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිද්වන්නට ඔබ හඬවන්නට
    සිතුවේ නැත මා නම්

    විසිතුරු මිනිසුන් ඇසුරින් මිදිලා
    අව්වේ වැහි පින්නේ
    කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
    ඔබ වෙත මා එන්නේ

    ඔබ නොබැලුවොතින් සෙනෙහසකින්
    මාගේ සිත් සුවපත් කරලා
    කොතැනක යන්නද කාට කියන්නද
    අත් දෙක දික් කරලා

    ඔබ මාගේ හදවත් කුසුම පුබුදුවා
    ඔය පාමුල රන්දයි
    කොයික කියන්නෙත්
    කෝක කරන්නෙත්

    ආදරෙ වැඩි හින්දයි
    :love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
    අපෙ මතු දියුණ සොයා..
    සිතකින් නොව මා නැව් නැඟ යන්නේ
    සිත ඔබෙ තුරුලෙ තියා:love:

    ගතින් මෙතැන මම සි‍තින් ඔබගෙ ළඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත ඔ‍බෙ සෙනෙහස වැනි
    ‍මිණි කුරුළක් මෙලොවේ..



    §ඉන්ද්‍රානි~වර්නොන් පෙරේරා§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවන් වළා දුහුල් කඩින්
    පෙරී ස‍ඳේ රිදී කැළුම්
    තුෂාර හා එතී ගලා හැලෙනවා
    පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනාගෙනෙනවා
    සිනාගෙනෙනවා..

    අනූදාත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
    සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
    සුඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
    පවන් සලනවා..




    §විශාරද නන්දා මාලනී§
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ශ්වේත මීදුම් ඉරා
    දෙනෙත් මග ඇහිරූ
    ජීවිතේ සීත සෘතුවේ
    ගිරි දුර්ග අතරින්
    මා එක්ක එනවාද චන්න කින්නරාවී......

    රළු පොළොව මතින් දිවෙනා
    විඩා බර දිගු ගමනේ
    මෘදු සිනිඳු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී
    මා එක්ක එනවාද චන්න කින්නරාවී.....

    සඳ නිවී ගිය රාත්‍රියේ
    තාරකා ගොළුව ඝන අඳුරේ
    ළය මතින් වැතිරී
    සොඳුරු හීනයට ඉඩදී
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ සේ බැස නොයා
    ම‍‍‍ගෙ ලොවේ රැ‍ඳේ නම්
    කඳුළේ දුක දරා
    ඔබ නමින් හිඳින්නම්
    ඔබෙ දෑසේ රැදෙන්නම්
    මියෙන්නම්

    පැතුමන් බිඳ දමා
    ඔබ නොයා හිඳීනම්
    සිත පුරා මා ඉන්නම්
    දෑස සේ රකින්නම්
    මගෙ සුහදේ සනසන්නම්
    සැනසෙන්නම්

    පබළු මල් මාවතේ
    ඔබෙ දෑතේ වෙලී
    ඇවිදන් යන්න ඇත්නම්
    පෙර වගේ
    සොදුරුයි ආදරේ
    හිමි වුණා සේ දැනේ
    ඔබ සදා

    සඳ සේ .............


    ගායනය :- නිරෝෂා විරාජිනී හා ධම්මික එදිරිසිංහ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සැදී රන් අබරණින් - …රිදී සළුපිලි දරා
    නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ - ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්

    යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්
    නොයෙන බව යලි දනිම්

    සැදී රන් අබරණින්...............


    ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විඳින්නම්

    සසර මතු බවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන් අබරණින්................


    ගායනය : මිල්ටන් මල්ලවඅරච්චි

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගිනියම් වූ වැලිකතරේ කෙම්බිම මට සොයා දෙන්න
    නුඹේ නමින් සෙනෙහස්‌ ගී පදවැල් අමුණා ලියන්න
    මග තොටදී හමු වුනාම ආදරයෙන් හිනාවෙන්න
    අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමාවෙන්න..

    සුදු අරලිය මතක සුවද අප හදවත් ගොලු කරාවි
    විසල් මැදුරු දොරටු උදින් හෙටත් පුරා හද වඩීවි
    මතක තියා විදු සෙවනේ අප හදවත් ගොලු කරාවි
    නුඹ නැති මේ විසල් ලොවේ මගෙ ලෝකෙම නතර වේවි..


    පහන් තාරකා පාය රෑ අහසේ නිවී යාවි
    තනි කම විත් හිත දොරකඩ අස වුණු කදුලින් තෙමාවි
    හීන පැතුම් මල් පොඩිවී දේදුන්නක සැගව යාවී
    හිත අද්දර ඔබෙ මතකය හැමදා මට රිදුම් දේවි..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිත නම් මා ලඟ‍යි... ඔ‍ය දෑත දුර ඇත‍යි...
    හැකි නම් ඔබ ලඟ‍යි...මා ආදරේ නුඹට‍යි...

    ඈත ස‍යුරු මාන‍යේ...කීව පෙම් කතා...
    දෑසෙ කඳුලු නංවනා... ඔබේ පෙම් සිනා...
    ඈත ස‍යුරු මාන‍යේ... එදා කී කතා...

    සිහින ලොවක තනි වෙනා...විට ඇසේවි නම්...

    ඔබ හා ‍යන්න එක්වී මට දෑත දෙනවා නම්...
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
     
    Status
    Not open for further replies.