පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ගහක මල් පිපිලා.. පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි..
    හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි...
    නුඹට සිත බැඳුනේ කිමැයි මා.....තවම නොදන්නෙමි.....
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
     

    thanujaka

    Well-known member
  • පියුම් නීල විල උපන් ලියේ
    අහoකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැළුම් වැදී
    මගෙ හිත දුකින් පිරේ
    සිදoගනා මුදු වදන් මලින් මට පවන් සලය්න් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්..
     

    thanujaka

    Well-known member
  • පියුම් නීල විල උපන් ලියේ
    අහoකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැළුම් වැදී
    මගෙ හිත දුකින් පිරේ
    සිදoගනා මුදු වදන් මලින් මට පවන් සලය්න් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්..
     

    thanujaka

    Well-known member
  • ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුලඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා දෑසෙ කැල්මන් මවා
    හිත ගාව සක්මන් කළා
    නොකියා ම සැඟවී ඔයා
    කෙලෙසින් ද යන්නේ දමා

    උණුහුමට තුරුළේ වෙලී
    සඳ රෑක මිමිණූ ඔයා
    දුර ඈත තුරු මායිමේ
    මගෙ හීන හැරදා ගියා

    මා දෑසෙ කැල්මන් ...........

    සසරේ ම මා හා සරා
    රැඳුණා කියූවත් එදා
    මගෙ ලෝකෙ මා හැරදමා
    සැඟවී ද සොඳුරේ ඔයා

    මා දෑසෙ කැල්මන් ...........


    ගායනය :- රකිත බද්දිය වෙළන්ගොඩ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබේ සෙවණ මට නිවනක්
    වගේ ය යන සිතුවිල්ලක්
    මගේ හිතේ තිබු හින්දයි
    මේ තරමට ළතැවිල්ලක්

    පවස නිවන දිවි රැුක දෙන
    නිමල සිහිල් දිය දහර ම
    සැඩ බොර වතුරක් වන බව
    හිතුණේ නෑ ම‍ට කිසි දින

    ගිමන නිවන සිහිල සදන
    සුවඳ මන්ද මාරුතය ම
    සැඩ සුළි සුළඟක් වන බව
    හිතුණේ නෑ මට කිසි දින

    කරුණාරත්න දිවුල්ගනේ
     
    Status
    Not open for further replies.