පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

Deepika Priyadarshani
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සඳක් වෙලා ගගනතලේ පායා ඒනම්
    මම තනියහනේ නෙතු නොහෙලා බලා හිඳින්නම්
    ඔබ මලක් වෙලා හිමිදිරියේ සුවඳ ගෙනේනම්
    මම මදපවනට තුරුළු වෙලා සදා රැඳෙන්නම්

    කඳුළු දෙන්න දෑස පුරා කඳුළු ‍සලන්නම්
    සුසුම් දෙන්න හදම දවා සුසුම් හෙලන්නම්
    රිදුම් දෙන්න ඔබ නාමෙන් දුක් විඳගන්නම්
    ළඟින් ඉන්න ඔය හිත මට වරම් දෙනවනම්

    ඔබ සඳක් වෙලා ...........

    හමුවී වෙන්වන මොහොතක සිතින් හඬන්නම්
    කිසිදා අන්සතු නොවනට පෙරුම් පුරන්නම්
    කියාගන්න බැරි සෙනෙහස මෙහෙම ලියන්නම්
    මගේ වන්න සංසාරෙ ම හීන දකින්නම්

    ඔබ සඳක් වෙලා ...........


    ගායනය :- ඉඳුනිල් අනද්‍රමාන
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංගීතමඬලේ ප්‍රතිරාව නැංවූ
    නිර්මාණ ගී ශිල්පියාණෝ..
    සීගිරි ලෙනේහී රූ අප්සරාවන්
    ඇන්දාවූ ඒ සිත්තරාණෝ..
    කව් ගී ලියූවෝ
    පිළිරූ නෙලූවෝ
    වෙන්වී ගියත් ලෝ නියාවෙන්
    ආකාශ තලයේ ඔවුහූ සරණ්නෝ
    දෙවි දේවතාවුන් විලාසෙන්..
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහසට සොඳුරු ද සඳ කෙතරම්
    ගසකට සොඳුරු ද මල කෙතරම්
    සයුරට සොඳුරු ද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්

    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟිබිඟි කරමින්
    හොඳ නැහැ කරන ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

    සුන්දර ඔය වත හින්දම තුන්යම
    නින්දක් මට නැතුව නැතුවා
    තිස්සෙ ම මං වට දැවටෙනු කුමට ද
    අහන්න මට හිතුනා හිතුනා

    සොඳුරු ද මා හට ඔබ කෙතරම්
    අන්සතු මලකට ඇයි ලොබ කම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමිනැති වූ සඳ දෙයි ලතැවුල්

    තැල්ලක් කර බැඳ කැන්ඳන් යන්නට
    සත්තයි සිහිනෙක මා සිටියා
    කන්දක් තරමට හිතුවෙ ඇයි නුඹ
    බිළිඳුන් නිදි නෑ මං යනවා

    අහසට සොඳුරු ද ............


    ගායනය :- නෙලූ අධිකාරි හා කාශ්‍යප දිසානායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    More…It’s the little things that make a difference
    It’s the quest for love that brings us life
    It’s a dream of what could be
    That makes it all worthwhile
    Like you being by my side
    A love that only grows with time
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලොව පලාගෙන අහස වසාගෙන
    මා ඔසවාගෙන ‍යන සුලඟේ
    ‍යාල්පානමට නුදුරේ අලිමංකඩ ලඟ වෙඩි සුලඟේ
    තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ
    මට කි‍යන්න මොකක්ද වැරැද්ද මිතුරේ

    අඳුරෙන් පිරි ඒ බි‍යකරු රාත්‍රි‍ය මතක‍ය නොමැතිව ‍යුද බිම මා
    කඳුලින් හැඬවුව මාගේ හදවත වැලපෙ‍යි නිරතුරු වෙඩි හඬ මැදිකර
    කොඳුර‍යි තවමත් කඳුලට පිටුපා පෙම් සිතුවිලි අද අලිමංකඩ ඉම
    නැතිවද සොඳුරී පෙම් බස් දෙඩුමට කාල‍ය ‍යුධ ගිනි දැල් මැද
    කාල‍ය ගෙවුනේ පාලුවෙ තනිව‍යි සිටි‍යා වටකර මිතුරු සෙබල කැල
    නොසිතුව විලසින් කඳවුර වටර තනිකලේ ඇ‍යි මා සතුරු සෙබල අද
    දෑසට දෑස පෙනෙන තැන අවසන් හුස්මෙන් වැතිරෙ‍යි වෙඩි වැද
    කෙලෙසද මෙලෙසින් සමුගන්නේ අද ඉතිරිව ඇත මට අන්තිම උණ්ඩ‍ය

    පොලොව පලාගෙන...

    පතුරමක් අතැතිව තනිවුන සොල්දාදුවෙකුගෙ ඉරණම මෙ‍යද දැන්
    මම සිහින සො‍යා ආත්ම‍ය සනසා ගෙවු දින පැ‍ය විනාඩි ඉවර වි‍ය
    මගෙ ජීවිත‍යේ අවසාන නිමේශ‍ය මරණ‍යෙ සිසිලට නතුවන්නේ
    කුරිරු රුපු සෙන් නසන අටි‍යෙන්ම ‍යුධ වැද රඟන නලුව මැ‍යි දොඩවන්නේ
    දිනෙක පිපෙන හැම මලම රතු පාට වේවි දකින හැම දිනම කලු පාට වේවි
    උණන උණු කඳුලු නොවැටී ති‍යේවි සිනාවට අපව අමතකම වේවි
    ලෙ‍යින් පෙඟුනු මිනීමලක් නෙලන්න අම්මගෙ කඳුලු ලඟ භවුන් වඩන්න
    කාටද ආස මිනී උඩ අඬන්න සාප‍ය දෝංකාර‍යක්ව දැනෙන්න

    පොලොව පලාගෙන...

    -Iraj & 6th lane-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    I dreamed I was missing
    You were so scared
    But no one would listen
    'Cause no one else cared

    After my dreaming
    I woke with this fear
    What am I leaving
    When I'm done here?

    So if you're asking me
    I want you to know

    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    And don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest

    Don't be afraid
    I've taken my beating
    I've shared what I've made
    I'm strong on the surface
    Not all the way through
    I've never been perfect
    But neither have you

    So if you're asking me
    I want you to know

    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    Don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest

    Forgetting all the hurt inside
    You've learned to hide so well
    Pretending someone else can come
    And save me from myself
    I can't be who you are

    -Linkin park-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ සඳක් වෙලා ගගනතලේ පායා ඒනම්
    මම තනියහනේ නෙතු නොහෙලා බලා හිඳින්නම්
    ඔබ මලක් වෙලා හිමිදිරියේ සුවඳ ගෙනේනම්
    මම මදපවනට තුරුළු වෙලා සදා රැඳෙන්නම්

    කඳුළු දෙන්න දෑස පුරා කඳුළු ‍සලන්නම්
    සුසුම් දෙන්න හදම දවා සුසුම් හෙලන්නම්
    රිදුම් දෙන්න ඔබ නාමෙන් දුක් විඳගන්නම්
    ළඟින් ඉන්න ඔය හිත මට වරම් දෙනවනම්

    ඔබ සඳක් වෙලා ...........

    හමුවී වෙන්වන මොහොතක සිතින් හඬන්නම්
    කිසිදා අන්සතු නොවනට පෙරුම් පුරන්නම්
    කියාගන්න බැරි සෙනෙහස මෙහෙම ලියන්නම්
    මගේ වන්න සංසාරෙ ම හීන දකින්නම්

    ඔබ සඳක් වෙලා ...........


    ගායනය :- ඉඳුනිල් අනද්‍රමාන

    MP3 plssssssss
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුවද විදින්නදො......කදුලු පිසින්නදො......
    සැමරැමක් ලෙස මා සුරතේ......
    පුන්චි ලේන්සුව තබා ගියේ......
    සුවද විදින්නදො......කදුලු පිසින්නදො......

    ...විටකදි සුවද දිදී ඔබේ......
    මා ලග තුරැලු වෙවී......
    දෙනෙතේ කදුලු කැටී......
    පිසුවා දුකක් දැනී......

    සැමරැම ලේන්සුවයි......
    එය පනමෙන් මා රකිමී......
    තාමත් අදරෙයි......
    දන්නෙ එය පමනී.......

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන
    උත්තම අධිරාජ්ජ්‍යෙකට ජීවිත පූජා කරන්න
    අනේ අපොයි...
    අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්න
    මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිරි කෝඩු හිත ළඟ නැවතිලා පුර පෝය හඳ
    ආදරේ දැයි අහනවා අහනවා
    මේ තරමට ම ළංවෙලා මට
    මං ඉතින් මොනවා කියන්න ද ආදරේ මිස

    රන් සමනලයෙක් බමණා ඉසව්වක
    නොපිපෙනා කුසුමක
    කෝ කොහිද ලස්සන
    මට වාවගන්නට බෑ
    ඔබේ ඇස් කතා කරනා විට

    කිරි කෝඩු හිත .................

    වැව් දිය සරලි නගනා ඉසව්වක
    කොඳුරණා කිවියක
    ලියා ඇති මගෙ හිත
    මට දරාගන්නත් බෑ
    ඉතින් ඔබ මගේ හැඟෙනා විට

    කිරි කෝඩු හිත .................


    ගායනය :- මහේෂිකා ලක්මාලි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    BUS SONG එක්ක වගේ නේ

    අම්බානකට ස්තූතියි!:love::love:

    ඔව් ඉතින් බස් යැයැ සම්මත ගායක සෙට් එකේ කෙනෙක් තමයි :lol::lol: හැබැයි ඒ සිංදුවෙ අර්ථය හොඳයි :D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙත් යුග රන් තරු යුවල තමයි
    තොල් පෙති නා දළුවලට සමයි
    මගෙ හද ඔබෙ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි

    අඳුරින් බර වැහි කතරෙ පවා
    ආලෝකය දෙමි උදය හවා
    ගිමනට සීතල සෙවණ මවා
    දිය දහරක් වෙමි පවස නිවා
    දිය දහරක් වෙමි පවස නිවා

    නෙත් යුග රන් තරු යුවල තමයි...

    රළ ලෙස ජීවන දිය දහරේ
    අත ගෙන එමි ඔබ යන පාරේ
    සුපුරුදු ගතිගුණ අත නෑරේ
    දුක හෝ සැප විඳ ගමු මිහිරේ
    දුක හෝ සැප විඳ ගමු මිහිරේ

    නෙත් යුග රන් තරු යුවල තමයි
    තොල් පෙති නා දළුවලට සමයි
    මගෙ හද ඔබෙ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි

    ඔබ සොයනා කළු කෙල්ල මමයි


    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔව් ඉතින් බස් යැයැ සම්මත ගායක සෙට් එකේ කෙනෙක් තමයි :lol::lol: හැබැයි ඒ සිංදුවෙ අර්ථය හොඳයි :D [/QU

    හ්ම්ම්ම්ම්..backgroud sound podake choraaaaaaa wage:shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කළු කෙල්ලේ ඔබ හරි ම හැඩයි
    නෙතඟින් බැලු විට සිරියාවයි
    සුදු කෙල්නන්ට වඩා ඔබ පිංපාටයි
    නිවසේ බැබළෙන පහන ඔබයි

    ආලෝකය හැම දසතම පතුරා
    අප හද නලවන්නී
    මේ හැම දෙයකින් ඔබ හට
    සුදු අය නිතරම පැරදෙන්නේ

    කළු කෙල්ලේ ඔබ ...............

    ගමනේ බිමනේ කරුණා මුහුනේ
    නිතරම සිරිය රැඳේ
    සුදු අය මෙන් නොව පින්පාටින් ඔබ
    සිරුරම ළෙලදෙන්නේ

    කළු කෙල්ලේ ඔබ ...............


    ගායනය - La Ceylonians
     
    Status
    Not open for further replies.