පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යයි ඔබම කී
කවියානනේ..
මා ඔබෙයි ඔබගෙයි
සදාදර පෙම්වතී

විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙනු හැකී
සැඩ කුනාටුව වියරුවී
උනුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී

රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා නය නැතී
මේ..අලුත් කඳුලුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී..
.


Deepika Priyadarshani Pieris
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පිණි පොද වැටෙනා අරුනැල්ලේ

703734-bigthumbnail.jpg


පිණි පොද වැටෙනා අරුනැල්ලේ
පිණි ඉහිරුනු නුඹේ ඒ සුදු ගවුමේ
මුතු කුඩ යට හිනැහුන සුදු කෙල්ලේ
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ;)//

ආදරෙන් පෑ සිනහා

මා හිත යට තවමත් ඇත රැදිලා
සෙනහස පවසා ලංවීලා
මා තුරුලේ නැලවෙනවද මැණිකා:cool:

රූ
වි කියල අමතා මා මෙසේ
හිත් කොනේ තිබුණු ඒ ආදරේ
තනිවන විට මා මගේ ජීවිතේ
නුඹ මගෙ නම් තනියක් නෑ හදේ:no:

පිණි පොද වැටෙනා අරුනැල්ලේ

ලපටි දෙතොල් පොපියා මට නොකියා

හීන් සැරේ සිපගන්නට හිතුනා
හොරැහින් නොබලා මා දෙස බලලා
තුරුල්වෙලා ඉදපංකෝ මැණිකේ:)

රූ
වි කියල අමතා මා මෙසේ
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැනසුම් සුසුමන් පාවීලා...
    සඳකැන් වතුරින් නෑවීලා...
    තරුමල් අතරින් රිංගාලා...
    කොහි ‍යන්නෙද මා තනිකරලා...

    රෑ සඳ පානේ සීතල පවනේ
    නාමල් අරණේ ලා දලු සෙවනේ...
    මා ල‍ය කර ඔබගේ සුව ‍යහනේ
    ගෙවූ අතීත‍ය මතකද මිහිරේ...

    දෑසට පෙනෙනා එකම රුවක් වේ
    ඒ රුව මානෙත් අන්ජන‍ය‍යි...
    ජීවන ගී‍යේ තනුව ව‍යන්නෙමි
    ඈ එන තුරු මා තනිවීලා...

    -ටී. එම්. ජ‍යරත්න-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ ඔබ සඳයි මාගේ
    නගේ හද ළඟ වෙන්න විකසිත පින්බරයි දීගේ
    කියාදෙන්නට දෙන්න අවසර තවම නොකියූ දේ
    ‍නුඹේ රුව ගැන විමස විමසා ගෙවමි මම කාලේ

    තරු කැකුළු පරදා දසන් යුග දිලුණා
    මගේ ළය සනහා නුඹේ සුව දැනුණා
    නිමක් නැහැ මට දැන් ඔබ ගැනම සිතලා
    කියාදෙන්න ද මං රහස එළිකරලා

    වෙරළ ඉම සොයලා රැළ්ල ‍ඒ පියඹා
    නුඹේ රුව දැකලා මසිත නතර වෙලා
    කෙසේ ඉන්න ද මං තවත් ඉවසාලා
    ඔබේ නිහඬ මුවින් මට දෙන්න පහදාලා


    ගායනය :- උපුල් අසංක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ ජීවිතේ ඔබ‍යි සිත පාරමී පුර‍යි
    ඔබ හිමිවනා තුරා හිඳිම්
    ඔ‍ය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
    ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

    හීන අතරින් මා එන්නම්
    සෑමදා මා ඒ හීන‍යේ රැඳෙන්නම්
    ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
    හාදු වැස්සක් වී වැටෙන්නම්
    ඔබ මා වේ නම්

    (සිත පාරමී පුර‍යි..)

    මාලඟට වී හිඳීවී ඒ සිහින‍යේ රැඳේවී
    ඔ‍ය සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

    හීන අතරින් මා එන්නම්
    සෑමදා මා ඒ හීන‍යේ රැඳෙන්නම්
    ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
    හාදු වැස්සක් වී වැටෙන්නම්
    ඔබ මා වේ නම්

    -Centigradz-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
    වසන්තයට යළි එන්නට එපා කියන්න
    මගේ පාළුව විඳගන්නට මට ඉඩදෙන්න
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

    ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
    තරු යායට ඉඟිලන්නට එපා කියන්න
    මං කෙළෙසක ඒ විසිතුරු බලා ඉදිම්ද
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

    මද පවනට දැවටෙන්නට එපා කියන්න
    මල් සුවඳට ලංවෙන්නට එපා කියන්න
    මං කෙළෙසක ඒ සිහිලැල් දරා ඉදිම්ද
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න

    ~ සෝමතිලක ජයමහ ~​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිවුණු ඔබ මට අහිමි වෙලා
    කොහොම ද වාවා ගන්නේ මා
    ආදරේ පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාරා කඳුළු සලා
    ජීවිතේ මේ ජීවිතේ
    සිතුවෙ නෑ පැහැසර සිනා
    කුරිරුවී හැරයයි කියා

    සිහින නෙලා පැළඳුව දා
    මල් මාල හිත් මානයේ
    සිහිවෙනවා උමතු සිනා
    නිල්පාට නෙත් මායිමේ
    ළංවුණේ වෙන්වෙන්නනම්
    පෙම් කළේ තුරුළේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්

    පෙම බිඳ දා හැර ගිය දා
    දුක දැනුනෙ නැතිදෝ මගේ
    කඳුළු හොරා ‍වැටෙන තුරා
    පිටුපෑවෙ ඇයි ජීවි‍තේ
    ළංවුණේ වෙන්වෙන්නනම්
    පෙම් කළේ තුරුළේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්

    හිමිවුණු ඔබ මට .............


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැමදා ළඟින් රැඳී ඉන්න සිනාසී
    මගේ සුපෙම්වතී වෙන්න කුමාරී
    දැනුනා ඔබේ හදේ හැඟුම් සරාගී
    ඔබගේ සුසුම් පොදේ මමත් ‍රැඳේවී
    මහදේ සරාවී සිතුදේ කියාවී
    හැඟුම් දැනී දෑස වැසේවී
    ඔබ හා රැඳේවී ළමදේ නිදාවී
    හදින් හදේ රිදුම් මැකේවී

    සුපෙම් දනව්වේ ඈත රැඳීලා
    දෙතොල් ලදැල්ලේ පහස විඳලා
    සෙනෙහේ රන්ඳා සැනසී ඉන්නා
    භවෙන් භවේ ඔබයි පතන්නේ

    සැමදා ළඟින් රැඳී ...............

    නැවුම් වසන්තේ පාව ඇදීලා
    අපිත් නිදැල්ලේ දෑත බැඳීලා
    සෙනෙහේ වින්ඳා සැමදා දෙන්නා
    භවින් භවේ ඔබයි පතන්නේ

    සැමදා ළඟින් රැඳී ...............


    ගායනය :- ප්‍රියන්ක රම්මණ්ඩල
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා
    එය කියන තුරා මට ඇසෙන තුරා ~ මග බලමින් මම උන්නා
    කල්පනා.. කල්පනා... කල්පනා... කල්පනා
    ආදරේ කල්පනා ~ සුන්දරයි හිත ඇති තුරා

    සුදු වළා ඉරා සදපාන එබී ගෙන උන්නා
    සද ගෙවෙන තුරා ඔබ දකින තුරා
    කාටත් නොකියාම උන්නා
    දිවිපුරා.. දිවිපුරා .. මම සදා.. මම සදා
    මතකයේ ඇතිතුරා ආදරෙයි හදවත පුරා

    නෙක ආල කථා මම කියන ගොතා ගෙන උන්නා
    සිත රහස් අපේ අපි දන්නා නිසා
    දෑසින් දොඩමලු වෙන්නා
    සිත සිතා.. සිත සිතා... සිටි පතා මම නිසා
    ආදරේ පිරි සිනා ඔබ නිසයි හිමි උනා එදා

    ~ උපේකා නිර්මාණි ~
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යලිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්...//

    අතීතයට පිය මනිනු බැ‍රී
    ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
    පිනි කදුලක් සේ...
    මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
    එකම කතාවක් - යලිත් කියන්නට
    ඔබ මා හමුවේනම්...

    සිනා පිරුනු නෙතු දකිනු බැරි
    මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
    මහ පවුරක් සේ...
    නැගී ඇවිත් - මුවේ පිපේ නම්
    එකම සිනාවක් - යලිත් දකින්නට
    ඔබ මා හමුවේ නම්...

    ඔබ මා හමුවේ නම්...//


    http://www.mediafire.com/?mwjdmwmtwmd
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පුංචි ඇස්‌ දෙක කඳුළු පුරවන්
    තවම මග බලනවා ඇති
    ඒ වුණත් මට එන්න බැරි බව
    ඔයා තවමත් දන්නැති
    මැරෙන්නට මොහොතක්‌ තියා හරි
    ඔබ සොයා ගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක්‌ නැත
    කොහොම හරි හිත රවටමි

    ප්‍රේමයේ උත්තරීතර බව
    පසක්‌ කරගෙන හොඳටම
    කාලයේ වැලිතලා යටවී
    මියෑදුණත් අපි සදහට
    ආදරේ පෙම් කතා වලටත්
    එකතුවී ඇත අප ගැන
    හඬා වැටුණත් හඬන්නට බෑ
    හිතන්නේ මම ඔබ ගැන

    දහසකුත් බාධක තියාගෙන
    ප්‍රේම කරනා ඔය හිත
    දාලා යන්නේ කොහොමදැයි මට
    ලියා දෙනවද මතකය
    සැකය කියනා වචනෙ ගැනවත්
    හිතෙන්නේ නෑ තව මට
    නිදා වැටුණට නින්ද යන්නෑ
    හිතන්නේ මම ඔබ ගැන

    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බොල් පිණි වෑහෙන වේලාවේ..
    ඔබගෙන් සමුගෙන යායුතුවේ..
    තාමත් ඔබ ඇත සුව නින්දේ..
    ඒකයි මා නොකියා යන්නේ..
    බොල් පිණි වෑහෙන වේලාවේ..

    ගැල පිට නැගලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ...
    තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
    ඔබ සිහියට එන්නේ..
    ඔබගෙන් සමුගෙන මා යන්නේ..

    ඔබ අවදිව මා සොයනු එපා..
    ඈතයි මා ඉන්නේ..
    තවලම් කරුවෝ කවරමදාකද
    එකම තැනක් ඉන්නේ...

    බොල් පිණි වෑහෙන වේලාවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමුගෙන යන්නට අවසර දෙන්නෙට බෑ බෑ බෑ
    සිත ඉඩ දෙන්නෙ ම නෑ
    යලි තනිවන්නට ඔබ නැති ලොව මට බෑ බෑ බෑ
    සිත ඉවසන්නෙ ම නෑ

    තනියෙන් සිටි මගෙ පාලු අතීතේ
    ආදරයක් ගැනනම් නෑ සිතුනේ
    ඔබමයි සෙනෙහස ගැන මට කීවේ
    අද ඇයි සමුගන්නට ඔබ ආවේ

    සමුගෙන යන්නට ...........

    සුවඳක් වී මගෙ සිහින විමානේ
    සැනසුම් සුසුමන් ඔබයි ගෙනාවේ
    මෙලෙසින් නිමවන්නට නම් අපගේ
    සෙනෙහස ඇයි මේ හැටි දුර ආවේ

    සමුගෙන යන්නට ...........


    ගායනය :- සමිත් ෆොන්සේකා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නම් ඉතින් ළඟින් මියෙනා තුරා
    මගේ ප්‍රේම විජිතේ සරනා තුරා

    දහසක් පැතුම් සෙ‍වනේ
    ළතැවුල් ගිමන් නිවුවේ
    ඔබගෙන් ලැබුණු සෙනෙහේ
    පහණක් ලෙසින් දිලුණේ
    අඳුරෙන් පිරී ජිවි‍තේ

    ඉන්නම් ඉතින් ළඟින් ..............

    පහනක් වෙන්න නිවසේ
    කඳුළක් නොවී මහදේ
    සසරින් සසර මහදේ
    ඔබමයි පැතුම ළඳුනේ
    සනසන්න මා සෑමදා

    ඉන්නම් ඉතින් ළඟින් ..............


    ගායනය :- අතුල ලෙව්කේ බණ්ඩාර
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    I Am Ready For Love
    I Am Ready For You
    I Am Standing Right Here
    I Am Waiting For You
    I Am Ready For Love
    I Am Ready For You
    I Am Standing Right Here
    I Am Waiting For You
    Far From My Life
    And ready to Save Me
    And ready to Love
    I Tried To Wrinkle
    Straight From My Heart
    I Am Ready To Be
    One Moment For You
    You Are Standing Right Here
    This Moment is so true
    I Could Chasing Dreams
    You Listen to My Tears
    Never to go to Forever to

    You Will Be Crying For Me...////

    In The End You Will Your Own Way Home
    Break My Heart Take You Love
    Let Me Quit And End this

    You Still Feel Alive...////

    -Edward Maya-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බුදු බණක් කියන්නට...
    පුතු ගෙදර ඇවිල්ලා...
    බුදු සුවඳ...බුදු එළිය පැල පුරා ඉහිරිලා...
    බුදු පුතේ නුඹ දිනක බුදුවෙයන් කියාලා...
    නියත විවරණ දෙන්න යමු මැණිකේ නැඟිටලා...
    හැබැයි ඉස්සර වගේ...
    මගේ පුතේ කියාලා..
    තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙලා...
    බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා..
    එපා සිල් ඇවැත් වෙයි...
    මව් සෙනෙහේ සිහිවෙලා...
    බණ කතා කියනකොට...
    හුරතලෙන් මුව විදා..
    කඳුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා..
    හැගුම් නැති සිතින් පුත් දකින්නට දිරි පතා..
    අපිත් විවරණ ලබමු...
    වැටී වැඳ පුතු දෙපා...

    http://www.mediafire.com/?wgnjcym21mz


     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
    අපේම ලෝකයක්...//

    තරංගයක් ලෙසින් ඇදී බිඳී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්

    වලා තීරයෙන් එහා.....

    සිහින් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්

    වලා තීරයෙන් එහා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආත්මයෙන් ආත්මයේ
    මා ඔබේ වේවිනම්
    ප්‍රාර්ථනා පුරමු සංසාරේ
    සෑමදා මේ ලෙසින්

    තරුවක් වගේ දිලුනා හදේ
    දෑසේ ආලෝකෙ දී
    තනිවී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි
    මෙය වේ සැබෑ ආදරේ

    ආත්මයෙන් ආත්මයේ .............

    සුවයක් දැනේ ඔබගේ සෙවනේ
    වේදනාවන් නොවේ
    සැනසුම් සුවේ ඔබගෙන් ම වේ
    අපගේ පැතුම් ‍ලෝකයේ

    ආත්මයෙන් ආත්මයේ .............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     
    Status
    Not open for further replies.