පද පේලි .....

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images


    නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
    නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජීවිතේ
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ......
    නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ....

    හද පාමුලේ නැවතී ඔබේ
    ම‍තකේ අපේ අදටත් මැවේ
    පෙර පෑ සිනා සේදී ගියා කදුළක් නිසා
    මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා
    හැමදාම මා..... ඔබගේ තමා.....

    සතුටක් හිතේ නැතිවත් මගේ
    පැතුමන් ලයේ තවමත් තිබේ
    හැමදේ දමා පියඹා ඔබේ තුරුල‍ට වෙලා
    සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
    නොදුරේ මා..... එනවා සොයා.....

    -Uresha Ravihari-
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0



    මට කරන කියන දේ සුදුසු දැයි නුබ සිතින් අහලා බලපන් පන් පන් පන් පන්....ඉවරයි.........:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    images


    නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
    නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජීවිතේ
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ......
    නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ....

    හද පාමුලේ නැවතී ඔබේ
    ම‍තකේ අපේ අදටත් මැවේ
    පෙර පෑ සිනා සේදී ගියා කදුළක් නිසා
    මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා
    හැමදාම මා..... ඔබගේ තමා.....

    සතුටක් හිතේ නැතිවත් මගේ
    පැතුමන් ලයේ තවමත් තිබේ
    හැමදේ දමා පියඹා ඔබේ තුරුල‍ට වෙලා
    සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
    නොදුරේ මා..... එනවා සොයා.....

    -Uresha Ravihari-
    11.gif
    :love:
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ඔබ දෙපසින් ගලා ගි‍යේ
    ඔබට හැඬූ කඳුලු නේද
    මලක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇ‍යි,,,,ගලක් කලේ ඇ‍යි,,,,

    මා හඬනා කඳුලු ගලා
    සැදුනු කඳුලු සාගරේ
    ඔබ ඇ‍ය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇ‍යි,,,,සිනාසුනේ ඇ‍යි,,,,
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද..
    නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද..

    ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
    ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
    යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
    ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

    ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද..
    එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද..

    ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
    ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
    යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
    ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

    හිත වැනෙනවද.. එක තැන නෑ වගෙද.. ලස්සන කොල්ලෝ ඉන්නවද..
    ඉන්නේ තනියෙන්ද.. කවුරුත් නෑ නේද.. තාම වෙනසක් නෑ නේද..

    පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ
    ඇල් වතුරත් මං නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ
    ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ
    අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ

    ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
    ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී
    යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
    ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    mage kandulu mata wadi naa simbinnata epa..
    ahasin taru kada wate hithannata epa..
    oya sandak vee ahasin watennata epa..
    oya sandak vee ahasin watennata epa....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
    හිත ළඟ පෙම් සිහිනවල ඉඳින්නේ ඔබම
    ඇස්දෙක හරි ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
    කඳුළු මතක අපේ සිහින කර හඬන්නේ තනිව

    දුර රැඳිලා කඳුළු දරන් මට හිඳින්න බෑ
    මා තනිවම විඳිනවා දුක් ඔයා දන්නෙ නෑ
    නාඳුනනා ලෙස හැරදා මට ඉන්නට බෑ
    කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ

    හිත දවනා මතක තියන් මට හිඳින්න බෑ
    රෑ තනවම හැඬුව තරම් ඔයා දන්නෙ නෑ
    මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නෙ නෑ
    කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ

    මගේ කියා ඈත් වෙලා ...........


    ගායනය :- අතුල අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    (සහෝදරවරුනි අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා
    මේ තහනම් දේශපාලනයට තිතක් තියන්නම් මං වගේ මිනිහෙක් දියවන්නාවෙ ඉන්න ම ඕන
    වකුගඩු හරි ඉල්ලන්න සහෝදර වරුනි ඒකත් ගලවල දෙන්නම්. අපි මහජනතාව වෙනුවෙන් ම
    කැපවෙච්ච මිනිස්සු. මුලු ගමටම කිරි උතුරනව.)

    අපි හරිම පුදුම ජාතියක්
    මුලු රටට ම ආලෝකයක්
    හද පතුළෙන් ම එන්නේ (ඔප්ප ගන්ගම් ස්ට්යිල්)
    අපි දේශානුරාගේ

    ඔය දණගාන මොට්ටු තියන
    චුට්ටි බට්ටි ‍පුංචි ඈයො
    උගුරට ලේ බෑ
    එයාල උඩ දාල උම්ම දීල
    චූටි මූණ මිරිකල
    ආදරේ කරන්නෙ අපි ඈ

    අර කලවැද්ද හිකනල්ලා
    බල්ල පූස මීය ඌර
    නරක වචන අපේ කටේ නෑ
    වෙඩි තියාගත්තු මරාගත්තු
    හන්දිගානෙ නටපු පිස්සු
    අනේ මට මතක නෑ

    අපි හරිම පුදුම ............ (චන්ගුමී)

    (ඔබතුමන්ලාගේ වටිනා කතිරය මටත් දාන්න
    ගෙදර මිනිහෙක් පත්කරගත්ත වගේ)

    අපි කිරල මැනල හොයල බලල
    ගණන් හදල තියෙන හින්ද
    රටට බරක් නෑ
    මුලු මාසෙට ම ෆැමිලි එකට
    දෙදහස් පන්සීයකට වැඩිය යන්නෙ නෑ

    ගස් බඳින්න බට කපන්න
    හන්දිගානෙ මරාගන්න
    නරක ළමයි අපි ඕවට නෑ
    වළන් බිඳල හෝන් ගහල
    පොළේ ගිහින් කොළ බෙදාල
    ගේම් දෙන්න ගැලවීමක් නෑ

    අපි හරිම පුදුම ............ (දම්සාරී)

    අපි කාසි වලට නෑ නැවෙන්නෙ
    වාසි පැත්ත නෑ බලන්නෙ
    කෙලින් ඉන්නෙ වහෙන් ඔරෝ නෑ
    අර දෑත ශක්තිමත් කරන්න
    රෑ .................... තිස්සෙ උදේ වෙද්දි
    ......... කඩේ යන්නෙ නෑ

    ඔය ඇමරිකාව යන නියාය
    ........ අප නොදන්නවාය
    එහෙත් වාසි ලබාගන්න බෑ
    වාසි ලබා ගන්න ඔබාමාව
    බබා වගේ තබාගන්න
    අපියි දන්නෙ වෙන කවුරුත් නෑ

    අපි හරිම පුදුම ............ (ඔප්පා ගන්ගම් ස්ටයිල්) (චන්ගුමී) (දම්සාරී)

    (අපි ඔක්කොම හෙට වෙද්දි උස්සයි ද මන්ද)


    ගායනය :- නුවන් හා කොලින්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සුසුමේ වෙලී උණුසුම් වෙවී
    වස්සාන‍යේ අප ලං වූ හැටි
    හිරිමල් හිතේ හීන‍යක් නොතේරේ
    හීන‍යක්ද ගීත‍යක්ද මේ ජීවිතේ

    ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටි
    එහි සැමරුම් රූ තම‍යි ජීවිතේ

    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
    දවසක්දා මල් වැස්සේ තෙමුණා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ රන් තෙලඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
    මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ


    නුඹේ නමින් සෑය බඳිමි මා දිව්රන්නේ
    මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහසින් ළංවෙලා ඔබ කී කතා
    සිහිනයකි මට මගේ නෙත් හඬවනා
    මතකයේ නැවතිලා සිත යලි පාරනා
    පෙර වගේ ළඟ නැතත් ඔබ මට සිහිවුණා
    ළඟ නැතත් ඔබ මට සිහිවුණා

    පාලුවේ සීතලේ ගෙවෙනවා මේ රැය
    මා සිතේ හැමවෙලේ උතුරලා ප්‍රේමය
    සුරකමී නුඹ නමින් කැපවී මා ළය
    ඔබෙ නමින් කැපවී මා ළය

    සෙනෙහසින් ළංවෙලා ..............

    ජීවිතේ මා පැතූ වසන්තය කෝ අද
    ඉරිතැලී මියැදිලා පෙම් කෙරූ හදවත
    මට මගේ සිත පවා දැන් අහිමී විය
    සිත පවා දැන් අහමී විය

    සෙනෙහසින් ළංවෙලා ..............


    ගායනය :- රුවන් ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සතුටින් නොවේ ඉන්නේ නුඹමයි හදේ ඉන්නේ
    රෑ අඳුර මගෙ කඳුල දන්නවා
    කඳුලැලි ගලා යන්නේ සිනහවක් නෑ දන්නේ
    මගෙ ජීවි‍තේ මියෙනවා
    මම දන්නවා සොඳුරේ නුඹෙ ආදරේ මිහිරේ
    නුඹ විඳින දුක් කඳුල දැනෙනවා
    අහිමි වූ ආද‍රයේ ආලෝකෙ වී අඳුරේ
    නුඹ එහි බලා ඉන්නවා

    මගෙ ම වරදින් වෙන්වී නුඹ දුරක ගියා දා
    සිතුවේ ම නෑ නංගෝ රතුවෙයි මගේ නෙත්
    මට වෛර නොකළේ ම සෙනෙහේ පුදලා ම
    දැකගන්න ආසයි ආදරේ පින්වන්ත ඔය නෙත් දෙකෙන්

    සඳ කුමරු අඳුරේය හිරු කුමරි නැතිනම්
    නුඹ නැතුව එළියක් කොහිදෝ මට නම්
    හිරු කුමරියක් වීලා මට ආදරේ දීල
    හිනහෙමු ද ආයෙත් ජීවිතේ ආදරය දෝතින් අරන්

    සතුටින් නොවේ ඉන්නේ .............


    ගායනය :- විජිත කුමාර ගුණතුංග
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ ඇස්පිය යට හමුවී
    අපි ‍සිත් සෙවනේ ගුලිවෙවී
    පිරුණේ උණුහුම දෙකොපුල් අතර තුරේමයි
    විඳි සෙනෙහස අහසට වැඩිය ප්‍රමාණයි

    ඔබ දුන්නු හිතින් සුවඳ විඳිම් සිලි සිලියේ
    සුළං පොදක් ගහක් කොළක්
    නොමැති ලෝකයේ කාන්තාරයේ
    මම ආද‍රයෙන් නිදි වැරුවේ
    ජීවිතයෙන් පලිගන්න නොවේ

    සඳ ඇස්පිය යට ................

    ඔබ යන්න ගියා සුවඳ අරන් හිටි හැටියේ
    ඇලත් දොළත් කඳුළු බිඳට
    කවටකම් කළේ කඳුළු සාගරේ
    මම ආද‍රයෙන් නිදි වැරුවේ
    ජීවිතයෙන් මියැදෙන්න නොවේ

    සඳ ඇස්පිය යට ................


    ගායනය :- රුක්මන් අසිත
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    787604217_1680898.gif


    මගේ කියා ඈත්වෙලා වේදනා දුන්න
    හිතලඟ පෙම් සිහිනවල හිදින්නේ ඔබම
    ඇස්දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන්නැතිවාට
    කදුලු මතක අපේ සිහිකර හඩන්නේ තනිව

    දුර රැදිලා කදුලු දරන් මට හිදින්න බෑ
    මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ
    නාදුනනා ලෙස හැරදා මට ඉන්න බෑ
    කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ

    හිතදවනා මතක තියන් මට හිදින්න බෑ
    රෑ තනිවම ඇඩුව තරම් ඔයා දන්නේ නෑ
    මේ දෑසට යලිකිසිදා ඔබ හමුවන්නේ නෑ
    කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ

    -Athula Adhikari-

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් තරහින් නේද ඔයා
    හඬලා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගෙ රත්ත‍රනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගෙ හුස්ම කවදත් ඔයා

    පොඩි දේටත් තරහ අරන්
    රන්ඬුවෙලා නොදරුවෙක් ලෙසින්
    ආයෙ ටිකෙන් වෙනස් වෙලා
    පෙරසේ ම උන්නත් ඉතින්
    කවදාවත් නෑ මගෙ සෙනෙහේ
    කිසිකෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ
    මං විතරයි දන්නේ

    තාමත් තරහින් ................

    හිත රිඳුනත් නෙතු තෙමුණත්
    අඩුවක් නෑ හිත උණන සෙනේ
    තරහ නොවී ඉමු මතුවත්
    මියෙන තුරා ආදරයෙන්
    කවදාවත් නෑ මගෙ සෙනෙහේ
    කිසිකෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ
    මං විතරයි දන්නේ

    තාමත් තරහින් ................


    ගායනය :- රොස් අලගියවන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හීන අහසේ තාරුකාවී
    නෙතු දැහැනේ කැල්මෙන් සිත බැඳේවී
    නුඹ දුටුදා මල් වරුසාවේ මා තෙමෙද්දී
    මේ සෙනෙහේ බැඳුණේ මා ප්‍රියේ

    නුඹෙ දෑස මානෙ පායලා
    මේ දෑස පුරා රුව රැන්ඳිලා
    සුසුමක් ගානෙ මට ළංවෙලා
    පවසන්න ආදරේ ඔයා

    මේ මල් පීදිලා දිලිසෙනා යාමේ
    මේ පපුතුරේ ඉන්නවා දෝ බැඳි ආදරෙන්
    රැකගන්නවා නම් හුස්ම තියෙනා තුරා මං
    නුඹ‍ මගේ දෝ මා නුඹේ දෝ දිවිතුරා කල්

    පෙම් අඹරේ පුරා නුඹෙ රූ යාවෙලා
    දෙව්ලිය සේම හිතගාව නුඹ රැන්ඳිලා
    මේ හදවත පුරා පෙම් සුව විඳිනදා
    පෙම් මකරන්දයේ මා මන්මත් වෙලා

    නුඹෙ දෑස මානෙ පායලා ............


    ගායනය :- Backlash
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම

    අලුත් වුණා දවසින් දවස
    ඔබෙන් ලබා මුළු ජීවිතය
    මට කියාගන්න බෑ ආදරේ තරම්
    ඔයා ගෙනත් දුන්න

    මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා
    පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා
    මටත් හොරා මගෙ හිත හදපු නිසා
    තුරුල් වුණා සතුටේ මල් පිපිලා

    අදත් මගේ හැම සුසුමක් පාසා
    මං ගැන කිවුවේ කොහොම ද මන්දා
    මටත් මගේ ලෝකය නුඹ හින්දා
    සුසුමක් ගානේ නුඹව ම දැනුනා

    මටත් වඩා මං ගැන හිතන ...............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිලිණි ප්‍රනාන්දු
     
    Status
    Not open for further replies.